හිතෝපදේශ 11:9-16
හිතෝපදේශ 11:9-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි; එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි. දමිටුන් දියුණු වන කල නගරය ප්‍රීති වෙයි; අදමිටුන් වැනසී යන කල, ප්‍රීති ඝෝෂා පැතිරේ. ඍජු ගුණ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් කෙරේ; එහෙත් දුෂ්ටයින්ගේ මුඛයෙන් එය විනාශ කෙරේ. තම අසල්වැසියාට අවමන් කරන්නා අනුවණයෙකි; එහෙත් අවබෝධය ඇත්තා නිහඬ ව සිටියි. ඕපාදූප කියන තැනැත්තා රහස් හෙළි කරයි; එහෙත් විශ්වාසවන්ත මිනිසා රහසක් රැක ගනී. නිසි මග පෙන්වීමක් නැති විට ජාතියක් ඇද වැටේ; එහෙත් අනුශාසකයන් බොහෝ වූ කල, ජයග්‍රහණය ඇත. නො දන්නා කෙනකුට ඇප වෙන්නා කරදරේ වැටෙයි; එසේ අත තබා දිවිරීම ප්‍රතික්ෂේප කරන්නා සුරක්ෂිත ය. කරුණාවන්ත කාන්තාව ගෞරවය අත්කර ගනී; එහෙත් නිර්දය මිනිසුන් අත්කර ගන්නේ ධනය පමණි.
හිතෝපදේශ 11:9-16 Sinhala Revised Old Version (SROV)
අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය. ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි; දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඬ පවත්වයි. ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි; එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි. තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි. කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි. ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය. අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි; එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය. ශෝභන ස්ත්‍රියෙක් ගෞරවය රැකගන්නීය; බලාත්කාරකම්කරන්නෝ වස්තුව රැකගනිති.
හිතෝපදේශ 11:9-16 Sinhala New Revised Version (NRSV)
අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති. දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි. අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි. සිය අසල්වැසියා හෙළා දකින්නා අනුවණයෙකි; එහෙත් නුවණැත්තා නිහඬ ව සිටියි. කේලාම් පතුරන්නා රහස් හෙළි කරයි. එහෙත් විශ්වාසවන්තයා රහස් සඟවා තබාගනියි. දක්ෂ නායකත්වය නැති තැන සෙනඟ පිරිහෙති; එහෙත් අනුශාසකයන් රැසක් සිටියොත් රට සුරැකේ. නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි. විනීත වනිතාව ආත්ම ගෞරවය දිනාගනියි; එහෙත් අවිනීත ස්ත්‍රිය නින්දාවකි. අලසයා අත කිසි විටෙක මුදල් නැත; උත්සාහවන්තයා ධනවත් වෙයි.
හිතෝපදේශ 11:9-16 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 11:9-16 New International Version (NIV)
With their mouths the godless destroy their neighbors, but through knowledge the righteous escape. When the righteous prosper, the city rejoices; when the wicked perish, there are shouts of joy. Through the blessing of the upright a city is exalted, but by the mouth of the wicked it is destroyed. Whoever derides their neighbor has no sense, but the one who has understanding holds their tongue. A gossip betrays a confidence, but a trustworthy person keeps a secret. For lack of guidance a nation falls, but victory is won through many advisers. Whoever puts up security for a stranger will surely suffer, but whoever refuses to shake hands in pledge is safe. A kindhearted woman gains honor, but ruthless men gain only wealth.