ලෙවී කථාව 11:1-47

ලෙවී කථාව 11:1-47 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනතාවට මෙසේ කියන්න: ‘ගොඩ බිම වෙසෙන සතුන් හැම අතරින් ඔබට අහරට ගත හැකි මේ සතුන් ය. කුරය බෙදී, වෙන් ව ඇති, වමාරා කන කවර සතකු වුව ඔබට අහරට ගත හැකි ය. “ ‘වමාරා කන නමුදු, කුර නො බෙදුණු සත්තු ද කුර බෙදී ඇති නමුදු වමාරා නො කන සත්තු ද වෙති. ඔබ උන් අහරට නො ගත යුතු ය. ඔටුවා වමාරා කන නමුදු, උගේ කුර බෙදී නැත. එබැවින් ඔබට ඌ අපවිත්‍ර ය. පර්වත කූට හාවා වමාරා කන නමුදු, උගේ ද කුර බෙදී නැත. ඌ ඔබට අපවිත්‍ර ය. හාවා වමාරා කන නමුදු, උගේ ද කුර බෙදී නැත. ඌ ඔබට අපවිත්‍ර ය. ඌරාගේ කුරය බෙදී, වෙන් ව ඇති නමුදු, ඌ වමාරා කන්නේ නැත. එබැවින් ඔබට ඌ අපවිත්‍ර ය. උන්ගේ මස ඔබ අහරට නො ගත යුතු ය; උන්ගේ මළකුණු ස්පර්ශ නො කළ යුතු ය. ඔබට උන් අපවිත්‍ර ය. “ ‘මුහුදේ ද ගං-ඇළ-දොළවල ද වෙසෙන සියලු ජලජ ජීවීන් අතරින් වරල් සහ කොරපොතු ඇති එවුන් ඔබට අහරට ගත හැකි ය. එහෙත්, මුහුදේ හෝ ගං-ඇළ-දොළවල හෝ සිටින සියලු ජලජ ජීවීන් අතර, එනම් දියෙහි පිහිනන හෝ දියෙහි වෙසෙන අන් සියලු ජලජ ජීවීන් අතර වරල් හා කොරපොතු නැති උන් ඔබ පිළිකුල් කළ යුතු ය. ඔබට උන් පිළිකුල් බැවින්, උන්ගේ මස අහරට නො ගත යුතු ය. උන්ගේ මළකුණු ද ඔබට පිළිකුලක් විය යුතු ය. වරල් හා කොරපොතු නැති කවර ජලජ ජීවියකු වුව ඔබට පිළිකුල් විය යුතු ය. “ ‘ඔබ පිළිකුල් කළ යුතු පක්ෂීන් මෙසේ ය; මුන් ඔබට පිළිකුල් බැවින් මින් එකකු හෝ අහරට නො ගත යුතු ය. රාජාලියා, ගිජු ලිහිණියා, මුහුදු උකුස්සා, උකුස්සා, හැම වර්ගයකට අයත් කුරුලුගොයි, කපුටු සෑම වර්ග, උකුසු බකමූණා, බස්සා, මුහුදු ලිහිණියා, නා නා විධ උකුස්සා, කුඩා බස්සා, දියකාවා, කෙටි කන්-බකමූණා, අටු වෙස්බස්සා, කාන්තාර බස්සා, මුහුදු රාජාලියා, මාන කොකා, නා නා විධ කොකුන්, පොරෝළුවා සහ වවුලා ඒ සතුන් ය. “ ‘සතර පයින් ඇවිදින, ඉගිළිය හැකි සියලු කෘමීන් ඔබ පිළිකුල් කළ යුතු ය. එසේ වුව ද සතර පයින් ඇවිදින, පියාපත් සහිත සතුන් අතර බිම පැන පැන යන, බැඳුණු කකුල් ඇති සත්තු ද වෙති. උන් අතරින් පළඟැටි වර්ග, පතංගයින්, රැහැයියන් හා පලා-ගිරවුන් ඔබට අහර සඳහා ගත හැක. එහෙත් සිවු පා ඇති, පියාපත් සහිත අන් සියලු සතුන් ඔබ පිළිකුල් කළ යුතු ය. “ ‘ඔබ අපවිත්‍ර වනු ඇත්තේ මෙපරිදි ය. එම සත්ව මළකුණක් ස්පර්ශ කරන කවරකු වුව ද, සවස දක්වා අපවිත්‍ර ව සිටියි. ඒ කවර සත්ව මළකුණක් ඔසවන කවරකු වුව ද, තමන් හැඳිවත් සෝදා ගත යුතු ය. සවස් වන තෙක් ඔහු අපවිත්‍ර ව සිටියි. “ ‘කුර බෙදී ඇති නමුදු, මුළුමනින් වෙන් නො වූ හෝ වමාරා නො කන හෝ හැම සතකු ම ඔබට අපවිත්‍ර ය. ඒ කවර සත්ව මළකුණක් වුව, ස්පර්ශ කරන කවරෙක් වුව, අපවිත්‍ර වෙයි. සියලු සිවුපාවුන් අතරින් නිය පිටින් ඇවිදින සතුන් ඔබට අපවිත්‍ර ය. එම සත්ව මළකුණක් ස්පර්ශ කරන කවුරු වුව ද සවස තෙක් අපවිත්‍ර වෙයි. එම මළකුණක් ඔසවන කවුරුන් වුව, තමන් හැඳිවත් සෝදා ගත යුතු ය. සවස තෙක් ඔහු අපවිත්‍ර ව සිටී. ඔබට උන් අපවිත්‍ර ය. “ ‘බිම දිගේ හැසිරෙන සත්ව වර්ග අතරින් ඔබට අපවිත්‍ර සතුන් නම්, මුගටියා, මීයා හා තලගොයි වර්ග, හූනා, හිකනලා, කටුස්සා, බෝදිලිමා හා බොහොඬා ය. බිම දිගේ හැසිරෙන සතුන් අතරින් උන් ඔබට අපවිත්‍ර ය. උන් මළ පසු උන් ස්පර්ශ කරන කවුරුන් වුව ද, සවස දක්වා අපවිත්‍ර වෙයි. උන්ගෙන් මළ එකකු, යමක් මත පතිත වුවහොත්, එම භාණ්ඩය කවර කාරියක් සඳහා ගන්නා එකක් වුව ද, එය සැදුම් ලද්දේ ලීයෙන්, රෙද්දෙන්, හමින් නැතහොත් ගෝණිවලින් වුව ද එය අපවිත්‍ර වෙයි. එය දියේ දමන්න. සවස දක්වා එය අපවිත්‍ර ව පවතී. පසුව එය පවිත්‍ර වෙයි. උන්ගෙන් එකකු මැටි බඳුනක් තුළට වැටුණහොත්, එතුළ තිබූ හැම දේ අපවිත්‍ර වෙයි; එම බඳුන ද බිඳ දැමිය යුතු ය. එකී බඳුනක වූ ජලය, යම් ආහාර ද්‍රව්‍යයක් මත වැටුණහොත් ඒවා ද අපවිත්‍ර වේ. එකී බඳුනක වූ ජලය, පානීය දියරයකට වැටුණහොත්, ඒවා ද අපවිත්‍ර වේ. එකී සත්ව මළකුණක්, කවර දෙයක් මත පතිත වුවත් එය අපවිත්‍ර වේ. පෝරණුවකට හෝ අහර පිසින උදුනකට හෝ එබන්දක් වැටුණහොත්, එය බිඳ දැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. ඔබ ඒවා අපවිත්‍ර සේ සැලකිය යුතු ය. එසේ වුව ද දිය උල්පතක් හෝ ජල-රඳනයක් හෝ එමඟින් අපවිත්‍ර නො වී පවතී. එහෙත්, එහි ඇති මළකුණ ස්පර්ශ කරන්නා අපවිත්‍ර වෙයි. වැපුරුම්-බීජ මත එකී මළකුණක් වැටුණ ද, ඒවා පවිත්‍ර ව ම පවතී. එහෙත්, ඒ බීජවලට ජලය වත් කළ පසු, ඒ මත එම සත්ව මළකුණක් වැටුණොත්, ඒවා අපවිත්‍ර වෙයි. “ ‘අහරට ඔබට අනුමත සතකු මළ විට, යමකුට ඒ මළකුණ ස්පර්ශ වුවහොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටී. එසේ මළ සතකුගේ මස් කන අය තම හැඳිවත් සෝදා ගත යුතු ය. සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටී. යමකු එම මළකුණ එසවුවහොත්, ඔහු ද තම හැඳිවත් සෝදා ගත යුතු ය. සවස තෙක් ඔහු අපවිත්‍ර ව සිටී. “ ‘බිම බඩ ගා, ඇදී යන හැම සතකු ම පිළිකුලක් ය. උන් අහරට නො ගත යුතු ය. බඩගාමින් හෝ හතරගාතෙන් හෝ පා අඬු බොහොමයකින් හෝ බිම දිගේ ඇදී යන කවර උරගයකු වුව ද, ඔබ අහරට නො ගත යුතු ය. එය පිළිකුලකි. ඒ කවර සතකුගෙන් වුව ඔබ දූෂ්‍ය නො විය යුතු ය; උන් මගින් අපවිත්‍ර නො වන්න; උන් මගින් පිළිකුලට පත් නො වන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මා පාරිශුද්ධ බැවින්, ඔබත් පවිත්‍ර ව, ශුද්ධවත් වන්න. බිම දිගේ ඇදෙන ඒ සතුන්ගෙන් ඔබ අපවිත්‍ර නො වන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ රැගෙන ආ ස්වාමින්වහන්සේ මම ය. එබැවින් ශුද්ධ ව සිටින්න. මන්ද මා පාරිශුද්ධ ය. “ ‘සිවුපාවුන් ද පක්ෂීන් ද ජලයෙහි ගැවසෙන ජලජ ජීවීන් ද බිම දිගේ හැසිරෙන සතුන් ද පිළිබඳ නියමයන් ඒවා ය. අපවිත්‍ර දෑ හා පවිත්‍ර දෑ කවරේ ද, පණ ඇති සතුන්ගෙන් අහරට ගත හැකි හා අහරට නො ගත යුතු සතුන් කවරේ ද යන්න ඔබ මෙසේ පැහැදිලි ව වටහා ගත යුතු යැ’ යි” පැවසූ සේක.

ලෙවී කථාව 11:1-47 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ මෝසෙස්ටත් ආරොන්ටත් කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ-කියන්න–පොළොවෙහි සියලු මෘගයන් අතරෙන් නුඹලා විසින් කෑ යුතු වන්නේ මේ ජීවමාන සත්වයෝය. මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් නුඹලාට කන්ට පුළුවන. එසේ වී නුමුත් වමාරාකන මෘගයන්ගෙන්ද කුරය බෙදුණවුන්ගෙන්ද මොවුන් නුඹලා විසින් නොකෑ යුතුය: එනම් ඔටුවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා නුඹලාට අපවිත්‍රය. බෙන් හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය. හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය. ඌරා, කුරය බෙදී වෙන්ව තිබෙන නුමුත් වමාරානොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මාංස නොකන්න, උන්ගේ මළකුණු ස්පර්ශනොකරන්න; උන් නුඹලාට අපවිත්‍රය. ජලයෙහි ඉන්න සියල්ලන්ගෙන් නුඹලාට කන්ට පුළුවන්වන්නේ මේ සත්වයෝය: එනම් මුහුදුවලත් ගංගාවලත් ජලයෙහි ඉන්නාවූ වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන. එහෙත් ජලයෙහි හැසිරෙන සියල්ලන්ගෙන්ද ජලයෙහි ඉන්නාවූ පණ ඇති සියලු සතුන්ගෙන්ද මුහුදුවලත් ගංගාවලත් ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති සියල්ලෝ නුඹලාට පිළිකුලක්ය, උන් නුඹලාට පිළිකුලක් වන්නෝය; උන්ගේ මාංසය නොකන්න, උන්ගේ මළකුණු පිළිකුල් කොට සලකන්න. ජලයෙහි ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති කොයි සතෙක් නුමුත් නුඹලාට පිළිකුලක්ය. පක්ෂීන් අතරෙන් නුඹලා විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය–එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද; උකුස්සාද ඒ ඒ වර්ගයේ කුරුළුගොයිද; ඒ ඒ වර්ගයේ සියලු කපුටුවෝද; පැස්බරාද රෑ උකුස්සාද මුහුදු ලිහිණියාද ඒ ඒ වර්ගයේ උකුස්සෝද; බස්සාද දියකාවාද බකමූණාද; උලමාද කරවැල් කොකාද ගිජුලිහිණියාද; මානකොකාද ඒ ඒ වර්ගයේ කොක්කුද හුපුවාද වවුලාද යන උන්ය. පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු නුඹලාට පිළිකුලක්ය. එහෙත් පියාපත් ඇති බඩගා යන සතර පයින් ඇවිදින භූමිය පිට පැනයන පිණිස පාදවලට ඉහළින් කකුල් ඇති සියලු සතුන් අතරෙන් මුන් නුඹලාට කන්ට පුළුවන: එනම් ඒ ඒ වර්ගයේ පළඟැටියෝද ඒ ඒ වර්ගයේ තට්ට පළඟැටියෝද ඒ ඒ වර්ගයේ ගොඩ වෙලුවෝද ඒ ඒ වර්ගයේ තනගිරව්ද නුඹලාට කන්ට පුළුවන. එහෙත් පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු නුඹලාට පිළිකුලක්ය. නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී. උන්ගේ මළකුණුවලින් කිසිවක් උසුලා ගෙනයන කවරෙක් නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. බෙදුණු නුමුත් වෙන්නූණ කුර ඇති වමාරානොකන සියලු මෘගයෝ නුඹලාට අපවිත්‍රය. උන්ට ස්පර්ශවන සියල්ලෝද අපවිත්‍ර වන්නෝය. පාද සතරෙන් යන සියලු ආකාර මෘගයන් අතරෙන් පතුල් තබායන සියල්ලෝ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රවන්නේය. උන්ගේ මළකුණු උසුලාගනයන්නා තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ සත්තු නුඹලාට අපවිත්‍රය. පොළොව පිට බඩගායන සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය: එනම් ඒ ඒ වර්ගයේ මුගටියාද බටුමීයාද ඒ ඒ වර්ගයේ කබරගොයි හා තලගොයිද හූනාද ගොඩ කිඹුලාද හිකනැලාද වැලි හූනාද කටුස්සාද යන උන්ය. බඩගායන සියලු සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය. උන් මළ පසු උන්ට ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී. උන් මළ පසු යම් බඩුවක් පිටට වැටුණොත් ලී භාජනයක් නුමුත් ඇඳුමක් නුමුත් හමක් නුමුත් මල්ලක් නුමුත් යම් වැඩකට පාවිච්චිකරන වෙනයම් භාජනයක් නුමුත් ඒක අපවිත්‍රවන්නේය, එය වතුරෙහි දැමිය යුතුය, එය සවස දක්වා අපවිත්‍රව තිබේ; ඉන්පසු එය පවිත්‍රවන්නේය. උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය; එහි තිබෙන කන්නාවූ කොයි කෑමක් පිටට නුමුත් [උන්ගේ] වතුර වැටේද ඒ කෑම අපවිත්‍රවන්නේය; එබඳු හැම භාජනවලින් බොන සියලු බීම අපවිත්‍රවන්නේය. උන්ගේ මළකුණෙන් කිසිවක් යම් දෙයක් පිටට එනම් උදුනක හෝ වලන් මැස්සක හෝ වැටුණොත් එය බිඳදැමිය යුතුය. ඒවා අපවිත්‍රය, ඒවා නුඹලාට අපවිත්‍රවන්නේය. එසේවී නුමුත් උල්පතක් හෝ වතුර එකතුවෙන වළක් හෝ පවිත්‍රය. නුමුත් උන්ගේ මළකුණු ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය. උන්ගේ මළකුණුවලින් කිසිවක් වපුරන්ට තිබෙන මොන බිත්තර වී පිට නුමුත් වැටුණත් ඒවා පවිත්‍රය. එහෙත් ඒ බිත්තර වී පිට වතුර වත්කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒ පිට වැටුණොත් ඒවා නුඹලාට අපවිත්‍රය. නුඹලා කෑමට ගන්න මෘගයින්ගෙන් එකෙක් මැරුණොත් උගේ මළකුණේ ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ මළකුණෙන් කන තැනැත්තේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ මළකුණ උසුලාගන යන තැනැත්තේද තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. බිම බඩගායන සියලු සත්තුද පිළිකුල්ය; උන් නොකෑ යුතුය. බඩගා යන්නාවූද සතර පයින් යන්නාවූද නොහොත් බොහෝ පා ඇත්තාවූ එනම් පොළොව පිට බඩගායන්නාවූද සියලු සතුන් නොකෑ යුතුය; මක්නිසාද උන් පිළිකුල්ය. බඩගායන කොයි සතෙකුගෙන්වත් පිළිකුල් නොවන්න, උන්ගෙන් පිළිකුල්වන ලෙස උන් කරණකොටගෙන අපවිත්‍රනොවන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටින්න. පොළොව පිට බඩගා යන කොයි සතෙකුගෙන්වත් නුඹලාම අපවිත්‍රකර නොගන්න. මක්නිසාද මම වනාහි නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ය. මම ශුද්ධ බැවින් නුඹලාත් ශුද්ධව සිටින්න. අපවිත්‍රයන්ද පවිත්‍රයන්ද අතරෙත් කෑමට සුදුසු සතුන්ද කෑමට නුසුදුසු සතුන්ද අතරෙත් වෙනස දැක්වීමට, මෘගයන්ද පක්ෂීන්ද ජලයෙහි හැසිරෙන පණ ඇති සතුන්ද බිම බඩගායන සියලු සතුන්ද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.

ලෙවී කථාව 11:1-47 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෝසෙස් හා ආරොන් අමතමින් ඔවුන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මිහි පිට සිටින සියලු මෘගයන් අතරෙන් නුඹලාට කන්නට සුදුසු සත්තු නම් මොවුහු ය. කුරය දෙකට බෙදී, වෙන් ව තිබෙන, වමාරා කන මෘගයන් කෑමට සුදුසු ය. එහෙත්, වමාරා කන හෝ කුරය දෙකට බෙදී ඇති හෝ පහත දක්වන මෘගයන් ඔබ නොකෑ යුතු ය. එනම්, ඔටුවා වමාරා කන නමුත් උගේ කුර දෙකට බෙදී නැත. ඌ අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතු ය. පොළොවේ බෙන් හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඉහත දැක්වූ සතුන්ගේ මස් නොකෑ යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතු ය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. “තවද, ජලජ සතුන්ගෙන් පහත දක්වන සත්තු නුඹලාට කන්නට සුදුසු ය. මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ වසන වරල් සහ කොරපොතු සහිත උන් නුඹලාට කෑමට සුදුසු ය. එහෙත්, මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ හැසිරෙන අනෙක් ජලජ සතුන් අතර වරල් හා කොරපොතු රහිත උන් නුඹලා පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් පිළිකුල් කොට, උන්ගේ මාංස නොකෑ යුතු ය. තවද, නුඹලා උන්ගේ මළකුණු පවා පිළිකුල් කළ යුතු ය. නුඹලා වරල් හා කොරපොතු රහිත ජලජ සතුන් පිළිකුල් කළ යුතු ය. “තවද, පක්ෂීන් අතර නුඹලා පහත දක්වන සතුන් පිළිකුල් කොට සැලකිය යුතු ය. නුඹලා උන් නොකෑ යුතු ය; පිළිකුල් කළ යුතු ය. ඒ සත්තු නම්, රාජාලියා, මහ ගිජු ලිහිණියා, මූදු උකුස්සා; සාමාන්‍ය උකුස්සා, නා නා විධ කුරුළුගොයි; නා නා විධ කපුටුවෝ සියල්ල; පැස්බරා, රෑ උකුස්සා, මූදු ලිහිණියා, නා නා විධ වෙනත් උකුස්සෝ; බස්සා, දියකාවා, බකමූණා; උලමා, කරවැල්කොකා, ගිජු ලිහිණියා; මානකොකා, නා නා විධ වෙනත් කොක්කු, හුපුවා සහ වවුලා වෙත්. “පියාපත් සහිත, පා හතරින් ඇවිදින සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය. එහෙත්, පා හතරින් බිම පැන පැන යන, දිග කකුල් ඇති පහත දක්වන සත්තු නුඹලාට කෑමට සුදුසු ය. එනම්, නා නා විධ පළඟැටි ගිරව්, නා නා විධ රැහැයියන්, නා නා විධ වාලුකා පළඟැටි ගිරව් කෑමට සුදුසු ය. එහෙත්, පා හතරින් යන, පියාපත් සහිත අන් සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය. “පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. තවද, යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු සිය වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. කුර ඇති නමුත් ඒවා නොබෙදී ඇති නම්, හෝ වමාරා නොකන හෝ සියලු මෘගයන්ගේ මළකුණු අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා ස්පර්ශ කරන සියල්ලෝ අපවිත්‍ර වෙති. පා සතරින් ඇවිදින සියලු වර්ගවල සතුන් අතර පතුල් තබා යන සතුන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ. යමෙකු උන්ගේ මළකුණු උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර වේ. නුඹලා උන් අපවිත්‍ර සතුන් ලෙස සැලකිය යුතු ය. “බිම බඩගා යන සතුන් අතර පහත දක්වන සතුන් අපවිත්‍ර ලෙස නුඹලා සැලකිය යුතු ය. උන් නම්, නා නා විධ මුගටි, මීයෝ, ඉබ්බෝ; හිකනැල්ලු, කටුස්සෝ, හූනෝ, ගොළුබෙල්ලෝ සහ වැලි මීයෝ වෙත්. බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ. උන්ගේ මළකුණු යම් දෙයක් පිට වැටුණොත්, එය ලී භාජනයක් වේ වා, වස්ත්‍රයක් වේ වා, හමක් වේ වා, මල්ලක් වේ වා, භාවිතයට ගන්න ඕනෑ ම බඳුනක් වේ වා ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. ඒවා වතුරේ දැමිය යුතු අතර ඒවා සවස දක්වා අපවිත්‍ර වේ. ඉන්පසු ඒවා පවිත්‍ර ලෙස සැලකිය යුතු ය. උන්ගේ මළකුණක් මැටි බඳුනකට වැටුණොත්, එහි තිබෙන සියල්ල අපවිත්‍ර වනු ඇත. එය ද බිඳ දැමිය යුතු ය. කෑමට අවසර ඇති යම් ආහාරයක් පිට එවැනි බඳුනකින් වතුර වැටුණොත් ඒ ආහාර අපවිත්‍ර වනු ඇත. එවැනි බඳුනකින් බොන සියලු බීම ද අපවිත්‍ර වන්නේ ය. උන්ගේ මළකුණුවලින් කිසිවක් යම් දෙයක් පිට වැටේ ද, එය උදුනක් වේ වා, වළං මැස්සක් වේ වා, ඒවා කඩාදැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. නුඹලා ද ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. එහෙත් උල්පත්, තටාක හා ජලය ඇති වෙනත් ස්ථාන ද පවිත්‍ර යයි සැලකිය යුතු ය. එහෙත්, උන්ගේ මළකුණු ස්පර්ශ වන අන් සියල්ල අපවිත්‍ර ය. තවද, උන්ගේ මළකුණුවලින් යමක් බිත්තර වී පිට වැටුණත් ඒවා පවිත්‍ර ය. එහෙත්, ඒ බීජ පිට වතුර වත් කළ පසු උන්ගේ මළකුණුවලින් කිසිවක් ඒවා පිට වැටුණොත් ඒවා අපවිත්‍ර යයි සැලකිය යුතු ය. “නුඹලාට කෑමට අවසර ඇති යම් මෘගයෙකු මළ පසු යමෙකු උගේ මළකුණ ස්පර්ශ කළොත්, සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටියි. යමෙකු ඒ මළ සතාගේ මස් කෑවොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. තවද, යමෙකු උගේ මළකුණ උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටිනු ඇත. “බිම බඩගා යන සියලු සත්තු පිළිකුල් ය. උන් නොකෑ යුතු ය. බඩගා යන සියලු සතුන්, පා හතරෙන් ඇවිදින සියලු සතුන් හා බඩගා යන සතුන් අතර බොහෝ පා ඇති සතුන් නුඹලා නොකෑ යුතු ය. උන් පිළිකුල් කොට සැලකිය යුතු ය. තවද, නුඹලා බඩගා යන කොයි යම් සතෙක් වත් කෑමෙන් පිළිකුල් නොවී, අපවිත්‍ර නොවී සිටිය යුතු ය. උන්ගෙන් දූෂණය නොවිය යුතු ය. මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේ වනු පිණිස, නුඹලා පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද ශුද්ධ විය යුතු ය. “මෘගයන් හා පක්ෂීන් ද ජලයේ හැසිරෙන සියලු ජලජ සතුන් හා බිම බඩගා යන සියලු සතුන් ද පිළිබඳ ව වලංගු නීතිය මෙය වේ. මෙහි අදහස නම්, අපවිත්‍ර දේ හා පවිත්‍ර දේ පිළිබඳ ව ද කෑමට සුදුසු හා නුසුදුසු මෘගයන් පිළිබඳ ව ද නුඹලා වෙනසක් කළ යුතු බව ය.

ලෙවී කථාව 11:1-47 Sinhala New Revised Version 2018 (SNRV)

ලෙවී කථාව 11:1-47 New International Version (NIV)

The LORD said to Moses and Aaron, “Say to the Israelites: ‘Of all the animals that live on land, these are the ones you may eat: You may eat any animal that has a divided hoof and that chews the cud. “ ‘There are some that only chew the cud or only have a divided hoof, but you must not eat them. The camel, though it chews the cud, does not have a divided hoof; it is ceremonially unclean for you. The hyrax, though it chews the cud, does not have a divided hoof; it is unclean for you. The rabbit, though it chews the cud, does not have a divided hoof; it is unclean for you. And the pig, though it has a divided hoof, does not chew the cud; it is unclean for you. You must not eat their meat or touch their carcasses; they are unclean for you. “ ‘Of all the creatures living in the water of the seas and the streams you may eat any that have fins and scales. But all creatures in the seas or streams that do not have fins and scales—whether among all the swarming things or among all the other living creatures in the water—you are to regard as unclean. And since you are to regard them as unclean, you must not eat their meat; you must regard their carcasses as unclean. Anything living in the water that does not have fins and scales is to be regarded as unclean by you. “ ‘These are the birds you are to regard as unclean and not eat because they are unclean: the eagle, the vulture, the black vulture, the red kite, any kind of black kite, any kind of raven, the horned owl, the screech owl, the gull, any kind of hawk, the little owl, the cormorant, the great owl, the white owl, the desert owl, the osprey, the stork, any kind of heron, the hoopoe and the bat. “ ‘All flying insects that walk on all fours are to be regarded as unclean by you. There are, however, some flying insects that walk on all fours that you may eat: those that have jointed legs for hopping on the ground. Of these you may eat any kind of locust, katydid, cricket or grasshopper. But all other flying insects that have four legs you are to regard as unclean. “ ‘You will make yourselves unclean by these; whoever touches their carcasses will be unclean till evening. Whoever picks up one of their carcasses must wash their clothes, and they will be unclean till evening. “ ‘Every animal that does not have a divided hoof or that does not chew the cud is unclean for you; whoever touches the carcass of any of them will be unclean. Of all the animals that walk on all fours, those that walk on their paws are unclean for you; whoever touches their carcasses will be unclean till evening. Anyone who picks up their carcasses must wash their clothes, and they will be unclean till evening. These animals are unclean for you. “ ‘Of the animals that move along the ground, these are unclean for you: the weasel, the rat, any kind of great lizard, the gecko, the monitor lizard, the wall lizard, the skink and the chameleon. Of all those that move along the ground, these are unclean for you. Whoever touches them when they are dead will be unclean till evening. When one of them dies and falls on something, that article, whatever its use, will be unclean, whether it is made of wood, cloth, hide or sackcloth. Put it in water; it will be unclean till evening, and then it will be clean. If one of them falls into a clay pot, everything in it will be unclean, and you must break the pot. Any food you are allowed to eat that has come into contact with water from any such pot is unclean, and any liquid that is drunk from such a pot is unclean. Anything that one of their carcasses falls on becomes unclean; an oven or cooking pot must be broken up. They are unclean, and you are to regard them as unclean. A spring, however, or a cistern for collecting water remains clean, but anyone who touches one of these carcasses is unclean. If a carcass falls on any seeds that are to be planted, they remain clean. But if water has been put on the seed and a carcass falls on it, it is unclean for you. “ ‘If an animal that you are allowed to eat dies, anyone who touches its carcass will be unclean till evening. Anyone who eats some of its carcass must wash their clothes, and they will be unclean till evening. Anyone who picks up the carcass must wash their clothes, and they will be unclean till evening. “ ‘Every creature that moves along the ground is to be regarded as unclean; it is not to be eaten. You are not to eat any creature that moves along the ground, whether it moves on its belly or walks on all fours or on many feet; it is unclean. Do not defile yourselves by any of these creatures. Do not make yourselves unclean by means of them or be made unclean by them. I am the LORD your God; consecrate yourselves and be holy, because I am holy. Do not make yourselves unclean by any creature that moves along the ground. I am the LORD, who brought you up out of Egypt to be your God; therefore be holy, because I am holy. “ ‘These are the regulations concerning animals, birds, every living thing that moves about in the water and every creature that moves along the ground. You must distinguish between the unclean and the clean, between living creatures that may be eaten and those that may not be eaten.’ ”