ගණන් කථාව 10:29-32

ගණන් කථාව 10:29-32 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෝසෙස්ගේ මාමණ්ඩිය වූ මිදියන්හි රෙවූයෙල්ගේ පුත්‍රයා වූ හොබාබ් ඇමතූ මෝසෙස්, “ ‘මම ඔබට දෙන්නෙමි’ යි ස්වාමින්වහන්සේ කී ස්ථානය බලා අපි ගමන් ගන්නෙමු. අප සමඟ එන්න; අපි ඔබට හොඳින් සලකන්නෙමු. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්-අපට යහපත් දෑ පොරොන්දු වී ඇතැ” යි කීවේ ය. “නෑ මා එන්නෙ නෑ. මගේ ම රටටත්, මගේ ම ජනයා වෙතටත් මම ආපසු යන්නෙමි” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එහෙත් මෝසෙස්, “අනේ අප හැර යන්න එපා. පාළුකරයේ අප කඳවුරු බැඳිය යුත්තේ කොතැන්හි දැයි දන්නේ ඔබයි. එබැවින් අපට ඇස් දෙක වීමට ඔබට හැකියි. ඔබ අප හා ආවොත්, ස්වාමින්වහන්සේ අපට දෙන කවර යහපතක් වුව ද අපි ඔබ හා බෙදාගන්නෙමු” යි කීවේ ය.

ගණන් කථාව 10:29-32 Sinhala Revised Old Version (SROV)

මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම නුඹලාට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි නුඹට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය. ඔහුද: මම නොඑන්නෙමි; මාගේ දේශයටත් මාගේ නෑයන් වෙතටත් යන්නෙමියි ඔහුට කීවේය. මෝසෙස්ද: අප අත්හැර නොයන මෙන් ඉල්ලමි; මක්නිසාද අප විසින් කාන්තාරයෙහි කඳවුරු බැඳගන්ට ඕනෑ කෙසේදැයි නුඹ දන්න බැවින් නුඹ අපට ඇස් මෙන් වෙනවා ඇත. ඉදින් නුඹ අප සමඟ යන්නෙහි නම් ස්වාමීන්වහන්සේ අපට කරන යහපතම අපි සැබවින් නුඹට කරන්නෙමුයයි කීවේය.

ගණන් කථාව 10:29-32 Sinhala New Revised Version (NRSV)

මෝසෙස් තම මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත් හොබාබ්ට කතා කොට, “ ‘මම නුඹට දෙන්නෙමි’ කියා සමිඳාණන් වහන්සේ වදාළ ස්ථානයට අපි පිටත් ව යන්නෙමු. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට ශුභසිද්ධිය සැලසීමට පොරොන්දු වී ඇති බැවින්, ඔබ ද අප සමඟ එන්න; අපි ඔබටත් ශුභසිද්ධිය සලසන්නෙමු”යි කී ය. එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “මම නම් නොඑමි. මාගේ ම රටටත්, මාගේ ම නෑයන් වෙතටත් මම පිටත් ව යන්නෙමි”යි කීවේ ය. එවිට මෝසෙස් කතා කොට, “ඔබ කරුණාකර අප අත්හැර නොයන්න. පාළුකරයේ කොතැන අප කඳවුරු බැඳිය යුතු ද කියා ඔබ දන්නවා ඇත. මෙලෙස ඔබ අපට ඇස් දෙක මෙන් වටිනා මාර්ගෝපදේශකයෙකු වනු ඇත. ඔබ අප සමඟ එන්නෙහි නම්, සමිඳාණන් වහන්සේ අපට සලසන ශුභසිද්ධිය අපි ද ඔබට ම සලසා දෙන්නෙමු”යි කීවේ ය.

ගණන් කථාව 10:29-32 Sinhala New Revised Version 2018 (SNRV)