හිතෝපදේශ 19:20-27

හිතෝපදේශ 19:20-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අවවාදයට සවන් දී ගුරු-හරුකම පිළිගන්න; එවිට අනාගතය සඳහා ඔබ ප්‍රඥාව අත්කර ගනී. මිනිසාගේ හදවතේ සැලසුම් බොහෝ ය; එහෙත් සඵලවත් වන්නේ, ස්වාමින්වහන්සේගේ අරමුණ ය. මිනිසකුගේ දැඩි ආශාව නොමියෙන ප්‍රේමයයි; බොරුකාරයකු වනවාට වඩා දුප්පත්කම හොඳ ය. ස්වාමින්වහන්සේට භයවීම ජීවනයට මග පෙන්වයි; එහි පිහිටන්නා සෑහීම ඇතුව විශ්‍රාම ලබන්නේ ය, විපත්තිය ඔහුට ළං නො වේ. අලසයා කෑම පිඟානට අත දමන නමුත් යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි. සමච්චල්කරන්නාට තලන්න, එවිට අඥානයා සිහි නුවණ ලබනු ඇත; බුද්ධිමතාට තරවටු කරන්න, එවිට ඔහු දැනගැන්ම ලබනු ඇත. තම පියාට සැහැසිකම් කරන, තම මව පන්නා දමන පුත්‍රයා, ලජ්ජාවත්, නින්දාවත් ගෙනෙයි. අවවාදයට කන්දීම නවතන්න මා පුත, එවිට දැනගැන්මේ වචනයෙන් ඔබ දුරු වී සිටිනු ඇත.

හිතෝපදේශ 19:20-27 Sinhala Revised Old Version (SROV)

නුඹේ මතු කාලයෙහි නුඹ ප්‍රඥාවන්තව සිටින පිණිස මන්ත්‍රණය අසා ගුරුකම පිළිගන්න. මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය. මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ජීවනයට පමුණුවයි; එය ඇත්තා තෘප්තියට පැමිණ, විපතට අසු නොවී සිටියි. අලසයා තමාගේ අත තළියේ දමන නුමුත්, ඒක නැවත තමාගේ කටට ගන්නේවත් නැත. නින්දාකරන්නාට තළන්න, එවිට අනුවණයා නැණවත් වේ; තේරුම් ඇත්තාට අවවාදකරන්න, එවිට ඔහු දැනගැන්ම තේරුම්ගනියි. තමාගේ පියාගෙන් කොල්ලකමින් තමාගේ මවු පන්නාදමන්නා ලජ්ජා උපදවන්නාවූ, නින්දා පමුණුවන්නාවූ පුත්‍රයෙක්ය. මාගේ පුත්‍රය, දැනගැනීමේ වචන කෙරෙන් මුළාකරවන ගුරුකම නොඅසා එයින් වලකින්න.

හිතෝපදේශ 19:20-27 Sinhala New Revised Version (NRSV)

අවවාදයට සවන් දී උපදෙස් පිළිගන්න; එවිට ඔබ මතු දවස නැණවතෙක් වන්නෙහි ය. මිනිසා සිතින් බොහෝ දේ අරමුණු කරයි; එහෙත් ස්ථිරවන්නේ සමිඳුන්ගේ අරමුණ ය. මිනිසෙකුගේ පැතුම විය යුත්තේ දයා කරුණාව ය; දිළිඳුකම වංකකමට වඩා යෙහෙකි. සමිඳුන්ට ගරුබිය, ජීවනයේ මඟ ය; ඒ මඟ යන මිනිසා විපතින් දුරු ව තෘප්තියට පැමිණෙයි. අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි, එහෙත් එය කටට ගන්න පවා කම්මැළි ය. උඩඟු මිනිසාට තළන්න, අනුවණයා නැණවත් වන්නේ එවිට ය. තේරුම් ඇත්තාට ඔවා බස් දෙන්න, ඔහු දැනුම ලබන්නේ එවිට ය. පියාට ගරහන, මව ගෙදරින් පිටමං කරන පුතා, හිරිඔතප් නැති, නින්දිත කෙනෙකි. අවවාදයට සවන් නොදෙන පුතා, ප්‍රඥාවේ වචනයට පිටුපා යනු නියත ය.

හිතෝපදේශ 19:20-27 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 19:20-27 SROV