ශු. මාර්ක් 11:20-24

ශු. මාර්ක් 11:20-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උදෑසන ඔවුහු යද්දී අත්තික්කා ගහ මුල සිට ම වියළී ඇති බව දුටහ. පේතෘස් සිද්ධිය සිහිවී, උන්වහන්සේ අමතා, “රබ්බී, බලන්න! ඔබ ශාප කළ අත්තික්කා ගහ වියළී ගොසිනැ!” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ තුළ අදහන්න. සැබවින් ම මා ඔබට කියන්නේ, යමෙක් මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ කියා, ඔහුගේ හදින් සැක නො කොට, තමන් අණ කළ දෙය එලෙසින් ම සිදු වෙතැයි විශ්වාස කරන්නේ නම්, ඔහු කියන දේ සිදු වේ. එය ඔහුට ඉටු කර දෙනු ලැබේ. එබැවින් මා ඔබට කියන්නේ, ඔබ යාච්ඤාවෙන් ඉල්ලන කවර දෙයක් වුව, ඔබට ලැබුණේ යැයි විශ්වාස කරන්න; එය ඔබට ම වන්නේ ය.