හිතෝපදේශ 18:10-12 - Compare All Versions

හිතෝපදේශ 18:10-12 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේගේ නාමය ප්‍රබල බළකොටුවකි; ධර්මිෂ්ඨ ජනයා එහි දුව යති, එහි ඔවුන් සුරක්ෂිත ය. ධනවතාට තම ධනය බළකොටු පුරවරයකි; ඔහු සිතන්නේ එය උස් පවුරක් කියා ය. වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි; ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ.

බෙදාගන්න
හිතෝපදේශ 18 SCV

හිතෝපදේශ 18:10-12 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි. පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ, විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.

බෙදාගන්න
හිතෝපදේශ 18 SROV

හිතෝපදේශ 18:10-12 NRSV (Sinhala New Revised Version)

සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති. පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි. විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 18 NRSV

හිතෝපදේශ 18:10-12 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති. පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි. විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 18 SNRV

හිතෝපදේශ 18:10-12 NIV (New International Version)

The name of the LORD is a fortified tower; the righteous run to it and are safe. The wealth of the rich is their fortified city; they imagine it a wall too high to scale. Before a downfall the heart is haughty, but humility comes before honor.

බෙදාගන්න
හිතෝපදේශ 18 NIV