නෙහෙමියා 2:6-10
නෙහෙමියා 2:6-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම බිසව තමා පසෙක හිඳ සිටියදී, රජු මා අමතමින්, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද? ඔබ ආපසු එන්නේ කවදා දැ?” යි ඇසී ය. එබැවින් මා නියමිත කාලය දැන් වූ කල රජු මා යවන්නට කැමති විය. රජු ඇමතූ මම, “රජු සතුටු වේ නම්, යූදා දක්වා යන්නට ඔවුන්ගෙන් අවසර ලැබෙන පිණිස ගඟ එතෙර පළාත් ආණ්ඩුකරුවන්ට දීමට මට ලිපි ලැබේවා. තවද රජුගේ කැලෑ බාරකරු ආසාෆ්ට ද ලිපියක් මට ලැබේවා. එවිට දේව මාලිග බළකොටුවේ දොරටු සඳහාත්, පුර පවුර සඳහාත්, මා පදිංචි වන නිවස සඳහාත් බාල්ක සෑදීමට දැව ඔහු මට සපයනු ඇතැ” යි කීවෙමි. මගේ දෙවියන්වහන්සේගේ දයාබර හස්තය මා පිට වූ බැවින් රජු මගේ ඉල්ලීම ඉටු කළේ ය. එබැවින් මම ගඟ එතෙර පළාතේ ආණ්ඩුකාරවරුන් වෙත ගොස්, රජුගේ ලියුම් ඔවුන්ට දුනිමි. රජු, හමුදා නිලධාරීන් හා අසරුවන් මා සමඟ එවා තිබිණි. ඉශ්‍රායෙල්වරුන්ගේ ශුභසාධනයට කෙනකු ඇවිත් වග ඇසූ කල, හොරොනීය සන්බල්ලට් ද අම්මොනීය ටෝබීයා නම් නිලධාරියා ද බොහෝ නො සතුටට පත් වූහ.
නෙහෙමියා 2:6-10 Sinhala Revised Old Version (SROV)
මෙසේ රජතෙම බිසවත් තමා ළඟ වාඩිවී ඉන්දදී, කථාකොට: නුඹේ ගමනට කොපමණ කල් අල්ලනවා ඇද්ද කියාත් නුඹ නැවත එන්නේ කවදාද කියාත් මාගෙන් ඇසුවේය. මෙසේ රජ මා හරින්ට ප්‍රසන්න විය. මමද රජුට කාලයක් නියමකර කීවෙමි. ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද, ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත් නුවර පවුරුවලටත් මා පදිංචිවෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරවූ ආසාප්ට දීමට ලියුමක්ද මට ලැබේවයි රජුට කීමි. මාගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජතෙම එසේම මට දුන්නේය. එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට ගොස් රජුගේ හසුන්පත් ඔවුන්ට දුනිමි. රජ වනාහි සේනාධිපතීන්ද අසරුවන්ද මා සමඟ එවුවේය. හොරොනිය සන්බලට්ද සේවකයාවූ අම්මොනිය ටෝබියාද ඒ අසා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුභසිද්ධිය දියුණුකරන්ට මනුෂ්‍යයෙකු ආවාට ඉතාමත් අමනාපවූහ.
නෙහෙමියා 2:6-10 Sinhala New Revised Version (NRSV)
රජ තෙම, බිසවත් තමා ළඟ වාඩිවී සිටිය දී, කතා කොට, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද” කියාත්, “ඔබ නැවත එන්නේ කවදා ද” කියාත්, මාගෙන් ඇසී ය. මම රජුට කාලයක් නියම කර කීවෙමි. රජතුමා මා යවන්නට සතුටු විය. ඇරත් මම රජුට කතා කොට, “රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය. එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට අවුත් රජුගේ හසුන් පත් ඔවුන්ට දිනිමි. රජ වනාහි සේනාධිපතීන් ද අසරුවන් ද මා සමඟ එවුවේ ය. හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.
නෙහෙමියා 2:6-10 Sinhala New Revised Version 2018 (SNRV)

නෙහෙමියා 2:6-10 New International Version (NIV)
Then the king, with the queen sitting beside him, asked me, “How long will your journey take, and when will you get back?” It pleased the king to send me; so I set a time. I also said to him, “If it pleases the king, may I have letters to the governors of Trans-Euphrates, so that they will provide me safe-conduct until I arrive in Judah? And may I have a letter to Asaph, keeper of the royal park, so he will give me timber to make beams for the gates of the citadel by the temple and for the city wall and for the residence I will occupy?” And because the gracious hand of my God was on me, the king granted my requests. So I went to the governors of Trans-Euphrates and gave them the king’s letters. The king had also sent army officers and cavalry with me. When Sanballat the Horonite and Tobiah the Ammonite official heard about this, they were very much disturbed that someone had come to promote the welfare of the Israelites.