හිතෝපදේශ 11:1-11
හිතෝපදේශ 11:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි; එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය. උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ; එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ. ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ. උදහසේ දවසේදී ධන සම්පත් පලක් නො වේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් නිදහස් කරයි. නිදොස් අයගේ දමිටුකම, ඔවුන්ට සෘජු මාවත් තනා දෙයි; එහෙත් දුෂ්ටයින් ඔවුන්ගේ ම දුෂ්ටකමින් ඇද වැටේ. ඍජු ගති ඇත්තවුන්ගේ දමිටුකම, ඔවුන් නිදහස් කරයි; එහෙත් ද්‍රෝහීහු තෘෂ්ණා උගුලට හසු වෙති. දුෂ්ට මිනිසා මැරුණු කල, ඔහුගේ බලාපොරොත්තු සුන් වේ; ඔහුගේ ශක්තියෙන් ඔහු අපේක්ෂා කළ සියල්ල පහව යේ. දමිටු මිනිසා විපත්තියෙන් මිදේ; ඒ වෙනුවට දුෂ්ට මිනිසා පිට විපත්තිය පැමිණේ. අභක්තිකයා තම මුවින්, තම අසල්වැසියා විනාශ කරයි; එහෙත් දමිටු මිනිසා නුවණෙහි පිහිටා ඉන් ගැලවී යයි. දමිටුන් දියුණු වන කල නගරය ප්‍රීති වෙයි; අදමිටුන් වැනසී යන කල, ප්‍රීති ඝෝෂා පැතිරේ. ඍජු ගුණ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් කෙරේ; එහෙත් දුෂ්ටයින්ගේ මුඛයෙන් එය විනාශ කෙරේ.
හිතෝපදේශ 11:1-11 Sinhala Revised Old Version (SROV)
හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය. උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ. ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි. උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි. නිර්දෝෂ අයගේ ධර්මිෂ්ඨකම ඔහුගේ මාර්ගය සමතලාකරයි; එහෙත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි. ඇද නැත්තන්ගේ ධර්මිෂ්ඨකම ඔවුන් ගළවයි; එහෙත් ද්‍රෝහිකාරයෝ තමුන්ගේ ප්‍රයෝගයෙන් අසුවනු ලබති. දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි. ධර්මිෂ්ඨයා විපතින් මුදනු ලබයි, දුෂ්ටයා ඔහු වෙනුවට විපතට පත්වෙයි. අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය. ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි; දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඬ පවත්වයි. ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි; එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි.
හිතෝපදේශ 11:1-11 Sinhala New Revised Version (NRSV)
හොර තරාදිය සමිඳුන්ට පිළිකුලකි; හරි පඩි සමිඳුන්ට ප්‍රීතියකි. අහංකාරය සමඟ නින්දාව එයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත. අවංක අයට අවංකකම මඟපෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි. මැරෙන දිනයේ දී සම්පතින් වැඩක් නැත; එහෙත් දැහැමි ජීවිතය මරණින් මුදයි. දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ; අදමිටුකමින් අදමිටුන්ගේ ම වැටීම සිදු වේ. අවංක අය සිය දැහැමිකමින් ගැළවෙති; එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපායවලට අසු වෙති. දුදනාගේ මරණය සමඟ ඔහුගේ පැතුම ද නැසෙයි; අභක්තිකයන්ගේ ප්‍රාර්ථනා ද එසේ ම නැසෙයි. ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත. අභක්තිකයාගේ බසින් මිනිස්සු විනාශ වෙති; එහෙත් දමිටු අය ප්‍රඥාවෙන් ගැළවෙති. දැහැමි අයට සෙත සැලසෙන විට නගරය ප්‍රීති වෙයි; නොදැහැමියන් නසින විට නගරය ඔල්වර හඬ නඟයි. අවංක අයගේ ආශීර්වාදයෙන් නගරය උසස් වෙයි; එහෙත් දුදනන්ගේ වදනින් එය බිඳ වැටෙයි.
හිතෝපදේශ 11:1-11 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 11:1-11 New International Version (NIV)
The LORD detests dishonest scales, but accurate weights find favor with him. When pride comes, then comes disgrace, but with humility comes wisdom. The integrity of the upright guides them, but the unfaithful are destroyed by their duplicity. Wealth is worthless in the day of wrath, but righteousness delivers from death. The righteousness of the blameless makes their paths straight, but the wicked are brought down by their own wickedness. The righteousness of the upright delivers them, but the unfaithful are trapped by evil desires. Hopes placed in mortals die with them; all the promise of their power comes to nothing. The righteous person is rescued from trouble, and it falls on the wicked instead. With their mouths the godless destroy their neighbors, but through knowledge the righteous escape. When the righteous prosper, the city rejoices; when the wicked perish, there are shouts of joy. Through the blessing of the upright a city is exalted, but by the mouth of the wicked it is destroyed.