ගීතාවලිය 119:153-160 - Compare All Versions
ගීතාවලිය 119:153-160 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ දුක් පීඩා දෙස බලා මා මිදුව මැනවි; මන්ද මම ඔබගේ ව්‍යවස්ථාව අමතක නො කළෙමි. මා වෙනුවෙන් පෙනී සිට, මුදා ගත මැනව, ඔබගේ පොරොන්දුව ලෙස මා ගැලෙවුව මැනව. ගැලවීම, දුෂ්ටයින්ගෙන් දුරස්ථ ය; මන්ද ඔවුහු ඔබගේ නියෝග නො සලකති. ඔබගේ දයාව ඉමහත් ය, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ලෙස මට ජීවනය දුන මැනව. මට පීඩා කරන්නන් හා මට සතුරු වූවන් බොහෝ ය; එහෙත් ඔබගේ පනත් වෙතින් මා ඉවත හැරුණේ නැත. අවිශ්වාසිකයින් දෙස මා බලන්නේ පිළිකුලෙනි; මන්ද ඔවුන් ඔබගේ වචනයට අවනත නැත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශික්ෂාවනට මා කොතරම් ප්‍රේම කරම්දැයි කල්පනාවට ගත මැනව; ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුව, මට ජීවනය දුන මැනව. ඔබගේ සියලු වචන සත්‍යය ය; ඔබගේ සෑම දමිටු නියමයක් ම සදාතනික ය.
ගීතාවලිය 119:153-160 SROV (Sinhala Revised Old Version)
මාගේ විපත්තිය බලා මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව සිහිනැති නොකරමි. මාගේ යුක්තිය කියා මා මිදුව මැනව; ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව. ගැළවීම දුෂ්ටයන්ගෙන් දුරය; මක්නිසාද ඔව්හු ඔබගේ පනත් නොසොයති. ස්වාමිනි, ඔබගේ අනුකම්පා මහත්ය. ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව. මට පීඩාකරන්නෝද මාගේ එදිරිකාරයෝද බොහෝය; එහෙත් මම ඔබගේ ශික්ෂාවලින් ඉවත නොගියෙමි. මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි; මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති. ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනාකළ මැනව. ස්වාමිනි, ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මා ප්‍රාණවත්කළ මැනව. ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය; ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවත්නේය.
ගීතාවලිය 119:153-160 NRSV (Sinhala New Revised Version)
මාගේ දුක බලා මා ගැළෙවුව මැනව. ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකෙළෙමි. මාගේ නඩුව අසා මා මිදුව මැනව; ඔබේ පොරොන්දුව ලෙස මට නව දිවියක් දුන මැනව. දුදනන් හට ගැළවීමක් නැත; ඔව්හු ඔබේ පණත් නොසලකති. සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව. මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය. එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි. ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති. ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව. සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව. ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.
ගීතාවලිය 119:153-160 SNRV (Sinhala New Revised Version 2018)
මාගේ දුක බලා මා ගැළෙවුව මැනව. ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකෙළෙමි. මාගේ නඩුව අසා මා මිදුව මැනව; ඔබේ පොරොන්දුව ලෙස මට නව දිවියක් දුන මැනව. දුදනන් හට ගැළවීමක් නැත; ඔව්හු ඔබේ පනත් නොසලකති. සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව. මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය. එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි. ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති. ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව. සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව. ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.
ගීතාවලිය 119:153-160 NIV (New International Version)
Look on my suffering and deliver me, for I have not forgotten your law. Defend my cause and redeem me; preserve my life according to your promise. Salvation is far from the wicked, for they do not seek out your decrees. Your compassion, LORD, is great; preserve my life according to your laws. Many are the foes who persecute me, but I have not turned from your statutes. I look on the faithless with loathing, for they do not obey your word. See how I love your precepts; preserve my life, LORD, in accordance with your love. All your words are true; all your righteous laws are eternal.