ශු. මතෙව් 27:28-31
ශු. මතෙව් 27:28-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු උන්වහන්සේගේ ඇඳුම් ගලවා දමා, තද රත් පැහැ ලෝගුවක් උන්වහන්සේට ඇඳවූහ. ඉන්පසු කටු ඔටුන්නක් ගොතා, එය උන්වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් උන්වහන්සේගේ සුරතෙහි තබා, උන්වහන්සේ අබියස දණ ගසා, උන්වහන්සේට සමච්චල් කරමින්, “යුදෙව් රජ දිනේවා!” යි කීවෝ ය. උන්වහන්සේට කෙළ ගැසූ ඔවුහු, බට දණ්ඩ ගෙන, උන්වහන්සේගේ හිසට ඉන් පහර දුන්හ. මෙසේ ඔවුහු සරදම් කළ පසු, ලෝගුව ගලවා, උන්වහන්සේගේ ම ඇඳුම් අඳවා, කුරුසියේ ඇණ ගසනු පිණිස පිටතට උන්වහන්සේ ගෙන ගියහ.
ශු. මතෙව් 27:28-31 Sinhala Revised Old Version (SROV)
ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් ගළවා, රතු සළුවක් උන්වහන්සේට හැඳෙවුවෝය. ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා, බටදණ්ඩක් දකුණතට දී, උන්වහන්සේ ඉදිරියෙහි දණ නමා: යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභසිද්ධවේවයි කියා උන්වහන්සේට කවටකම්කළෝය. ඔව්හු උන්වහන්සේට කෙළගසා, බටදණ්ඩ ගෙන උන්වහන්සේගේ හිසට ගැසුවෝය. උන්වහන්සේට කවටකම්කළ පසු ඔව්හු රතු සළුව ගළවා උන්වහන්සේගේම ඇඳුම් හඳවා, කුරුසියෙහි ඇණගසන පිණිස ගෙනගියෝය.
ශු. මතෙව් 27:28-31 Sinhala New Revised Version (NRSV)
ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් ගලවාදමා, නීල-රක්ත සළුවක් උන් වහන්සේට ඇන්දෙව්වෝ ය. තවද ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන් වහන්සේ අබිමුවෙහි දණ නමා, “ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට සරදම් කළහ. ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ. මෙසේ ගැරහුම් කළ පසු ඔව්හු උන් වහන්සේට ඇන්දූ සළුව ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අඳවා, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන පිණිස ගෙන ගියහ.
ශු. මතෙව් 27:28-31 Sinhala New Revised Version 2018 (SNRV)
ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් ගලවාදමා, නීල-රක්ත සළුවක් උන් වහන්සේට ඇන්දෙව්වෝ ය. තවද ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන් වහන්සේ අබිමුවෙහි දණ නමා, “ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට සරදම් කළහ. ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ. මෙසේ ගැරහුම් කළ පසු ඔව්හු උන් වහන්සේට ඇන්දූ සළුව ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අඳවා, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන පිණිස ගෙන ගියහ.
ශු. මතෙව් 27:28-31 New International Version (NIV)
They stripped him and put a scarlet robe on him, and then twisted together a crown of thorns and set it on his head. They put a staff in his right hand. Then they knelt in front of him and mocked him. “Hail, king of the Jews!” they said. They spit on him, and took the staff and struck him on the head again and again. After they had mocked him, they took off the robe and put his own clothes on him. Then they led him away to crucify him.