ශු. ලූක් 20:1-8
ශු. ලූක් 20:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ, උන්වහන්සේට කතා කොට, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? ඔබට මේ බලය දුන්නේ කවුරුන්දැයි අපට කියන්නැ” යි කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්; මට කියන්න, යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැති නම් මිනිසුන්ගෙන් දැ?” යි ඇසූ සේක. ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි අප කීවොත්, ‘ඔබ යොහන් විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අසාවි; ‘මිනිසුන්ගෙනි’ යි කීවොත් මුළු ජනතාව අප මැරෙන තුරු ගල් ගසාවි; මන්ද යොහන් දිවැසිවරයකු බවට ජනතාව ඒත්තු ගෙන ඇතැ” යි කීහ. එබැවින් ඔවුහු පිළිතුරු දෙමින්, “එය කොතැනින්දැයි අප දන්නේ නැතැ” යි කීහ. යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයක් පිටදැයි මාත් ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක.
ශු. ලූක් 20:1-8 Sinhala Revised Old Version (SROV)
තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය නුඹට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් ප්‍රශ්නයක් අසමි; ඒක මට කියන්න: යොහන්ගේ බව්තීස්මය වුණේ ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. එවිට ඔව්හු තමුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කීවොත්, ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි කියනවා ඇත. මනුෂ්‍යයන්ගෙන්යයි කීවොත්, යොහන් අනාගතවක්තෘ කෙනෙක් කොට මුළු සෙනඟ විශ්වාසකරන බැවින්, ඔවුන් අපට ගල් ගසනවා ඇතැයි කියා, කොතැනින් වුණේදැයි නොදැනිමුයයි උත්තරදුන්නේය. එවිට යේසුස්වහන්සේ: මමත් මොන බලයකින් මේ දේ කරම්දැයි නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක.
ශු. ලූක් 20:1-8 Sinhala New Revised Version (NRSV)
එක් දිනක් උන් වහන්සේ දේව මාලිගාවෙහි සෙනඟට අනුශාසනා කරමින් ද සුබ අස්න දේශනා කරමින් ද සිටිය දී නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයන් හා සමඟ උන් වහන්සේ වෙත පැමිණ, “ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින් ද නොහොත් මේ අධිකාරී බලය ඔබට පැවරුවේ කවරෙක් දැ යි අපට කියන්නැ”යි උන් වහන්සේට කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මමත් ඔබගෙන් ප්‍රශ්නයක් අසමි; ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නොහොත් මනුෂ්‍යයන්ගෙන් දැ”යි ඇසූ සේක. එවිට ඔව්හු තම තමන් අතර කතා කොට, “ ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘එසේ නම්, ඔහු අදහා නොගත්තේ මන්දැ’යි මොහු අපෙන් අසනු ඇත. ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයකු ලෙස මුළු ජනතාව විශ්වාස කරන බැවින්, ඔවුන් අපට ගල් ගසනු ඇතැ”යි කියා, “එය කොතැනින් වූයේ දැ යි අපි නොදනිමු”යි උත්තර දුන්හ. එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කුමන අධිකාරී බලයකින් මේ දේවල් කරම් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.
ශු. ලූක් 20:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. ලූක් 20:1-8 New International Version (NIV)
One day as Jesus was teaching the people in the temple courts and proclaiming the good news, the chief priests and the teachers of the law, together with the elders, came up to him. “Tell us by what authority you are doing these things,” they said. “Who gave you this authority?” He replied, “I will also ask you a question. Tell me: John’s baptism—was it from heaven, or of human origin?” They discussed it among themselves and said, “If we say, ‘From heaven,’ he will ask, ‘Why didn’t you believe him?’ But if we say, ‘Of human origin,’ all the people will stone us, because they are persuaded that John was a prophet.” So they answered, “We don’t know where it was from.” Jesus said, “Neither will I tell you by what authority I am doing these things.”