හිතෝපදේශ 2:12-15
හිතෝපදේශ 2:12-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුෂ්ට මාර්ගයෙන්, අගතිගාමී ව කතා කරන මිනිසුන්ගෙන් ප්රඥාව ඔබ ගලවා ගනී. අන්ධකාර මාර්ගවල ගමන් කරන පිණිස, ඔවුහු සෘජු මාවත්වලින් බැහැර වූවෝ ය. වැරදි කිරීමෙන් ප්රමෝදවත් වන ඔවුහු දුෂ්ටකමේ අගතියෙහි ප්රීති වන්නෝ ය. ඔවුන්ගේ මාවත් ඇද ය; ඔවුන්ගේ ක්රියා මාර්ග ද වංක ය.
හිතෝපදේශ 2:12-15 Sinhala Revised Old Version (SROV)
නපුරාගේ මාර්ගයෙන්ද ප්රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගළවන්නේය. ඔව්හු අන්ධකාරයේ මාර්ගවල යන පිණිස අවංක මාවත් අත්හරිති; ඔව්හු නපුර කිරීමට සන්තෝෂවී, නපුරුකමේ ප්රයෝගවලට ප්රීතිමත්වෙති. ඔව්හු තමුන්ගේ මාර්ගවල වංකව තමුන්ගේ මාවත්වල ඇදව සිටිති.
හිතෝපදේශ 2:12-15 Sinhala New Revised Version (NRSV)
එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි; අන්ධකාර මාර්ගවල යන පිණිස, අවංක මාවත් හැර දමන්නන්ගෙන් ඔබ මුදාගනියි. ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය; ඔවුන්ගේ ප්රීතිය දුෂ්ට උපායවලට ය; ඔවුන්ගේ ක්රියා වංක ය; ඔවුන්ගේ මාවත් ඇද ය.
හිතෝපදේශ 2:12-15 Sinhala New Revised Version 2018 (SNRV)
එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි; අන්ධකාර මාර්ගවල යන පිණිස, අවංක මාවත් හැර දමන්නන්ගෙන් ඔබ මුදාගනියි. ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය; ඔවුන්ගේ ප්රීතිය දුෂ්ට උපායවලට ය; ඔවුන්ගේ ක්රියා වංක ය; ඔවුන්ගේ මාවත් ඇද ය.
හිතෝපදේශ 2:12-15 New International Version (NIV)
Wisdom will save you from the ways of wicked men, from men whose words are perverse, who have left the straight paths to walk in dark ways, who delight in doing wrong and rejoice in the perverseness of evil, whose paths are crooked and who are devious in their ways.