හිතෝපදේශ 12:9-10
හිතෝපදේශ 12:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලොක්කකු සේ මවා පාමින් කන්නට යමක් නැතිව සිටිනවාට වඩා, නොවැදගතකු සේ සිටිමින්, තමන්ට ම සේවකයකු ඇති ව සිටීම වඩා හොඳ ය. දමිටු මිනිසා තම සතුන්ගේ ඕනෑ-එපාකම් ද බලයි; එහෙත් දුෂ්ට මිනිසකුගේ කාරුණික ක්‍රියා ද කුරිරු ය.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්නහිතෝපදේශ 12:9-10 Sinhala Revised Old Version (SROV)
කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය. ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්නහිතෝපදේශ 12:9-10 Sinhala New Revised Version (NRSV)
පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි. දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්න