හිතෝපදේශ 17:1-14
හිතෝපදේශ 17:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සණ්ඩු-දබර සමඟ සාද පවත්වන නිවසකට වඩා සාමය සමඟියෙන් යුතු ව වියළි රොටි කැබැල්ලක් හොඳ ය. නැණවත් සේවකයා නින්දා සහගත පුතකු පාලනය කරයි; සහෝදරයින් අතරේ බෙදෙන උරුමයට ද පංගුකරුවකු වෙයි. රිදී පවිත්‍ර කිරීමට කෝව ද රත්රන්වලට උදුන ද වේ; එහෙත් හදවත සෝදිසි කරන්නේ ස්වාමින්වහන්සේ ය. දුෂ්ට මිනිසා නපුරු තොලින් එන කතාවට සවන් දෙයි; බොරුකාරයා කුඩුකේඩු දිව පවසන දෑට කන් දෙයි. දුප්පතුනට සමච්චල්කරන්නා, ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට අවඥා කරයි; අනුන්ගේ විපත්තියකදී සතුටුවන්නා, දඬුවම් නො ලැබ නො සිටී. වයස්ගතවූවන්ගේ ඔටුන්න දරුවන්ගේ දරුවන් ය; දරුවන්ගේ අභිමානය ඔවුන්ගේ පියවරු ය. ව්‍යක්ත කතාව අඥානයකුට ගැළපෙන්නේ නැත; බොරුකාර තොල් පාලකයකුට කොතරම් නො ගැළපේ ද? අල්ලසක් දෙන්නාට එය වශීකරණයක් මෙන් පෙනෙයි; හැරෙන හැරෙන අත ඔහු සඵල වෙයි. වරදක් වසා දමන්නා ප්‍රේමය වඩවයි; එහෙත් කාරණයක් යළි මතුකරන්නා මිත්‍රත්වය බිඳියි. අඥානයකුට පහර සියයකට වඩා බුද්ධිමතකුට එක තරවටුව කා වදින්නේ ය. දුෂ්ට මිනිසා කැරලිකාරකමට ම නැඹුරු ය; එබැවින් ඔහුට එරෙහිව දයා විරහිත නිලධාරියකු යැවේ. මෝඩකම් කරන අඥානයකුට මුහුණ දෙනවාට වඩා, පැටවුන් අහිමි වුණ වැලහින්නකට මුහුණ පෑම, හොඳ ය. කළ හොඳට, යමෙක් නපුරෙන් ප්‍රතික්‍රියා කරයි නම්, කිසි කලෙක නපුර ඔහුගේ ගෙදරින් පිට වී නො යයි. ගැටුමක් ඇරඹීම වේල්ලක බිඳුමක් ඇති කරනවා වැන්න; එබැවින් ආරවුල හටගන්නට පෙර එය අත්හැර දමන්න.
හිතෝපදේශ 17:1-14 Sinhala Revised Old Version (SROV)
තරඟ ඇත්තාවූ, මංගල භෝජනවලින් පිරී තිබෙන ගෙයකට වඩා සමාදානය ඇතුව වියළි රොටි කෑල්ලක් හොඳය. නුවණින් හැසිරෙන මෙහෙකරුවෙක් ලජ්ජාව උපදවන පුත්‍රයෙකු කෙරෙහි ආණ්ඩුකරයි, සහෝදරයන් අතරේද ඔහු උරුමය බෙදාගනියි. රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය. නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි. දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි. මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය; දරුවන්ගේ පාරට්ටුව ඔවුන්ගේ පියවරුය. උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය. තෑග්ගක් ලබන්නාට එය මැණිකක් මෙන් පෙනේ; එය කොයි අතට හැරෙතත් සඵලවේ. වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය. අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය. කැරළිකාරයා නපුර පමණක් සොයන්නේය; එබැවින් ඔහුට විරුද්ධව කෲර පණිවිඩකාරයෙක් යවනු ලැබේ. අඥානයෙකු තමාගේ මෝඩකමේදී සම්බවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සම්බවීම හොඳය. යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය. ඩබරය පටන්ගැන්ම වක්කඩක් අරින්නාක්මෙන්ය; එබැවින් තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.
හිතෝපදේශ 17:1-14 Sinhala New Revised Version (NRSV)
අඬදබර ඇති ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා සාමදානයෙන් වියළි පාන් කෑල්ලක් කෑම හොඳ ය. නාස්තිකාර පුතෙකු සිටින තැන සිහි නුවණ ඇති දාසයා පාලකයා වෙයි. සොහොයුරන් අතර උරුමයෙන් කොටසක් ද ඔහු ලබයි. රිදී සෝදිසි කර බැලීමට කෝවය ද රන් සෝදිසි කර බැලීමට උදුන ද ඇත; මිනිස් සිත සෝදිසි කර බැලීම සමිඳුන් අතේ ය. නපුරා නපුරු කතාවලට කන් දෙයි; බොරුකාරයා බොරු වදනට සවන් දෙයි. දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි. අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය. මහලු වියේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝ ය. දරුවන්ගේ පාරට්ටුව නම් ඔවුන්ගේ පියවරු ය. හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි; හොරබොරු කතාව උතුමෙකුට ඊටත් වඩා නොගැළපෙයි. සමහරු අල්ලස සිතුමිණකැ යි සිතති; හැරෙන හැරෙන අතට ඔහුට වාසනාව ඇතැ යි කල්පනා කරති. අනුන් කළ වරද සිතට නොගන්නා මිතුදම දියුණු කරයි; එය මතු කර කර බලන්නා මිතුදම බිඳදමයි. අනුවණයාට පහර සියයකට වඩා, නුවණැතියාට එක අවවාදයක් වැඩදායක වෙයි. නපුරාගේ එක ම අරමුණ කැරලි ගැසීම ය; එබැවින් ඔහු වෙත නපුරු දූතයෙකු එනු නියත ය. මෝඩ දෙයක් කරන මෝඩයෙකු හමු වීමට වඩා, පැටවුන් නැති වුණු වැලහින්නකට මුහුණ පෑම යහපත. කළ හොඳට නරකක් කරන මිනිසාගේ නිවසින් විපත පහ ව යන දවසක් එන්නේ ම නැත. නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.
හිතෝපදේශ 17:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 17:1-14 New International Version (NIV)
Better a dry crust with peace and quiet than a house full of feasting, with strife. A prudent servant will rule over a disgraceful son and will share the inheritance as one of the family. The crucible for silver and the furnace for gold, but the LORD tests the heart. A wicked person listens to deceitful lips; a liar pays attention to a destructive tongue. Whoever mocks the poor shows contempt for their Maker; whoever gloats over disaster will not go unpunished. Children’s children are a crown to the aged, and parents are the pride of their children. Eloquent lips are unsuited to a godless fool— how much worse lying lips to a ruler! A bribe is seen as a charm by the one who gives it; they think success will come at every turn. Whoever would foster love covers over an offense, but whoever repeats the matter separates close friends. A rebuke impresses a discerning person more than a hundred lashes a fool. Evildoers foster rebellion against God; the messenger of death will be sent against them. Better to meet a bear robbed of her cubs than a fool bent on folly. Evil will never leave the house of one who pays back evil for good. Starting a quarrel is like breaching a dam; so drop the matter before a dispute breaks out.