හිතෝපදේශ 18:10-12
හිතෝපදේශ 18:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ නාමය ප්‍රබල බළකොටුවකි; ධර්මිෂ්ඨ ජනයා එහි දුව යති, එහි ඔවුන් සුරක්ෂිත ය. ධනවතාට තම ධනය බළකොටු පුරවරයකි; ඔහු සිතන්නේ එය උස් පවුරක් කියා ය. වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි; ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ.
හිතෝපදේශ 18:10-12 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි. පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ, විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
හිතෝපදේශ 18:10-12 Sinhala New Revised Version (NRSV)
සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති. පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි. විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.
හිතෝපදේශ 18:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති. පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි. විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.
හිතෝපදේශ 18:10-12 New International Version (NIV)
The name of the LORD is a fortified tower; the righteous run to it and are safe. The wealth of the rich is their fortified city; they imagine it a wall too high to scale. Before a downfall the heart is haughty, but humility comes before honor.