හිතෝපදේශ 16:18-33
හිතෝපදේශ 16:18-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)
විනාශයට පෙරටුවෙන් උඩඟුව ගමන් ගනී; වැටීමට පෙරටුවෙන් මහ අහංකාරයකි. පීඩිතවූවන් අතරේ යටහත් ව සිටීම, උඩඟුවූවන් සමඟ කොල්ලය බෙදා ගන්නවාට වඩා හොඳ ය. වචනය සලකන්නා සමෘද්ධ වෙයි; ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා භාග්‍යවත් ය. හදවතින් ප්‍රඥාවත්හු බුද්ධිමතුන් යයි අමතනු ලබති; ප්‍රිය වදනින් කෙනකුට ඉගෙනීම එකතු කරනු ලබයි. වැටහීම ඇත්තනට එය ජීවනයේ උල්පතකි; එහෙත් මෝඩකම අඥානයාට දඬුවම් ගෙනේ. නැණවත් මිනිසාගේ හදවත, ඔහුගේ මුඛයට මග පෙන්වමින්, ඔහුගේ තොල් අතරින් පැවසෙන දැයින් ඉගෙනීම එකතු කරනු ලබයි. කරුණාවන්ත වචන මී වදයකි, එය සිතට මිහිරකි; ගතට සුවයකි. මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි. කම්කරුවා වැඩ කරවන්නේ ඔහුගේ ආහාර රුචියයි; ඔහුගේ කුසගින්න වැඩට ඔහු පොලඹවයි. අධමයා දුෂ්ට සැලසුම් යොදයි; ඔහුගේ කතාව ඇවිළෙන ගින්දර ය. අගතිගාමී මිනිසා වාද භේද අවුස්සයි; කේලමා ළබැඳි මිතුරන් වෙන් කරයි. සැහැසි මිනිසා, තම අසල්වැසියා පොලඹවා, නො හොඳ මාවත්වල ඔහු ගෙන යයි. ඇසින් ඉඟිකරන්නා, අගතිය සැලසුම් කරයි; තම තොල් පෙරළන්නා, නපුරකට සූදානම් වෙයි. පැසුණු හිසකේ ගෞරවයේ ඔටුන්නකි; එය අත්කර ගන්නේ, ධර්මිෂ්ඨ ජීවිත පැවැත්මකිනි. ඉවසිලිවන්තයා, රණවිරුවකුට වඩා අගේ ය; ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය. තීරණයක් ගැනීමට පස ඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එහි හැම තීරණය පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.
හිතෝපදේශ 16:18-33 Sinhala Revised Old Version (SROV)
විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි. උදාරම් අය සමඟ කොල්ලයක් බෙදාගැනීමට වඩා දිළිඳු අය සමඟ යටත් සිතක් ඇතුව සිටීම හොඳය. දේව වචනය සලකන්නාට ශුභසිද්ධ වන්නේය; ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නාද වාසනාවන්තයෙක්ය. සිතින් ප්‍රඥාවත් අය බුද්ධිමත් කෙනෙකැයි කියනු ලබන්නේය; තොල්වල මිහිරිකමින්ද ඉගෙනගැන්ම වැඩිවේ. නුවණ ඇත්තාට ඒක ජීවන උල්පතක්ය; එහෙත් අඥානයන්ගේ ගුරුකම මෝඩකමය. ඥානවන්තයාගේ සිත ඔහුගේ මුඛයට උගන්වා, ඔහුගේ තොල්වලට ඉගෙනගැන්ම එකතුකරයි. ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය. මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය. වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි; මක්නිසාද ඔහුගේ කට ඔහු පොළඹවයි. දුර්ජන මනුෂ්‍යයා නපුරු උපා යොදයි; ඔහුගේ තොල්වල ඇවිළෙන ගිනිවැන්නක් තිබේ. ප්‍රයෝගකාර මනුෂ්‍යයා තරඟ පතුරුවන්නේය; කේලාම්කියන්නාද හිතමිත්‍රයන් වෙන්කරන්නේය. බලාත්කාර මනුෂ්‍යයා තමාගේ අසල්වාසියා කැමතිකරවාගෙන, හොඳ නැති මාර්ගයක ඔහු ගෙනයන්නේය. ඔහු ප්‍රයෝග යොදන පිණිස තමාගේ ඇස් පියාගන, තමාගේ තොල් විකාගන නපුර පමුණුවයි. පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි; බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය. පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහෙයීම මුළුමනින්ම ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි.
හිතෝපදේශ 16:18-33 Sinhala New Revised Version (NRSV)
විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි. උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත. දෙව් වදන් සලකන අයට සව් සැපත ද සමිඳුන් අදහන අයට වාසනාව ද ඇත. සිතෙහි ප්‍රඥාව ඇත්තා නැණවතෙකි; සිය මියුරු බසින් අන් අය නම්මා ගනියි. නුවණැත්තාගේ ප්‍රඥාව ඔහුට ජීවන උල්පතකි. එහෙත් අනුවණයාට ඉගැන්වීමෙන් වැඩක් නැත. නැණවතා කතාවට පෙර සිතා බලයි; ඔහු පවසන දෙයින් දැනුම දියුණු වෙයි. ප්‍රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය, මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය. සාගින්න කම්කරුවා වැඩට යවයි; සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි. දුදනා නපුරු කටකතා පතුරුවයි: ඔහුගේ දිව, දැවෙන ගින්නකි. කලහකාරී අය වාද භේද පතුරුවති; කේළාම් කියන්නෝ මිතුරුදම් බිඳලති. දාමරිකයෝ මිතුරන් මුළා කරති; ඔවුන්ගේ විනාශයට මඟ පාදති. දෙතොල තද කරගන්නා විපත ගෙන දෙයි; ඇස් කොණකින් ඉඟි කරන්නා නපුර සිතයි. පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි. ඉවසීම, බලතලවලට වඩා ප්‍රශස්ත ය; ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේ ය. තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ; තීරණය දෙන්නේ සමිඳාණෝ ය.
හිතෝපදේශ 16:18-33 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 16:18-33 New International Version (NIV)
Pride goes before destruction, a haughty spirit before a fall. Better to be lowly in spirit along with the oppressed than to share plunder with the proud. Whoever gives heed to instruction prospers, and blessed is the one who trusts in the LORD. The wise in heart are called discerning, and gracious words promote instruction. Prudence is a fountain of life to the prudent, but folly brings punishment to fools. The hearts of the wise make their mouths prudent, and their lips promote instruction. Gracious words are a honeycomb, sweet to the soul and healing to the bones. There is a way that appears to be right, but in the end it leads to death. The appetite of laborers works for them; their hunger drives them on. A scoundrel plots evil, and on their lips it is like a scorching fire. A perverse person stirs up conflict, and a gossip separates close friends. A violent person entices their neighbor and leads them down a path that is not good. Whoever winks with their eye is plotting perversity; whoever purses their lips is bent on evil. Gray hair is a crown of splendor; it is attained in the way of righteousness. Better a patient person than a warrior, one with self-control than one who takes a city. The lot is cast into the lap, but its every decision is from the LORD.