ශු. ලූක් 23:40-42 - Compare All Versions
ශු. ලූක් 23:40-42 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් අනෙක් අපරාධකරු ඔහුට තරවටු කරමින්, “එක ම දඬුවමක් ලබා සිටියදීත් නුඹ දෙවියන්වහන්සේට භය නැද්ද? අප දඬුවම් ලබා ඇත්තේ යුක්ති සහගතවයි. අප විඳින්නේ අප ම කළ දේවල පල විපාකයි. එනමුත් මේ මනුෂ්‍යයා කර ඇති වරදක් නැතැ” යි කීවේ ය. ඉන්පසු ඔහු, “යේසුස්වහන්ස, ඔබ, ඔබගේ රාජ්‍යයට එන කල, මා සිහි කරන්නැ” යි කීවේ ය.
ශු. ලූක් 23:40-42 SROV (Sinhala Revised Old Version)
අනික් අය ඔහුට තරවටුකරමින්: එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන්වහන්සේටවත් භය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණලෙසය; මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නුමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තරදුන්නේය. තවද ඔහු: යේසුස්වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනවයි කීවේය.
ශු. ලූක් 23:40-42 NRSV (Sinhala New Revised Version)
අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද? අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය. තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.
ශු. ලූක් 23:40-42 SNRV (Sinhala New Revised Version 2018)
අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද? අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය. තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය.
ශු. ලූක් 23:40-42 NIV (New International Version)
But the other criminal rebuked him. “Don’t you fear God,” he said, “since you are under the same sentence? We are punished justly, for we are getting what our deeds deserve. But this man has done nothing wrong.” Then he said, “Jesus, remember me when you come into your kingdom.”