ශු. ලූක් 4:1-2 - Compare All Versions

ශු. ලූක් 4:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව යොර්දාන් වෙතින් ආපසු පැමිණ, ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් පාළුකරයේ ගෙන යනු ලැබ, යක්ෂයා විසින් දවස් හතළිහක් පරීක්ෂා කරනු ලැබූ සේක. එදවස් ඇතුළත උන්වහන්සේ කිසි අහරක් ගත්තේ නැත. එදවස් කෙළවරදී උන්වහන්සේට කුස ගිනි දැනිණි.

බෙදාගන්න
ශු. ලූක් 4 SCV

ශු. ලූක් 4:1-2 SROV (Sinhala Revised Old Version)

යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යොර්දානෙන් හැරී ඇවිත්, යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබමින්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන සතළිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූසේක. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොකාසිටිසේක. ඒ දවස් නිමවූ පසු උන්වහන්සේට බඩගිනිවිය.

බෙදාගන්න
ශු. ලූක් 4 SROV

ශු. ලූක් 4:1-2 NRSV (Sinhala New Revised Version)

ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක. එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.

බෙදාගන්න
ශු. ලූක් 4 NRSV

ශු. ලූක් 4:1-2 SNRV (Sinhala New Revised Version 2018)

ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක. එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය.

බෙදාගන්න
ශු. ලූක් 4 SNRV

ශු. ලූක් 4:1-2 NIV (New International Version)

Jesus, full of the Holy Spirit, left the Jordan and was led by the Spirit into the wilderness, where for forty days he was tempted by the devil. He ate nothing during those days, and at the end of them he was hungry.

බෙදාගන්න
ශු. ලූක් 4 NIV