ශු. ලූක් 21:5-19 - Compare All Versions
ශු. ලූක් 21:5-19 SROV (Sinhala Revised Old Version)
සමහරු දේවමාළිගාව ගැන කථාකොට, ඒක ශෝභමාන ගල්වලින්ද කැපකළ දේවලින්ද සරසා තිබෙන හැටි කී කල්හි, උන්වහන්සේ කථාකොට: නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේයයි කීසේක. ආචාරිනි, ඒ දේ කොයි කලක වන්නේද? ඒවා සිදුවෙන්ට එන කල ලකුණ කිමෙක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ කියනසේක්: මුළා නොවෙන්ට බලාගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත්–ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න. යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවන්න. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක. එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් නුඹලා පාවාදෙමින්, නුඹලාට පීඩාකරන්නෝය, නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය. ඒක නුඹලාට සාක්ෂියක් පිණිස වන්නේය. එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න. මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි. එහෙත් මවුපිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම නුඹලා භාරදෙනු ලබන්නහුය; ඔව්හු නුඹලාගෙන් සමහරෙකු මරණයට පත්කරවන්නෝය. මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය. නුමුත් නුඹලාගේ හිසකෙසක්වත් නැති නොවන්නේය. නුඹලා ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනාගන්නහුය.
ශු. ලූක් 21:5-19 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දේව මාලිගය රමණීය ගලින් හා පූජා කරන ලද දේවලින් අලංකාර කර තිබූ අයුරු ඇතමුන් කතා කරද්දී, උන්වහන්සේ කතා කරමින්, “ඔබ දකින මේ දේවල් ගැන කියනවා නම්, මෙතැන ගලක් පිට ගලක් නො තිබෙන සේ, හැම එකක් ම බිඳ දමනු ලබන දවස් පැමිණෙනු ඇතැ” යි පැවසූ සේක. එවිට ඔවුහු, “ගුරුතුමනි, ඒ දේවල් සිදු වන්නේ කවරදා ද? මේ දෑ සිදු වන්නට ළං වූ කල, ඇති වන පෙර නිමිත්ත කුමක් දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මුළා කරනු නො ලබන්නට වග බලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මගේ නාමයෙන් අවුත්, ‘උන්වහන්සේ මමයි. කාලය අත ළඟයි’ කියනු ඇත. ඔවුන් පසු පස නො යන්න. යුද්ධ ගැනත්, කැරලි ගැනත් ඔබට අසන්නට ලැබෙන විට තැති ගන්න එපා. මන්ද මේ දේවල් පළමු කොට සිදු විය යුතු ව තිබේ. එනමුත් අවසානය එකපාරට සිදු වන්නේ නැතැ” යි කී සේක. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට කියන සේක්: “ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා, සාගත හා වසංගත ඇති වෙයි. භයංකර සිදුවීම් හා අහසේ මහා ලකුණු ඇති වෙයි. “එහෙත් මේ සියල්ලට පළමු ඔවුන් ඔබ අත්අඩංගුවට ගෙන, සිනගෝගවල ද සිර ගෙවල දමමින්, ඔබට වධ හිංසා පමුණුවනු ඇත. මගේ නාමය නිසා රජුන් හා ආණ්ඩුකාරයින් ඉදිරියට ඔබ ගෙන යනු ලබනු ඇත. සාක්ෂි දරන පිණිස මෙය ඔබට අවස්ථාව වනු ඇත. එබැවින් උත්තර දෙන්නේ කෙසේදැයි සිතමින් කනස්සලු නො වීමට ඔබගේ සිත සකසා ගන්න. මන්ද ඔබේ එදිරිවාදීන් කිසිවකුට බිඳ දැමිය නො හැකි වූත්, නිෂ්ප්‍රභ කළ නො හැකි වූත් කථිකත්වයක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. ඔබේ ම දෙමවුපියන්, සහෝදරයින්, නෑයින් හා මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබනු ඇත. ඔබගෙන් ඇතැම් දෙනකු ඔවුන් අතින් මැරුම් කනු ඇත. මගේ නාමය නිසා සැවොම ඔබට වෛර කරනු ඇත. එහෙත් ඔබගේ හිස කෙසක් පමණවත් නැති නො වනු ඇත. නො සැලී ස්ථිර ව සිටීමෙන් ඔබ ජීවනය දිනනු ඇත.
ශු. ලූක් 21:5-19 NRSV (Sinhala New Revised Version)
සමහරුන් දේව මාලිගාව ගැන කතා කරමින්, එය මනහර ගලින් හා පූජා වස්තුවලින් ද සරසා තිබෙන නියාව පැවසූ විට උන් වහන්සේ කතා කොට, “ඔබට පෙනෙන මේ දෙය, ගලක් පිට ගලක් ඉතිරි නොවන සේ බිඳ දමනු ලබන කාලයක් පැමිණෙන්නේ ය”යි වදාළ සේක. “ගුරුදේවයෙනි, ඒ දෙය කවර කලෙක වන්නේ ද? ඒ පිළිබඳ පෙර ලකුණු කවරේ දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ කතා කොට, “මුළා නොවෙන්ට බලාගන්න; කුමක් නිසා ද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වී ‘ඒ මම ය, නියමිත මොහොත පැමිණ ඇතැ’යි කියන්නෝ ය; ඔවුන් අනුව නොයන්න. යුද්ධ සහ විප්ලව ගැන ආරංචි වන විට, භයින් ත්‍රස්ත නොවන්න; මන්ද, මේ දේවල් පළමුකොට සිදුවිය යුතු ය; එහෙත් අවසානය එකෙණෙහි ම නොපැමිණෙන්නේ ය”යි වදාළ සේක. එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. මහා භූමිකම්පා ද නොයෙක් තැන්වල සාගත හා වසංගත ද වන්නේ ය; ත්‍රාසජනක දර්ශන ද පුදුම ලකුණු ද අහසෙහි වන්නේ ය. එහෙත් ඒ සියල්ලට පෙර, මාගේ නාමය නිසා ඔව්හු ඔබ අල්ලාගෙන, ධර්මශාලාවටත්, හිර ගෙවලටත් ඔබ පාවාදෙමින්, ඔබට පීඩා කරන්නෝ ය; ඔබ රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙන යන්නෝ ය. ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. දෙමවුපියන්, සහෝදරයන් හා නෑ මිතුරන් විසින් ම ඔබ පාවා දෙනු ලබන්නහු ය; ඔව්හු ඔබගෙන් සමහරෙකු මරණයට පත් කරන්නෝ ය. මාගේ නාමය නිසා සියල්ලෝ ම ඔබට වෛර කරන්නෝ ය. එහෙත් ඔබගේ කෙස් ගහක් පමණ වත් නාස්ති නොවන්නේ ය. ස්ථීර ව සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්නහු ය.”
ශු. ලූක් 21:5-19 SNRV (Sinhala New Revised Version 2018)

ශු. ලූක් 21:5-19 NIV (New International Version)
Some of his disciples were remarking about how the temple was adorned with beautiful stones and with gifts dedicated to God. But Jesus said, “As for what you see here, the time will come when not one stone will be left on another; every one of them will be thrown down.” “Teacher,” they asked, “when will these things happen? And what will be the sign that they are about to take place?” He replied: “Watch out that you are not deceived. For many will come in my name, claiming, ‘I am he,’ and, ‘The time is near.’ Do not follow them. When you hear of wars and uprisings, do not be frightened. These things must happen first, but the end will not come right away.” Then he said to them: “Nation will rise against nation, and kingdom against kingdom. There will be great earthquakes, famines and pestilences in various places, and fearful events and great signs from heaven. “But before all this, they will seize you and persecute you. They will hand you over to synagogues and put you in prison, and you will be brought before kings and governors, and all on account of my name. And so you will bear testimony to me. But make up your mind not to worry beforehand how you will defend yourselves. For I will give you words and wisdom that none of your adversaries will be able to resist or contradict. You will be betrayed even by parents, brothers and sisters, relatives and friends, and they will put some of you to death. Everyone will hate you because of me. But not a hair of your head will perish. Stand firm, and you will win life.