ගීතාවලිය 143:4-10

ගීතාවලිය 143:4-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් මගේ ආත්මය මා තුළ මැලවී යන්නට විය; මගේ හදවත මා තුළ ත්‍රස්ත විය. ඉස්සර දවස් මට මතක ය; ඔබගේ සියලු වැඩ ගැන මම මෙනෙහි කරමි; ඔබගේ අත්වල වැඩ ගැන ආවර්ජන කරමි. ඔබට මම මගේ දෑත දිගු කරමි; කරවූ බිමක් සේ ඔබ ගැන මම පිපාසිත වෙමි. සෙලා වහා මට පිළිතුරු දෙන්න. අහෝ ස්වාමින්වහන්ස, මගේ ආත්මය මැලවී යයි. ඔබගේ මුහුණ මවෙතින් නො සැඟවුව මැනව; මා වළට බැස ගිය එකකු සේ නො වේවා. ඔබගේ නොමියෙන ප්‍රේමය ගැන උදෙන් ම මට අසන්නට ලැබේවා, මන්ද මම ඔබ තුළ විශ්වාසය තබමි. මා යා යුතු මග මට පෙන්නුව මැනව, මන්ද මගේ ජීවය මා ඔසවන්නේ ඔබට ය. මගේ සතුරන්ගෙන් මා මුදා ගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, සරණ පතා මා දුව ආවේ ඔබ වෙතට ය. ඔබගේ කැමැත්ත කරන්නට මට ඉගැන්නුව මැනව, මන්ද මගේ දෙවියන්වහන්සේ ඔබ ය; ඔබගේ යහපත් ආත්මයාණන් සමතලා බිමක මට මගපෙන්වාවා!

ගීතාවලිය 143:4-10 Sinhala Revised Old Version (SROV)

එබැවින් මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවේ; මාගේ සිත මා තුළෙහි සැනසීම් රහිතය. පුරාණ දවස් සිහිකරමි; ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි. මාගේ අත් ඔබ දෙසට දිගුකරමි. වියළි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ. ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි. ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව. සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි. ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.

ගීතාවලිය 143:4-10 Sinhala New Revised Version (NRSV)

එබැවින් ම සිත අඩපණ වී ඇත. මාගේ හද තුළ කිසි සැනසුමක් නැත. යටගිය දවස් මම සිහි කරමි; ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි; ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි. මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි; මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ. සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි. සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව. රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි. ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.

ගීතාවලිය 143:4-10 Sinhala New Revised Version 2018 (SNRV)