හිතෝපදේශ 22:3-7
හිතෝපදේශ 22:3-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නුවණක්කාරයා අනතුර දැක රැකවරණයක් ලබයි; එහෙත් අනුවණයා ඊට මුහුණ පා දුක් කරදර විඳවයි. නිහතමානීත්වය හා ස්වාමින්වහන්සේට භයවීමේ ඉටු විපාකය ධන සම්පත් ද ගරු බුහුමන් ද ජීවනය ද වේ. දුෂ්ටයින්ගේ මාවත්වල කටු ගස් ද මර උගුල් ද වේ; එහෙත් තමා ගැන පරෙස්සම්වන්නා ඒවායින් ඈත් ව සිටී. දරුවකු ඔහු යා යුතු මාර්ගයෙහි පුහුණු කරන්න; එවිට මහලු වියේදීත්, ඔහු ඉන් ඉවත් ව නො යයි. පොහොසත්තු, දුප්පතුන් ආණ්ඩු කරති; ණයට ගන්නා, ණයට දෙන්නාගේ සේවකයින් බවට පත් වෙති.
හිතෝපදේශ 22:3-7 Sinhala Revised Old Version (SROV)
නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති. යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය. කටුගස්ද මලපත්ද වංක අයගේ මාර්ගයෙහි ඇත; තමාගේ ප්රාණය ආරක්ෂාකරගන්නා ඒවායින් දුරව සිටියි. දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය. වස්තුකාරයා දිළිඳුන් කෙරෙහි ආණ්ඩුකරන්නේය, ණයගන්නා ණයදෙන්නාට මෙහෙකරුවෙක්ය.
හිතෝපදේශ 22:3-7 Sinhala New Revised Version (NRSV)
නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි. යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත. වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි. දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි. පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති; ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.
හිතෝපදේශ 22:3-7 Sinhala New Revised Version 2018 (SNRV)
නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි. යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත. වංක අයගේ මාවතෙහි කටු පඳුරු හා මලපත් ඇත; සිය දිවිය ගැන සලකන්නා ඒවායෙන් දුරු ව සිටියි. දරුවා බාල වියේ දී ම යහ මඟ යවන්න, එවිට ඔහු මහලු වියේදීත් ඉන් ඉවත් ව නොයයි. පොහොසත්තු දිළිඳුන් කෙරෙහි බල පාති; ණය ගන්නෝ ණය දෙන්නාට වහල් වෙති.
හිතෝපදේශ 22:3-7 New International Version (NIV)
The prudent see danger and take refuge, but the simple keep going and pay the penalty. Humility is the fear of the LORD; its wages are riches and honor and life. In the paths of the wicked are snares and pitfalls, but those who would preserve their life stay far from them. Start children off on the way they should go, and even when they are old they will not turn from it. The rich rule over the poor, and the borrower is slave to the lender.
