ශු. ලූක් 17:15-17 - Compare All Versions

ශු. ලූක් 17:15-17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන් අතරින් කෙනෙක්, තමන් සුවය ලද වග දැක, හඬ නගා, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ආපසු හැරී අවුත්, යේසුස්වහන්සේගේ පාමුල මුහුණ ඔබා, උන්වහන්සේට ස්තුති කළේ ය. ඔහු සමාරීය වැසියෙකි. එවිට යේසුස්වහන්සේ, “දහ දෙනා ම පවිත්‍ර වූවා නො වේ ද? අනෙක් නවදෙනා කොහේ ද?

බෙදාගන්න
ශු. ලූක් 17 SCV

ශු. ලූක් 17:15-17 SROV (Sinhala Revised Old Version)

තවද ඔව්හු යද්දී පවිත්‍රවූවෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුවවූ බව දැක, මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ගෞරවකරමින් හැරී ඇවිත්, උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටී උන්වහන්සේට ස්තුතිකළේය. ඔහු සමාරියයෙක්ය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: දසදෙනාම පවිත්‍රවුණා නොවේද? නුමුත් නවදෙනා කොයිද?

බෙදාගන්න
ශු. ලූක් 17 SROV

ශු. ලූක් 17:15-17 NRSV (Sinhala New Revised Version)

ඔව්හු එසේ යද්දී පවිත්‍ර වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් තමා සුව වූ බව දැක, මහ හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරළා අවුත්, උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි. ජේසුස් වහන්සේ කතා කරමින්, “දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද?

බෙදාගන්න
ශු. ලූක් 17 NRSV

ශු. ලූක් 17:15-17 SNRV (Sinhala New Revised Version 2018)

ඔව්හු එසේ යද්දී පවිත්‍ර වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් තමා සුව වූ බව දැක, මහ හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරළා අවුත්, උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි. ජේසුස් වහන්සේ කතා කරමින්, “දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද?

බෙදාගන්න
ශු. ලූක් 17 SNRV

ශු. ලූක් 17:15-17 NIV (New International Version)

One of them, when he saw he was healed, came back, praising God in a loud voice. He threw himself at Jesus’ feet and thanked him—and he was a Samaritan. Jesus asked, “Were not all ten cleansed? Where are the other nine?

බෙදාගන්න
ශු. ලූක් 17 NIV