මලාකී 3:8-9 - Compare All Versions
මලාකී 3:8-9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මිනිහෙක් දෙවියන්වහන්සේගෙන් පැහැර ගන්නේ ද? එසේ වුවත් නුඹලා මගෙන් පැහැර ගනිති. “ ‘අප කෙසේ ඔබගෙන් පැහැර ගන්නවා දැ’ යි නුඹලා අසති. “දසයෙන් කොටස්වලින් හා පඬුරු පූජාවලිනි. නුඹලා මගෙන් පැහැර ගන්න නිසා, නුඹලාගේ මුළු මහත් ජාතිය පිට ශාපයක් තිබේ.
මලාකී 3:8-9 SROV (Sinhala Revised Old Version)
මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ලකනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ලකන්නහුය. එහෙත්: අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ලකෑවෙමුදැයි නුඹලා අසන්නහුය. ඔතුවලින් සහ එසවීම් පූජාවලිනුත්ය. ශාපය නුඹලා පිටට පැමිණ තිබේ; මක්නිසාද නුඹලා, එනම් මේ මුළු ජාතිය, මගෙන් කොල්ලකන්නහුය.
මලාකී 3:8-9 NRSV (Sinhala New Revised Version)
දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය. මුළු ජාතිය ම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත.
මලාකී 3:8-9 SNRV (Sinhala New Revised Version 2018)
දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය. මුළු ජාතිය ම මා රවටන බැවින් නුඹලා සියල්ලන් පිට සාපයක් පැමිණ ඇත.
මලාකී 3:8-9 NIV (New International Version)
“Will a mere mortal rob God? Yet you rob me. “But you ask, ‘How are we robbing you?’ “In tithes and offerings. You are under a curse—your whole nation—because you are robbing me.