ශු. මතෙව් 22:2-3
ශු. මතෙව් 22:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ස්වර්ග රාජ්‍යය, තම පුත්‍රයා සඳහා මංගල භෝජනයක් පැවැත් වූ රජකුට සමාන කළ හැකි ය. මංගල සාදයට ඇරියුම් කර තිබූ අය කැඳවමින් ඔහු තම සේවකයින් පිටත් කර යැවී ය. එහෙත් ඔවුහු එන්නට නො කැමති වූහ.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්නශු. මතෙව් 22:2-3 Sinhala Revised Old Version (SROV)
තමාගේ පුත්‍රයාට සරණමංගල්‍යයක් පිළියෙළකළ එක්තරා රජෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ. ඔහු සරණ මංගල්‍යයට ආමන්ත්‍රණය ලැබූවන් කැඳවන පිණිස තමාගේ දාසයන් යැවුවේය. නුමුත් ඔව්හු එන්ට අකැමැතිවූවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්නශු. මතෙව් 22:2-3 Sinhala New Revised Version (NRSV)
“ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 22 කියවන්න