ගීතාවලිය 105:1-6
ගීතාවලිය 105:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න, උන්වහන්සේගේ නාමයෙන් අයදින්න; උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න. උන්වහන්සේට ගී ගයන්න, උන්වහන්සේට පැසසුම් ගී ගයන්න; උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්‍රියා ගැන පවසන්න. උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න; ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා! ස්වාමින්වහන්සේ ද උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න; නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න. උන්වහන්සේ ඉටු කළ ආශ්චර්යයන් ද උන්වහන්සේ සිදු කළ හාස්කම් ද උන්වහන්සේ ප්‍රකාශ කළ විනිශ්චයන් ද මතකයේ තබා ගන්න, උන්වහන්සේගේ සේවක, එම්බා ආබ්‍රහම් වංශිකයිනි, උන්වහන්සේගේ තෝරා ගත්තවුන් වන යාකොබ්ගේ පුත්‍රයිනි.
ගීතාවලිය 105:1-6 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ස්තුතිකරව්. උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්. උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්. උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත්වේවා. ස්වාමීන් හා උන්වහන්සේගේ ශක්තිය සොයව්; උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්. උන්වහන්සේගේ මෙහෙකරුවූ ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙනි, උන්වහන්සේ විසින් තෝරාගත්තවුන් වන යාකොබ්ගේ දරුවෙනි, උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහිකරව්.
ගීතාවලිය 105:1-6 Sinhala New Revised Version (NRSV)
සමිඳුන්ට තුති පුදන්න, එතුමන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න. එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා! සමිඳාණන් ද එතුමන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න. එතුමන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
ගීතාවලිය 105:1-6 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේට තුති පුදන්න, එතුමාණන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමාණන්ගේ ක්‍රියා පළ කරන්න. එතුමාණන්ට ගී ගයන්න; එතුමාණන්ට පසස් ගී ගයන්න; එතුමාණන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. එතුමාණන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා! සමිඳාණන් ද එතුමාණන්ගේ බලය ද සොයා බලන්න; එතුමාණන් හමුව නිතර ම සොයන්න. එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
ගීතාවලිය 105:1-6 New International Version (NIV)
Give praise to the LORD, proclaim his name; make known among the nations what he has done. Sing to him, sing praise to him; tell of all his wonderful acts. Glory in his holy name; let the hearts of those who seek the LORD rejoice. Look to the LORD and his strength; seek his face always. Remember the wonders he has done, his miracles, and the judgments he pronounced, you his servants, the descendants of Abraham, his chosen ones, the children of Jacob.