ගීතාවලිය 103:19-21 - Compare All Versions

ගීතාවලිය 103:19-21 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ තම සිංහාසනය, ස්වර්ගයේ පිහිටූ සේක, උන්වහන්සේගේ රාජ්‍යය සැමට ඉහළින් රජකම් කරයි. ස්වාමින්වහන්සේ පසසන්න, උන්වහන්සේගේ දේව දූතයිනි, උන්වහන්සේගේ වචනය ඉටු කරන, උන්වහන්සේ පවසන වචනයට කීකරු වන බලවන්තයිනි; ස්වාමින්වහන්සේ පසසන්න, උන්වහන්සේගේ අහස් සේනා සියල්ලෙනි; උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන උන්වහන්සේගේ සේවකයිනි

බෙදාගන්න
ගීතාවලිය 103 SCV

ගීතාවලිය 103:19-21 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුසේක; උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි. උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ සේනා සියල්ලෙනි එනම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.

බෙදාගන්න
ගීතාවලිය 103 SROV

ගීතාවලිය 103:19-21 NRSV (Sinhala New Revised Version)

සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක. එතුමන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි. සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමන්ගේ වචනයට සවන් දෙන, එතුමන්ගේ බලවන්ත දූතයෙනි, එතුමන් පසසන්න. සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.

බෙදාගන්න
ගීතාවලිය 103 NRSV

ගීතාවලිය 103:19-21 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක. එතුමාණන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි. සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමාණන්ගේ වචනයට සවන් දෙන, එතුමාණන්ගේ බලවන්ත දූතයෙනි, එතුමාණෝ පසසන්න. සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමාණන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.

බෙදාගන්න
ගීතාවලිය 103 SNRV

ගීතාවලිය 103:19-21 NIV (New International Version)

The LORD has established his throne in heaven, and his kingdom rules over all. Praise the LORD, you his angels, you mighty ones who do his bidding, who obey his word. Praise the LORD, all his heavenly hosts, you his servants who do his will.

බෙදාගන්න
ගීතාවලිය 103 NIV