ශු. මතෙව් 13:44-50

ශු. මතෙව් 13:44-50 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත් ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී. “තවද ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා යන වෙළෙන්දකුට සමාන ය. ඉතා අගනා මුතුවක් හමු වූ කල, ඔහු ගොස්, තමන් සතු හැම දේ විකුණා, එය මිල දී ගත්තේ ය. “තවද ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයක ම මසුන් හසු වූ දැලකට සමාන ය. එය පිරී ගිය කල, මිනිස්සු එය වෙරළට ඇද, පසෙකින් හිඳ, හොඳ මසුන් වට්ටිවලට තෝරා දමමින්, නරක එවුන් ඉවතට වීසි කළහ. යුග අන්තයේදී සිදු වන්නේ ද එයයි. දේව දූතයින් අවුත්, ධර්මිෂ්ඨයින් වෙතින් දුෂ්ටයින් වෙන් කොට, ගිනි ඇවිළෙන උදුනෙහි ඔවුන් හෙළනු ඇත. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් ඇති වෙයි.

ශු. මතෙව් 13:44-50 Sinhala Revised Old Version (SROV)

කෙතෙහි සඟවා තිබුණු වස්තුවකට ස්වර්ගරාජ්‍යය සමානය; මනුෂ්‍යයෙකුට ඒක සම්බවිය; ඔහු ඒක සඟවාතබා, ඒ ගැන සන්තෝෂයෙන් ගොස්, තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගන්නේය. තවද හොඳ මුතු සොයන්නාවූ වෙළෙන්දෙකුට ස්වර්ගරාජ්‍යය සමානය. ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක් ඔහුට සම්බවී, ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය. තවද මුහුදේ හෙළුවාවූද සියලු වර්ගවල මසුන් අසුවුණාවූද දැලකට ස්වර්ග රාජ්‍යය සමානය. ඒ දැල පිරුණු කල ඔව්හු එය වෙරළට ඇද හිඳගෙන, හොඳවුන් භාජනවල එකතුකොට, නරකවුන් අහකදැමුවෝය. ලෝකාන්තිමයේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත්, ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට, ගිනි උදුනෙහි හෙළන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.

ශු. මතෙව් 13:44-50 Sinhala New Revised Version (NRSV)

“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය. එක්තරා මිනිසෙකුට එය සම්බ විය. ඔහුත් එය සඟවා තබා, මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිළ දී ගත්තේ ය. “ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමාන ය. ඉතා අගනා මුතු ඇටයක් සම්බ වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලට ගත්තේ ය. “ස්වර්ග රාජ්‍යය වනාහි, මුහුදේ හෙළන ලද, සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමාන ය. ඒ දැල පිරුණු කල, ධීවරයෝ එය වෙරළට ඇද, හිඳගෙන, හොඳ මසුන් භාජනවලට එකතු කොට නරක මසුන් ඉවත දැමූ හ. යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට, අදමිටුන් ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.

ශු. මතෙව් 13:44-50 Sinhala New Revised Version 2018 (SNRV)