ශු. ලූක් 18:9-10 - Compare All Versions

ශු. ලූක් 18:9-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තමන් ධර්මිෂ්ඨයයි තමන් තුළ විශ්වාසය තබා, අන් අය සුළු කොට සලකන ඇතමකුට උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක. “මිනිසුන් දෙදෙනෙක් යාච්ඤා කරන පිණිස දේව මාලිගාවට ගියා. ඉන් කෙනෙක් පරිසිවරයෙක්. අනෙකා බදු අය කරන්නෙක්.

බෙදාගන්න
ශු. ලූක් 18 SCV

ශු. ලූක් 18:9-10 SROV (Sinhala Revised Old Version)

තවද තුමූම ධර්මිෂ්ඨයෝයයි විශ්වාසකොට, අනික් සියල්ලන් සුළුකළාවූ සමහරෙකුට උන්වහන්සේ මේ උපමාවද කියනසේක්: මනුෂ්‍යයෝ දෙදෙනෙක් යාච්ඤාකරන පිණිස දේවමාළිගාවට නැගී ගියෝය; එක්කෙනෙක් ඵරිසියෙක්ය, අනික් තැනැත්තා සුංගම් අයකරන්නෙක්ය.

බෙදාගන්න
ශු. ලූක් 18 SROV

ශු. ලූක් 18:9-10 NRSV (Sinhala New Revised Version)

තමා සිල්වත් යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක. “මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි.

බෙදාගන්න
ශු. ලූක් 18 NRSV

ශු. ලූක් 18:9-10 SNRV (Sinhala New Revised Version 2018)

තමා ධර්මිෂ්ඨ යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක. “මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි.

බෙදාගන්න
ශු. ලූක් 18 SNRV

ශු. ලූක් 18:9-10 NIV (New International Version)

To some who were confident of their own righteousness and looked down on everyone else, Jesus told this parable: “Two men went up to the temple to pray, one a Pharisee and the other a tax collector.

බෙදාගන්න
ශු. ලූක් 18 NIV