ශු. ලූක් 5:37-39 - Compare All Versions
ශු. ලූක් 5:37-39 SCV (සිංහල කාලීන පරිවර්තනය)
කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී, සම් මලු ද නාස්ති වී යයි. අලුත් මිදි යුෂ අලුත් සම් මලුවල දැමිය යුතු වෙයි. පැරණි මිදි යුෂ පානය කළ කිසිවකු අලුත් ඒවාට රුචි නො වේ. ‘පැරණි ඒවා හොඳා යැ’ යි ඔහු කියතැ” යි පැවසූ සේක.
ශු. ලූක් 5:37-39 SROV (Sinhala Revised Old Version)
කිසිවෙක් අලුත් මුද්‍රිකපානය පරණ සම්භාජනවල වත් නොකරයි; වත්කළොත් අලුත් මුද්‍රිකපානයෙන් සම්භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, සම්භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කළ යුතුය. තවද පරණ මුද්‍රිකපානය බීවාවූ කිසිවෙක් අලුත් ඒවාට කැමති නොවෙයි. මක්නිසාද: පරණ ඒවා හොඳය කියා ඔහු කියන්නේයයි කීසේක.
ශු. ලූක් 5:37-39 NRSV (Sinhala New Revised Version)
කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි. නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය. තවද, පරණ මිදියුස පානය කළ කිසි මිනිසෙක් නව මිදියුස රුචි නොකරයි; පරණ මිදියුස ම රසය යි ඔහු කියන්නේ ය.”
ශු. ලූක් 5:37-39 SNRV (Sinhala New Revised Version 2018)
කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි. නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය. තවද, පරණ මිදියුස පානය කළ කිසි මිනිසෙක් නව මිදියුස රුචි නොකරයි; පරණ මිදියුස ම රසය යි ඔහු කියන්නේ ය.”
ශු. ලූක් 5:37-39 NIV (New International Version)
And no one pours new wine into old wineskins. Otherwise, the new wine will burst the skins; the wine will run out and the wineskins will be ruined. No, new wine must be poured into new wineskins. And no one after drinking old wine wants the new, for they say, ‘The old is better.’ ”