ශු. මතෙව් 8:1-34
ශු. මතෙව් 8:1-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ කන්දේ සිට පහළට බැස ආ කල, විශාල පිරිසක් උන්වහන්සේ පසු පස ගියහ. එවිට මෙන්න, කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, ඔබ කැමති නම්, මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය. යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි පැවසූ කෙණෙහි ම, කුෂ්ඨය පහ වී ඔහු පවිත්‍ර විය. ඉන්පසු ඔහු ඇමතූ යේසුස්වහන්සේ, “කිසිවකුට කිසිවක් නො කියන්නට වග බලා ගන්න. එනමුත් ගොස්, පූජකයා ඉදිරියේ පෙනී සිට, මෝසෙස් විසින් නියම කරන ලද පඬුරු ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔප්පු කරන්නැ” යි පැවසූ සේක. යේසුස්වහන්සේ කපර්ණවුමට පිවිසි කල, රෝම හමුදාවේ සියයේ සේනාංකයක් භාර සෙන්පතියෙක් ඉදිරියට අවුත්, උන්වහන්සේට ආයාචනා කරමින්, “ස්වාමිනි, මගේ මෙහෙකරුවා අංසබාගය සෑදී, දැඩි වේදනාවෙන් නිවසේ වැතිර සිටී” යි කීවේ ය. “මා ඇවිත් ඔහු සුව කරන්නම්” යි උන්වහන්සේ ඔහුට පැවසූහ. එහෙත් සියයේ සෙන්පතියා පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබතුමා මගේ වහල යටට පැමිණීමට තරම් මා සුදුස්සෙක් නො වේ. වචනයක් පමණක් පැවසුව මැනවි; එවිට මගේ මෙහෙකරුවා සුව වන්නේ ය. මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනකුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය. ඒ ඇසූ කල, විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස අමතා, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හි කිසිවකු වෙතින්වත් මා දැක නැති බවයි. මා ඔබට කියන්නේ, නැගෙනහිරින් හා බස්නාහිරින් පැමිණෙන බොහෝ දෙනකු ස්වර්ග රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සමඟ අසුන් ගන්නා අතර, රාජ්‍යයේ පුත්‍රයින් පිටත අන්ධකාරයට හෙළනු ලබන බවයි. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇතැ” යි පැවසූ සේක. පසුව යේසුස්වහන්සේ, “යන්න! සිදු වෙතැයි ඔබ විශ්වාස කළ පරිදි වෙතැ” යි සියයේ සෙන්පතියාට කී සේක. ඒ මොහොතේ ම ඔහුගේ මෙහෙකරුවාට සුවය ලැබිණ. යේසුස්වහන්සේ පේතෘස්ගේ නිවසට ඇතුළු වූ කල, ඔහුගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳේ වැතිර සිටිනු දුටු සේක. උන්වහන්සේ ඇගේ අතින් ඇල්ලූ කල, උණ ඇගෙන් දුරු විය. ඈ නැගිට උන්වහන්සේට සත්කාර කරන්නට වූවා ය. සවස් වූ කල, යක්ෂාත්මවලින් පීඩා විඳි බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබ, උන්වහන්සේ වචනයෙන් එම ආත්ම දුරු කොට, රෝගී සියල්ලන් සුව කළ සේක. මෙසේ වූයේ දිවැසිවර යෙසායා කී දිවැසි වැකිය ඉටු වන පිණිස ය: “උන්වහන්සේ දරා ගත්තේ අපේ දුබලකම් ය. උසුලා ගත්තේ අපේ රෝ-දුක් ය.” යේසුස්වහන්සේ තමන් වටා වූ ජනකාය දුටු කල, විලෙන් එගොඩට යන ලෙස අණ දුන් සේක. එහි පැමිණි දහම් පඬිවරයෙක්, “ගුරුතුමනි, ඔබතුමා කොහේ යතත්, මම ඔබ පසු පස එන්නෙමි” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක. ගෝලයකු වූ වෙනත් කෙනෙක් උන්වහන්සේට කතා කොට, “ස්වාමිනි, පළමු ව මා ගොස්, මගේ පියා භූමදාන කරන්නට අවසර” යි කීවේ ය. එහෙත් යේසුස්වහන්සේ, “මා අනුව එන්න, මළාහු තම මළවුන් වැළලුවා වේ” යි ඔහුට පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ ඔරුවට නැගුණු කල, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ. එවිට මෙන්න, රළ පහරින් ඔරුව වැසී යන තරමට මුහුද ඔස්සේ හැමූ සැඩ කුණාටුවක්! එහෙත් උන්වහන්සේ සිටියේ නිදාගෙන ය. ගෝලයෝ ළං වී උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, අප ගලවා ගන්න; අප විනාශ වෙන්නටයි යන්නේ” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “අහෝ, මද ඇදහිලි ඇත්තනි, මොකට ඔතරම් බය දැ?” යි අසා, ඉන්පසු නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට මහා නිසලතාවක් ඇති විය. ඉන් විස්මපත් ඒ මිනිස්සු, “මොන විදියේ මනුෂ්‍යයෙක් ද මොහු! සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ” යි කීහ. උන්වහන්සේ ගදරීනයන්ගේ පෙදෙසේ අනෙක් පැත්තට එගොඩ වූ කල, කිසිවකුට ඒ මග පසු කර යා නො හැකි තරමට සැහැසි වූ, සොහොන් ගෙවල සිට එමින් සිටි යක්ෂාත්මාවේශ මිනිසුන් දෙදෙනෙක් උන්වහන්සේට මුණ ගැසිණි. එවිට මෙන්න! “අහෝ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් ඇති කාරිය කිම ද? ඔබ මෙහි ආවේ නියමිත කාලයට පළමු අපට වධ දෙන්නට දැ?” යි ඔවුහු මොර ගැසූහ. ඔවුනට මදක් ඈතින්, මහ ඌරු රැළක් අහර කමින් වුන්හ. යක්ෂාත්මයෝ උන්වහන්සේට කන්නලව් කරමින්, “ඔබතුමා අප පලවා හරින්නේ නම්, අර ඌරු රැළ වෙත අප හැරිය මැනව” යි ඉල්ලූහ. “යනු” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. එකල පිටතට වන් යක්ෂාත්ම ඌරන්ට වැහුණහ. එවිට මෙන්න! බෑවුම පහළට වේගයෙන් දුව ගිය මුළු ඌරු රැළ, දියේ ගිලී මළහ. ඌරු පල්ලෝ ද දුව ගොස්, නගරයට පිවිස, ඒ සියලු පුවත් ද යක්ෂාත්මාවේශ ව සිටි මිනිසුන් දෙදෙනාට සිදු වූ දෑ ද සැල කළහ. එවිට මෙන්න, මුළු නගරය ම යේසුස්වහන්සේ හමු වන්නට පිටත් ව අවුත්, උන්වහන්සේ දුටු කල, තම පෙදෙසින් ඉවත් ව යන ලෙස අයැද සිටියහ.
ශු. මතෙව් 8:1-34 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ කන්දෙන් බැස්ස කල බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය. බලව, කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට වැඳ: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කීවේය. උන්වහන්සේ අත දිගුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි කීසේක. එකෙණෙහිම ඔහු කුෂ්ඨයෙන් පවිත්‍රවිය. යේසුස්වහන්සේ කථාකොට: කාටවත් නොකියන්ට බලාගන්න; නුමුත් ඔවුන්ට සාක්ෂි පිණිස ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ පඬුර ඔප්පුකරන්නැයි ඔහුට කීසේක. උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූ කල්හි, සියයකට මුලාදෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේට කන්නලව්කරමින්: ස්වාමිනි, මාගේ මෙහෙකරුවා අංශභාග රෝගීව බලවත්ලෙස වේදනා විඳිමින් ගෙයි ඔත්පළව ඉඳීයයි කීවේය. මම ඇවිත් ඔහු සුවපත්කරමියි උන්වහන්සේ ඔහුට කීසේක. සියයකට මුලාදෑනියා උත්තරදෙමින්: ස්වාමිනි, මාගේ පියස්ස යටට ඔබගේ ඊමට මම නොවටිමි. වචන මාත්‍රයක් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවාට සුවවන්නේය. මක්නිසාද මමත් ආණ්ඩු බලයට යටත් මනුෂ්‍යයෙක්ය, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට: යවයි මා කී කල, ඔහු යන්නේය; තව කෙනෙකුට: එවයි කී කල, ඔහු එන්නේය; මාගේ දාසයාට: මේක කරවයි කී කල, ඔහු ඒක කරන්නේයයි කීවේය. යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි. තවද නුඹලාට කියමි: නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත්, ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ ස්වර්ගරාජ්‍යයෙහි හිඳගන්නෝය. එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක. යේසුස්වහන්සේ සියයකට මුලාදෑනියාට කථාකොට: යන්න; නුඹ අදහාගත් ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේදීම මෙහෙකරුවා සුවපත්විය. යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක, ඇගේ අත ඇල්ලූසේක, එවිට උණ රෝගය ඇගෙන් පහව ගියේය; ඈ නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය. සවස්වු කල යක්ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරුකළසේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක. මෙසේ වූයේ: උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලාගත්සේකැයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය. යේසුස්වහන්සේ බොහෝ සමූහයන් තමන් පිරිවරා සිටින බව දැක, එගොඩට යන්ට අණදුන්සේක. එවිට ලියන්නෙක් ඇවිත්: ආචාරීන්වහන්ස, ඔබ යන කොතැනට නුමුත් ඔබ අනුව එන්නෙමියි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේද: සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක. ගෝලයන්ගෙන් තවත් කෙනෙක්: ස්වාමිනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භුමදානකරන්ට මට ඉඩ දුන මැනවයි කීවේය. යේසුස්වහන්සේද: මා අනුව එන්න; මළාහු තමුන්ගේ මළවුන් භූමදානකරත්වයි ඔහුට කීසේක. උන්වහන්සේ ඔරුවකට නැගුණු කල ගෝලයෝ උන්වහන්සේ අනුව ගියෝය. බලව, ඔරුව රැළවලින් වැසී යන තරම් මුහුදේ මහත් කුණාටුවක් විය. උන්වහන්සේ නිදා හුන්සේක. එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවා: ස්වාමිනි, අප ගැළවුව මැනව; අපි විනාශවෙමුයයි කීවෝය. උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය. ඒ මනුෂ්‍යයෝ මවිතව: මුන්වහන්සේ කෙබඳු කෙනෙක්ද? හුළඟ හා මුහුද පවා මුන්වහන්සේට කීකරුවෙනවායයි කීවෝය. උන්වහන්සේ එගොඩව ගදරීනයන්ගේ රටට පැමිණි කල යක්ෂාවේශවූ දෙදෙනෙක් සොහොන් ගෙවල්වලින් පිටත්ව උන්වහන්සේගේ පෙරමගට එනවා උන්වහන්සේට සම්බවිය. ඔවුන් ඉතා රෞද්‍ර නිසා ඒ පාරෙන් කිසිවෙකුට යන්ට නුපුළුවන් විය. බලව, ඔව්හු මොරගසමින්: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වදදෙන්ට ඔබ මෙහි ආසේක්දැයි කීවෝය. ඔවුන්ට දුරින් මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය. යක්ෂයෝද: ඔබ අප දුරුකරනසේක්නම්, ඌරු රැළට වැහෙන්ට අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. යන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එවිට ඔව්හු පිටවී ගොස් ඌරන්ට වැහුණෝය. බලව, ඒ මුළු රැළ ප්‍රපාතය දිගේ මුහුදට වේගයෙන් දිවගොස්, ජලයෙහි වැටී මළෝය. ඌරු රැකවල්ලු පලාගොස් නුවරට පැමිණ ඒ සියල්ලත් යක්ෂාවේශවූවන්ට සිදුවූ දේත් කීවෝය. එකල ඒ මුළු නුවර වැසියෝ යේසුස්වහන්සේ සම්මුඛවීමට ඇවිත්, උන්වහන්සේ දැක, ඔවුන්ගේ සීමාවලින් අහක්වයන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
ශු. මතෙව් 8:1-34 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ කන්දෙන් බැස ආ කල මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත්, වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනැ”යි කී ය. උන් වහන්සේ අත දිගු කොට, ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍රවන්නැ”යි වදාළ සේක. එකෙණෙහි ම ඔහුගේ ලාදුරු රෝගය සුව විය. ජේසුස් වහන්සේ කතා කොට, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස වග බලා ගන්න; එහෙත් යන්න, පූජකයාට පෙනී, මෝසෙස් අණ කළ පඬුර සහතිකයක් පිණිස ඔප්පු කරන්නැ”යි ඔහුට වදාළ සේක. උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්, “ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය. “මම අවුත් ඔහු සුව කරමි”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක. ශතාධිපතියා උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි. වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වනු ඇත. මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය. ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි. තවද, ඔබට කියමි, පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත්, ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ ස්වර්ග රාජ්‍යයෙහි අසුන් ගන්නෝ ය. එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක. ජේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට, “යන්න, ඔබ අදහාගත් ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ දී ම මෙහෙකරුවා සුවපත් විය. ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක, ඇගේ අත ඇල්ලූ සේක. එවිට උණ බැස ගියේ ය. ඈ නැඟිට උන් වහන්සේට උපස්ථාන කළා ය. සවස් වූ කල දුෂ්ටාත්මාවේශ වූ බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ වචන මාත්‍රයකින් අශුද්ධාත්මයන් දුරු කළ සේක; රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළ සේක. මෙසේ වූයේ: “උන් වහන්සේ ම අපේ දුබලකම් දරා ගත් සේක; අපේ රෝ දුක් බර උසුලාගත් සේකැ”යි යෙසායා දිවැසිවරයා විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය. ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක. එවිට විනයධරයෙක් පැමිණ, “ගුරුදේවයෙනි, ඔබ යන කොතැනකට වුව ද ඔබ කැටුව එන්නෙමි”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක. ශ්‍රාවකයින්ගෙන් තවත් කෙනෙක් කතා කරමින්, “ස්වාමීනි, පළමු කොට ගොස් මාගේ පියා භූමදාන කරන්න මට අවසර දුන මැනවැ”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා අනුව එන්න; මළවුන්ගේ භූමදානය මළවුන් ම කළාවේ”යයි ඔහුට වදාළ සේක. උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ. එවිට ඔරුව රැළ පතරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමී ය. උන් වහන්සේ ඔරුවේ සැතපී හුන් සේක. එවිට ඔව්හු අවුත්, උන් වහන්සේ අවදි කරවා, “ස්වාමීනි, අප ගැළෙව්ව මැනව; අප විනාශ වන්න ළඟ යැ”යි කී හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය. ඒ මනුෂ්‍යයෝ විස්මිත ව, “මෙතුමා කෙබඳු කෙනෙක් ද? සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරු වෙතැ”යි කී හ. උන් වහන්සේ එගොඩ ව, ගදරීන රටට පැමිණි කල, දුෂ්ටාත්මාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවලින් නික්ම විත් උන් වහන්සේට මුණ ගැසුණාහ. ඔවුන් ඉතා දරුණු වූයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්න නොහැකි විය. ඔව්හු මොරගසමින්, “දෙවියන් වහන්සේගේ පුත්‍රය, ඔබ හා අප අතර මොන ගනුදෙනුවක් ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මෙහි ආ සේක් දැ”යි කී හ. ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ. දුෂ්ටාත්ම කතා කරමින්, “ඔබ අප දුරු කරන සේක් නම්, ඌරු රැළට වැහෙන්නට අප හැරිය මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියහ. “පලයව්” කියා උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එවිට දුෂ්ටාත්ම පිට වී ගොස් ඌරන්ට වැහුණෝ ය. ඒ මුළු රැළ ප්‍රපාතයෙන් පහළ මුහුදට වේගයෙන් දිව ගොස් ජලයේ ගිලී මළෝ ය. ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ. එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ.
ශු. මතෙව් 8:1-34 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. මතෙව් 8:1-34 New International Version (NIV)
When Jesus came down from the mountainside, large crowds followed him. A man with leprosy came and knelt before him and said, “Lord, if you are willing, you can make me clean.” Jesus reached out his hand and touched the man. “I am willing,” he said. “Be clean!” Immediately he was cleansed of his leprosy. Then Jesus said to him, “See that you don’t tell anyone. But go, show yourself to the priest and offer the gift Moses commanded, as a testimony to them.” When Jesus had entered Capernaum, a centurion came to him, asking for help. “Lord,” he said, “my servant lies at home paralyzed, suffering terribly.” Jesus said to him, “Shall I come and heal him?” The centurion replied, “Lord, I do not deserve to have you come under my roof. But just say the word, and my servant will be healed. For I myself am a man under authority, with soldiers under me. I tell this one, ‘Go,’ and he goes; and that one, ‘Come,’ and he comes. I say to my servant, ‘Do this,’ and he does it.” When Jesus heard this, he was amazed and said to those following him, “Truly I tell you, I have not found anyone in Israel with such great faith. I say to you that many will come from the east and the west, and will take their places at the feast with Abraham, Isaac and Jacob in the kingdom of heaven. But the subjects of the kingdom will be thrown outside, into the darkness, where there will be weeping and gnashing of teeth.” Then Jesus said to the centurion, “Go! Let it be done just as you believed it would.” And his servant was healed at that moment. When Jesus came into Peter’s house, he saw Peter’s mother-in-law lying in bed with a fever. He touched her hand and the fever left her, and she got up and began to wait on him. When evening came, many who were demon-possessed were brought to him, and he drove out the spirits with a word and healed all the sick. This was to fulfill what was spoken through the prophet Isaiah: “He took up our infirmities and bore our diseases.” When Jesus saw the crowd around him, he gave orders to cross to the other side of the lake. Then a teacher of the law came to him and said, “Teacher, I will follow you wherever you go.” Jesus replied, “Foxes have dens and birds have nests, but the Son of Man has no place to lay his head.” Another disciple said to him, “Lord, first let me go and bury my father.” But Jesus told him, “Follow me, and let the dead bury their own dead.” Then he got into the boat and his disciples followed him. Suddenly a furious storm came up on the lake, so that the waves swept over the boat. But Jesus was sleeping. The disciples went and woke him, saying, “Lord, save us! We’re going to drown!” He replied, “You of little faith, why are you so afraid?” Then he got up and rebuked the winds and the waves, and it was completely calm. The men were amazed and asked, “What kind of man is this? Even the winds and the waves obey him!” When he arrived at the other side in the region of the Gadarenes, two demon-possessed men coming from the tombs met him. They were so violent that no one could pass that way. “What do you want with us, Son of God?” they shouted. “Have you come here to torture us before the appointed time?” Some distance from them a large herd of pigs was feeding. The demons begged Jesus, “If you drive us out, send us into the herd of pigs.” He said to them, “Go!” So they came out and went into the pigs, and the whole herd rushed down the steep bank into the lake and died in the water. Those tending the pigs ran off, went into the town and reported all this, including what had happened to the demon-possessed men. Then the whole town went out to meet Jesus. And when they saw him, they pleaded with him to leave their region.