ශු. මතෙව් 14:16-18
ශු. මතෙව් 14:16-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යේසුස්වහන්සේ, “ඔවුන් යන්න ඕනෑ නැහැ. ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක. “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනකුත් පමණි” යි ඔවුහු පිළිතුරු දුන්හ. “ඒවා මා ළඟට මෙහෙ ගෙනෙන්නැ” යි උන්වහන්සේ පැවසූ සේක.
ශු. මතෙව් 14:16-18 Sinhala Revised Old Version (SROV)
ඔවුන් යන්ට කමක් නැත; නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හුද: අපට මෙහි තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණක්යයි උන්වහන්සේට කීවෝය. ඒවා මෙහි මා වෙතට ගෙනෙන්නැයි උන්වහන්සේ කීසේක.
ශු. මතෙව් 14:16-18 Sinhala New Revised Version (NRSV)
“ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු ද, “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ. “ඒවා මෙහි මා වෙත ගෙනෙන්නැ”යි උන් වහන්සේ වදාළ සේක.
ශු. මතෙව් 14:16-18 Sinhala New Revised Version 2018 (SNRV)