ලෙවී කථාව 1:1-9

ලෙවී කථාව 1:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ මෝසෙස්ට හඬ ගැසූ සේක්, හමුවීමේ කූඩාරමේ සිට ඔහුට මෙසේ පැවසූ සේක, “ඉශ්‍රායෙල් ජනයාට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබ යම් කෙනකු ස්වාමින්වහන්සේට පූජාවක් ගෙනෙන කල, එම පූජාව ගෙන ආ යුත්තේ, ගව හෝ එළු බැටළු හෝ රංචුවෙනි. “ ‘එම පූජාව ගව රංචුවෙන් ගත් දවන යාග පූජාවක් නම්, කැළැල් රහිත පිරිමි සතෙකු ඔහු ඔප්පු කළ යුතු ය. ස්වාමින්වහන්සේ ඉදිරියෙහි තමා පිළිගැනෙනා ලෙස, හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුව ළඟදී, ඔහු එය පිළිගැන්විය යුතු ය. ඔහු උදෙසා පාප වන්දි නිවාරණයක් වශයෙන් පිළිගැනෙනා පිණිස, ඔහු එම දවන පූජාවේ හිස මත අත තැබිය යුතු ය. ඔහු ස්වාමින්වහන්සේ ඉදිරියේ ගවයා මැරිය යුතු ය. එවිට පූජකයින් වන ආරොන්ගේ පුත්‍රයින් ඒ ලේ ගෙනවුත්, හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුවේ ඇති පූජාසනයේ සියලු පැතිවලට ඒවා ඉසිය යුතු ය. ඔහු දවන යාග පූජාව හම ගසා, කැබලිවලට කැපිය යුතු ය. ආරොන්ගේ පුතුන් වන පූජකයින් පූජාසනය මත ගිනි අවුළා, ගිනි මත දර අඩුක් කළ යුතු ය. ආරොන්ගේ පුතුන් වන පූජකයින් ඉන්පසු පූජාසනය මත දැවෙන දර මත සත්ව කැබලි සමඟ උගේ හිස ද මේදය ද ඇතිරිය යුතු ය. උගේ අතුණු හා කකුල්, ඔහු ජලයෙන් සේදිය යුතු වන අතර, පූජකයා ඒ සියල්ල පූජාසනය මත දවාලිය යුතු ය. එය ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන ගින්නෙන් යාග කරන ලද දවන යාග පූජාවකි.

ලෙවී කථාව 1:1-9 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්නැයි කීසේක–නුඹලාගෙන් යම් මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන කල සිව්පාවුන්ගෙන් එනම් ගව රැළෙන්ද එළු බැටළු රැළෙන්ද නුඹලාගේ පූජාව ඔප්පුකරන්න. ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය. ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය. ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන්ද ලේ ඔප්පුකොට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිය යුතුය. ඔහු දවන පූජා සතා හමගසා උගේ කොට්ඨාසවලට කැපිය යුතුය. පූජකවූ ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනය පිට ගිනි දල්වා ගිනි පිට දර පිළිවෙළින් තබත්වා. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් හිසද තෙලද යන කොට්ඨාස පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ පිළිවෙළින් තැබිය යුතුය. එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.

ලෙවී කථාව 1:1-9 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මෝසෙස් කැඳවා, සම්මුඛ මණ්ඩපයෙන් ඔහු අමතමින්, “ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නුඹලා අතරෙන් යමෙකු සමිඳාණන් වහන්සේට පූජාවක් ගෙනෙන විට, ඒ සඳහා ගව පට්ටියෙන් හෝ එළු බැටළු පට්ටියෙන් හෝ සතෙකු ගෙන ආ හැකි ය. ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය. ඔහු දවන යාග පූජාව පිණිස ගත් සතාගේ හිස මත අත තැබිය යුතු ය. එවිට ඔහුට පව් කමාව දීම සඳහා ඔහු වෙනුවෙන් ඌ පිළිගනු ලැබේ. ඔහු ඉන්පසු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සතා මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් උගේ ලේ ඔප්පු කොට, ඒ ලෙය සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තිබෙන පූජාසනය පිට හාත්පස ම ඉසිය යුතු ය. පසුව ඔවුන් දවන යාග පූජාවට ගත් සතා හම ගසා ඌ කෑලිවලට කැපිය යුතු ය. පූජක ආරොන්ගේ පුත්‍රයන් ද පූජාසනය මත ගිනි දල්වා, ඒ ගිනි පිට පිළිවෙළින් දර තැබිය යුතු ය. ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන් පූජාසනය මත ඇති ඒ ගිනි පිට, දර උඩ සතාගේ හිස, තෙල ඇතුළු කොටස් පිළිවෙළින් තැබිය යුතු ය. එහෙත්, උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල පූජාසනය මත දැවිය යුතු ය. එවිට ගින්නෙන් දවා පුදන ලද, මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.

ලෙවී කථාව 1:1-9 Sinhala New Revised Version 2018 (SNRV)