හිතෝපදේශ 27:9-17

හිතෝපදේශ 27:9-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සුවඳ විලවුන් හා සුවඳ දුම් හදවතට ප්‍රීතියකි; මිතුරකුගේ ප්‍රිය මනාපය ඉස්මතු වන්නේ ළබැඳි උපදෙසින් ය. ඔබේ මිතුරා ද ඔබේ පියාගේ මිතුරා ද අත් නාරින්න; ඔබේ විපත්තියේදී ඔබේ සහෝදරයාගේ නිවසට නො යන්න. දුර ඈත සිටින සහෝදරයකුට වඩා ළඟ සිටින අසල්වැසියා අගේ ය. මා පුත, ප්‍රඥාවත් ව මගේ හදවත ප්‍රීතිමත් කරන්න; එවිට අවඥාවෙන් මට සලකන අයට නිසි පිළිතුරු දෙන්නට මට පුළුවන. නුවණක්කාරයා අනතුර දැක, රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා, දුක් කරදර විඳවයි. නො දන්නා කෙනකුට ඇපවන්නකුගේ සළුව ගන්න; වෙසඟනක් සඳහා ඔහු එය කරන්නේ නම්, එය ඇපයක් වශයෙන් තබා ගන්න. යමෙක් අරුණ උදයෙන් නැගිට මහ හඬ නගා තම අසල්වැසියාට ආශිර්වාද කරන්නේ නම්, එය ඔහුට ශාපයක් කොට ගණන් ගැනේ. දබරයට බර බිරිඳ, වැසි දවසක නො නැවතී හැලෙන පොද වැස්ස වැන්න. ඇය මැඩපැවැත්විය හැකි නම්, සුළඟ ද මැඩපැවැත්විය හැකි ය; තෙල් අහුරක් අතින් ගත හැකි ය. යකඩින් යකඩ මුවහත් වන සේ, මිනිසෙක් තවත් මිනිසකු මුවහත් කරයි.

හිතෝපදේශ 27:9-17 Sinhala Revised Old Version (SROV)

විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීතිකරන්නේය; එසේම යමෙකුගේ මිත්‍රයාගේ හිතේසි මන්ත්‍රණයෙන් ලැබෙන මිහිරිකමද සිත ප්‍රීතිකරයි. නුඹේම මිත්‍රයාද නුඹේ පියාගේ මිත්‍රයාද අත් නොහරින්න; නුඹේ විපත්ති දවසේදී නුඹේ සහෝදරයාගේ ගෙට නොයන්න; ළඟ සිටින අසල්වාසියෙක් දුර සිටින සහෝදරයෙකුට වඩා හොඳය. මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න. නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි; අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති. අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න. අන් ස්ත්‍රියෙකුට ඇපවෙන්නාගෙන්ද උකසක් ගන්න. අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය. තද වර්ෂා දවසක නොකඩව වතුර බින්දු වැටීමක්ද ඩබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය. ඈ නවත්වන්ට හදන්නා හුළඟ නවත්වන්නේය. ඔහුගේ දකුණතින් තෙල් අල්ලාගන්නේය. යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.

හිතෝපදේශ 27:9-17 Sinhala New Revised Version (NRSV)

සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි; හිරිහැර, කරදර සිත දෙදරවයි. ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න. විපතේ දී නෑයින් වෙත නොයන්න. ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය. මාගේ පුත්‍රය, මට ගරහන අයට උත්තර දෙන පිණිස නැණවත් ව ම සිතට සතුට දෙන්න. නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි; අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි. අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න, එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න. ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය. කලහකාරී කතගේ කන්දොස්කිරියාව නොනැවතී වසින වැස්සක් වැන්න. ඇය නැවැත්වීමට තැත් කිරීම සුළඟ අල්ලාගැනීම වැනි ය. තෙල් අහුරක් ගැනීම වැනි ය. යකඩින් යකඩ මුවහත් වෙයි; එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි.

හිතෝපදේශ 27:9-17 Sinhala New Revised Version 2018 (SNRV)