ශු. මතෙව් 10:16-17 - Compare All Versions
ශු. මතෙව් 10:16-17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මෙන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළුවන් ලෙසයි. එබැවින් සර්පයින් මෙන් විචක්ෂණ ව, පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න; ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත.
ශු. මතෙව් 10:16-17 SROV (Sinhala Revised Old Version)
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න. නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත
ශු. මතෙව් 10:16-17 NRSV (Sinhala New Revised Version)
“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත.
ශු. මතෙව් 10:16-17 SNRV (Sinhala New Revised Version 2018)
“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත.
ශු. මතෙව් 10:16-17 NIV (New International Version)
“I am sending you out like sheep among wolves. Therefore be as shrewd as snakes and as innocent as doves. Be on your guard; you will be handed over to the local councils and be flogged in the synagogues.