හිතෝපදේශ 30:21-23
හිතෝපදේශ 30:21-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දේවල් තුනක් යටතේ පොළොව සසල වේ; ඊට දරන්නට බැරි දේවල් සතරකි: ඒවා නම් සේවකයෙක් රජකු බවට පත්වීම, අඥානයකුට ආහාර බහුල වීම, පෙම් විරහිත කාන්තාවක් විවාහ වීම හා දාසියක් තම ස්වාමිදුවගේ තැන ගැනීම ය.
බෙදාගන්න
හිතෝපදේශ 30 කියවන්නහිතෝපදේශ 30:21-23 Sinhala Revised Old Version (SROV)
කාරණා තුනකට පොළොව චංචල වෙයි, ඊට දරන්ට බැරි සතරක්ද තිබේ. එනම්, රජබවට පැමිණෙන සේවකයෙක්ය; කෑමෙන් තෘප්තියට පැමිණියාවූ මෝඩයෙක්ය; ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.
බෙදාගන්න
හිතෝපදේශ 30 කියවන්නහිතෝපදේශ 30:21-23 Sinhala New Revised Version (NRSV)
මහ පොළොව කම්පා කරවන, ඊට ඉසිලිය නොහැකි කරුණු තුන සතරක් ඇත. එනම්, සේවකයෙකු රජ වීම ද මෝඩයෙකුට කෑම බීම බහුල වීම ද පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.
බෙදාගන්න
හිතෝපදේශ 30 කියවන්න