ශු. මතෙව් 28:2-4
ශු. මතෙව් 28:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෙන්න! බිහිසුණු භූමිකම්පාවක්. මන්ද ස්වාමින්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, එම ගල ඉවතට පෙරළා ඒ මත හිඳ ගත්තේ ය. ඔහුගේ පෙනුම විදුලිය වැනි විය; ඔහුගේ ඇඳුම් හිම මෙන් සුදු ව තිබිණි. මුර සෙබළු ඔහුට බිය වී, වෙවුලා මළවුන් සේ වූහ.
ශු. මතෙව් 28:2-4 Sinhala Revised Old Version (SROV)
එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය. ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්ර හිම මෙන් සුදුව තිබුණේය. රැකවල්ලු ඔහුට භයින් වෙවුලා මළවුන් සේ වූහ.
ශු. මතෙව් 28:2-4 Sinhala New Revised Version (NRSV)
එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය. ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්ර හිම මෙන් සුදු ය. මුර සෙබළු ඔහුට භයින් වෙවුලා, මළවුන් මෙන් වූ හ.
ශු. මතෙව් 28:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය. ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්ර හිම මෙන් සුදු ය. මුර සෙබළු ඔහුට භයින් වෙවුලා, මළවුන් මෙන් වූ හ.
ශු. මතෙව් 28:2-4 New International Version (NIV)
There was a violent earthquake, for an angel of the Lord came down from heaven and, going to the tomb, rolled back the stone and sat on it. His appearance was like lightning, and his clothes were white as snow. The guards were so afraid of him that they shook and became like dead men.