ලෙවී කථාව 4:35
ලෙවී කථාව 4:35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ශාන්ති පූජාවේ බැටළු පැටවාගේ මේදය ඉවත් කරන පරිදි, උගේ මුළු මේදය ඉවත් කොට, පූජාසනය මත ස්වාමින්වහන්සේට ගින්නෙන් පූජා කරන ලද පිදුම්වලට උඩින් තබා, දවාලිය යුතු ය. ඒ මිනිසා කර තිබූ පාප උදෙසා මෙපරිදි පූජකයා, පාප වන්දි නිවාරණය ඉටු කරයි. එසේ ඔහුට කමා කෙරේ.
ලෙවී කථාව 4:35 Sinhala Revised Old Version (SROV)
ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.
ලෙවී කථාව 4:35 Sinhala New Revised Version (NRSV)
පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”
ලෙවී කථාව 4:35 Sinhala New Revised Version 2018 (SNRV)
පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”
ලෙවී කථාව 4:35 New International Version (NIV)
They shall remove all the fat, just as the fat is removed from the lamb of the fellowship offering, and the priest shall burn it on the altar on top of the food offerings presented to the LORD. In this way the priest will make atonement for them for the sin they have committed, and they will be forgiven.