විලාප ගී 3:1-57

විලාප ගී 3:1-57 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගේ උදහසේ ඉපලෙන් දුක් පීඩා අත්දුටු මිනිසා මා ය. උන්වහන්සේ ඉවතට මා පලවා හැර, ආලෝකයක් නැති, අන්ධකාරයෙහි මට ඇවිදින්නට සැලසූ සේක. සැබවින් ම උන්වහන්සේ දවස මුළුල්ලේ යළි යළිත් මට එරෙහිව තම හස්තය එසවූ සේක. උන්වහන්සේ මගේ හමත්, මගේ මසත් දිරා යන්නට සැලසූ සේක්, මගේ ඇටකටු බිඳ දැමූ සේක. උන්වහන්සේ දුක් දොම්නස්වලින් හා පීඩා උවදුරුවලින් මා වටකර ලූ සේක. උන්වහන්සේ මට අන්ධකාරයෙහි සිටින්නට සැලැස්වූයේ, දිගු කලකට ඉහත මියැදුණුවුන් සිටින පරිද්දෙනි. මට පැන යන්නට බැරි ලෙස උන්වහන්සේ, තාප්පයකින් මා වට කළ සේක්, බර දම්වැලකින් මා බැඳ දැමූ සේක. පිහිට වන ලෙස ඉල්ලා මා මොර ගසන විටදී, උන්වහන්සේ මගේ යාච්ඤාවට කන් වසා ගත් සේක. කැපූ ගලින් උන්වහන්සේ මගේ මාර්ගය ඇහුරූ සේක්, මගේ මාවත අවහිර කළ සේක. යන මග රැක සිටින වලසකු සේ ද රහසේ සැඟවී සිටින සිංහයකු සේ ද උන්වහන්සේ මාර්ගයෙන් ඉවතට මා ඇදගෙන ගොස්, මා ඉරා දැමූ සේක්, අනාථ අසරණ භාවයට මා පත් කළ සේක. උන්වහන්සේ දුනු-දිය ඇද, තම හීවලට මා ඉලක්ක කළ සේක. උන්වහන්සේ තම හී කොපුවේ එක එක හීයෙන් මගේ හද ඇතුළට ම විද්ද සේක; මගේ මුළු ජනතාවට මා සිනහවට ඉලක්කයක් විණ; දවස පුරා ඔවුහු කවට ගීයෙන් මට සමච්චල් කළහ. උන්වහන්සේ දොම්නසේ තික්තකමින් මා පුරවා, තිත්ත කදුරු මට බොන්නට දුන් සේක. උන්වහන්සේ බොරලු හපන්නට දී, මගේ දත් කැඩූ සේක; උන්වහන්සේ දූලියෙහි මා පාගා දැමූ සේක. ශාන්තිය මා වෙතින් දුරු කරනු ලැබ ඇත; සමෘද්ධිය කවරේදැයි මට අමතක ව ගොසිනි. එබැවින් මම මෙසේ කියමි: “මගේ ශක්තිය පහව ගොසිනි; ස්වාමින්වහන්සේ තුළ මගේ සියලු බලාපොරොත්තු සිඳී ගොසිනි.” තිත්ත දොම්නස් හා තිත්ත කදුරු වන් මගේ දුක් පීඩා හා මගේ මුළාවීම් මම සිහි කරමි. ඒවා මට හොඳින් මතකය; මගේ ජීවය මා තුළෙහි ම, දුර්මුඛ වී ඇත. එහෙත්, මෙන්න මෙය මම සිහියට ගන්නේ, මට බලාපොරොත්තුවක් ඇති බැවිනි. අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය. “මගේ පංගුව ස්වාමින්වහන්සේ ය. එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි. උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය. ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම කෙනකුට හොඳ ය. තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම කවරකුට වුව හොඳ ය. එය ඔහු පිට තබා ඇත්තේ, උන්වහන්සේ ම වන බැවින්, ඔහු සන්සුන් ව තනි ව හිඳ, එය දැරුවා වේ. තවමත් බලාපොරොත්තු තිබිය හැකි බැවින් ඔහු තම මුහුණ දූලියෙහි හොවා ගත්තා වේ. තමාට පහර දෙන්නාට ඔහු තම කම්මුල පෑවා වේ; නින්දාවෙන් ඔහු පුරවනු ලැබුවා වේ! මන්ද, ස්වාමින්වහන්සේ සදහට ම කිසිවකුවත් අතැර නො දමන සේක. උන්වහන්සේ ශෝකය දුක පමුණු වන නමුදු, අනුකම්පා පානා සේක. උන්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය ඒ සා ඉමහත් ය. මන්ද, ස්වකීය කැමැත්තෙන් ම උන්වහන්සේ මිනිස් වර්ගයාට හිංසා-පීඩා හෝ සෝ-දුක් හෝ පමුණුවන්නේ නැත. දේශයේ සිරකාර සියල්ලන් පාගා පොඩිකර දැමීමත්, මහෝත්තමයාණන් ඉදිරියෙහි මානව හිමිකම් අහිමි කිරීමත්, කෙනකුගේ යුක්තිය පෙරළීමත් යන දෑ ස්වාමියාණන් නො බලා සිටින සේක් ද? ස්වාමියාණන් නියම කර නැති නම් යමක් පවසා, එය ඉෂ්ට කළ හැක්කේ කවරකුට ද? විපත්තිය හා සුබ සෙත යන දෙක ම නික්ම එන්නේ, මහෝත්තමයාණන්ගේ මුවින් නො වේ ද? තම පාපයට විපාක ලබන කල, මිනිසෙක්, ජීවත් වන මිනිසෙක්, මැසිවිලි නගන්නේ මන්ද? අපගේ මාර්ග විභාග කර, පරීක්ෂා කර ගෙන, ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරෙමු. අපි අපගේ හදවත් ද අපගේ අත් ද ස්වර්ගයේ දෙවියන්වහන්සේ වෙත ඔසවා, මෙසේ කියමු: “අපි පව් කළෙමු; කැරලි ගැසුවෙමු; ඔබවහන්සේ කමා කළේ නැත. “ඔබ කෝපය දවටාගෙන අප ලුහුබැඳි සේක්, අනුකම්පාවක් නැතිව අප ඝාතන කළ සේක. ඔබ වලාකුළක් පොරවා ගත්තේ, යාච්ඤාවකට ඔබ වෙත ළඟා විය නො හැකි වන පරිද්දෙනි. ඔබවහන්සේ ජාතීන් අතරෙහි අප කුණු හා කැළි කසළ වන්නට සැලසූ සේක. “අපේ සියලු සතුරන් අපට එරෙහිව මුව අයාගෙන ය. භීතිය හා මර උගුල් ද වැනසීම හා විනාශය ද අප පිට පැමිණ ඇත.” මගේ ජනයා වූ දියණියගේ විනාශය නිසා මගේ දෑසින් කඳුළු ගංගා ගලයි. නො නැවත, නිරතුරු ව මගේ ඇස්වලින් කඳුළු ගලන්නේ, ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පහත බලා, දකින තෙක් ය. මගේ පුරවරයේ කාන්තාවන්ගේ දුක්ඛිත ඉරණම දකින විට මා සිත් කම්පා වේ. හේතුවක් නැතිව ම මට සතුරු වූවෝ, කුරුලු දඩයමක් සේ මා කොටු කර ගත්හ. පණ පිටින් මා වළක හෙළූ ඔවුහු මා පිට ගල් හෙළූහ. ජලය මගේ ඉහට උඩින් ගලා ගියෙන්, “ඉතින් මා ඉවර යැ” යි මම සිතීමි. නරාවළේ ගැඹුරේ සිට අහෝ ස්වාමින්වහන්ස, මම ඔබගේ නාමය කියා කෑ ගැසුවෙමි. මගේ යැදුම ඔබ ඇසූ සේක: උදවු ඉල්ලා මා හඬ ගසන කල, ඔබගේ කන් වසා නො ගත මැනව. මා හඬ ගැසූ කල, මට ළං වූ ඔබ, “භය නො වන්නැ” යි කී සේක.

විලාප ගී 3:1-57 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවාවූ මනුෂ්‍යයා මමය. උන්වහන්සේ මා ගෙනගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්ට සැලැස්වූසේක. සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක. උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක. උන්වහන්සේ මට විරුද්ධව පවුරු ගොඩනගා, තික්තකමෙන්ද ගාවිනාවෙන්ද මා වටකළසේක. පුරාණයේ නැසීගියවුන් මෙන් උන්වහන්සේ අඳුරු තැන්වල විසීම මට සැලැස්වූසේක. පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක. එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක. උන්වහන්සේ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා, මාගේ මාවත් ඇදකළසේක. උන්වහන්සේ මාහට රැක සිටින වලසෙක්ද රහස් තැන්වල ඉන්න සිංහයෙක්ද මෙන්ය. උන්වහන්සේ මාගේ මාර්ග ඉවත්කොට මා ඉරාදැමූසේක; මා පාළුකළසේක. උන්වහන්සේ තමන් දුන්න තැත්කවා, ඊගහට ඉලක්කයක් කොට මා තැබූසේක. උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක. මම මාගේ මුළු සෙනඟට හිනාවක්ද දවස මුළුල්ලේ ඔවුන්ගේ කවියද වී සිටිමි. උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක. උන්වහන්සේ බොරළුවලින් මාගේ දත් බින්දසේක, අලුයෙන් මා වැසූසේක. ඔබ මාගේ ආත්මය සමාදානය කෙරෙන් දුරුකළසේක; සැපත මට මතක නැතිවිය. මාගේ සවියත් ස්වාමීන්වහන්සේ කෙරෙන් මාගේ බලාපොරොත්තුවත් නැතිවී ගියේයයි කීමි. කොසඹ සහ වසද වැනිවූ මාගේ පීඩාවත් මාගේ දුකත් සිහිකළ මැනව. මාගේ ආත්මය තවම ඒවා සිහිකර මා තුළ පහත්වන්නේය. මේක මතක්කරගන්නෙමි, එබැවින් මට බලාපොරොත්තුව ඇත්තේය. අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය. මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේ යයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය. ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය. තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත. උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා. සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගන හිඳීවා. ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ; නින්දාවෙන් පූර්ණවුණාවේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ සදාකාලයටම අහකදමන්නේ නැත. උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක. මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක, ඔවුන් ශෝකයට නොපමුණුවනසේක. පොළොවේ සෑම හිරකාරයන් පාදයට පොඩිකිරීමටත්, මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේදී මනුෂ්‍යයෙකුගේ යුක්තිය පෙරළා දැමීමටත්, මනුෂ්‍යයෙකුට ඔහුගේ නඩුවේදී අයුක්තිය කිරීමටත් ස්වාමීන්වහන්සේ සතුටු නොවනසේක. ස්වාමීන්වහන්සේ අණ නොකළසේක්නම් යමක් සිද්ධවේයයි කියන්නේ කවුද? මහෝත්තමයාණන්ගේ මුඛයෙන්ම විපතත් සැපතත් නොනික්මේද? ජීවත්ව සිටින මනුෂ්‍යයෙක් තමාගේ පව් ගැන දඬුවම ලබන නිසා කොඳුරන්නේ මන්ද? අපේ මාර්ග සෝදිසිකර විමසා ස්වාමීන්වහන්සේ වෙතට නැවත හැරෙමු. ස්වර්ගයෙහි සිටින දෙවියන්වහන්සේ වෙතට අපගේ අත් සමඟ අපේ සිත්ද ඔසවමු. අපි වනාහි වරදකොට කැරළිගැසීමුව; ඔබ කමා නොකළසේක. ඔබවහන්සේ උදහසින් සැඟවී සිට අප පස්සේ එළවාගෙන ආසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක. අපේ යාච්ඤාව ඔබ වෙතට නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබම වසාගෙන සිටිනසේක. ඔබ ජනයන් අතරෙහි අප කසළ සහ බොර මෙන් කළසේක. අපේ සියලු සතුරෝ අපට විරුද්ධව බොහෝසේ කට ඇරියෝය. භයානකකම සහ වළත් නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ. මාගේ සෙනඟ වන දියණියගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලන්නේය. ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලා සලකන තුරු, මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙන්නේය. මාගේ නුවර සියලු දූවරුන් නිසා මාගේ ඇස්වලින් මාගේ ආත්මයට වේදනා පැමිණෙන්නේය. නිෂ්කාරණයේ මට සතුරුව සිටින අය මා කුරුල්ලෙකු මෙන් තදින් එළෙවුවෝය. ඔව්හු මාගේ ප්‍රාණය හිරගෙයිදී සිඳ දමා, මා පිට ගලක් හෙළුවෝය. වතුරු මාගේ හිසට උඩින් ගලා ගියේය; මම සිඳදමනු ලැබීමියි කීවෙමි. ස්වාමීන්වහන්ස, මම ගැඹුරු වළේ සිට ඔබගේ නාමය කියා යාච්ඤා කෙළෙමි; ඔබ මාගේ හඬ ඇසූසේක; මාගේ හුස්ම ගැනීමටත් මාගේ හඬගැසීමටත් ඔබගේ කන වසා නොගත මැනව. මා ඔබට යාච්ඤාකළ දවසේදී ඔබ ළංවී: භය නොවන්නැයි කීසේක.

විලාප ගී 3:1-57 Sinhala New Revised Version (NRSV)

එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය. එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක. සැබැවින් ම එතුමාණෝ දවස මුළුල්ලේ මට යළි යළි නිර්දය ලෙස පහර දුන් සේක. එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක. එතුමාණෝ මට වියගහක් සාදා විඩාවෙන් මාගේ හිස වට කළ සේක. පුරාණයෙහි නැසී ගියවුන් මෙන් එතුමාණෝ අඳුරු තැන්වල විසීමට මට සැලැසූ සේක. බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක. බර විලංගු මට දැමූ සේක. මා කෑගසා පිහිට ඉල්ලන නමුත්, එතුමාණෝ මාගේ යැදුමට සවන් නොදෙන සේක. එතුමාණෝ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා මාගේ මාවත් අවහිර කළ සේක. එතුමාණෝ මා හට, මඟ රැක සිටින වලසෙකු ද රහස් තැන්වල සැඟවී සිටින සිංහයෙකු ද මෙන් වන සේක. එතුමාණෝ මාගේ මාර්ගයෙන් මා ඉවත් කොට මා කෑලිවලට ඉරාදැමූ සේක. මා පිළිකුලක් කළ සේක. එතුමාණෝ තම දුන්න තැත් කවා, ඊගසට ඉලක්කයක් කොට මා තැබූ සේක. එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක. මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි. එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක. එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක. සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත. දැන් මම මෙසේ කියමි: “මාගේ ශක්තිය පහ වී ගොස් ඇත. සමිඳුන් කෙරෙහි මාගේ බලාපොරොත්තුව තුරන් වී ඇත.” මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය. මම ඒ ගැන නිතර ම සිහි කරමි; මාගේ සිත අධෛර්යයට පත් වී ඇත. එහෙත්, මේ දේ මා සිහි කළ විට බලාපොරොත්තුව මට ඇති වන්නේ ය. “සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය. ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.” මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි. සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය. සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය. තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය. එතුමාණන් එය ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්ද ව සිටී වා! සමහර විට බලාපොරොත්තුවක් තිබිය හැකි බැවින් අප නැමී අවනත විය යුතු යි. ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ! නින්දාවෙන් පිරුණා වේ! මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත. එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක. මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක. දේශයේ සෑම හිරකාරයන් තළා පෙළා පොඩි කිරීම ද මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේ දී මිනිසුන්ගේ යුක්තිය පෙරළාදැමීම ද මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක. සමිඳාණෝ කැමැති නොවන සේක් නම්, කිසිවෙකුට කිසිවක් නොකළ හැකි ය. සැපතත් විපතත් ඇති වන්නේ, මහෝත්තමයාණන්ගේ නියමයෙන් නොවේ ද? අපේ පව් ගැන දඬුවම ලබන නිසා අප කොඳුරන්නේ කුමට ද? අපේ මාර්ග සෝදිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු. ස්වර්ගයෙහි සිටින දෙවිඳාණන් වෙත අපේ අතත් සිතත් ඔසවමු. “අපි වනාහි වරද කොට කැරලි ගැසීමු; ඔබ කමා නොකළ සේක. ඔබ වහන්සේ උදහසින් සැඟවී සිට අප පසුපස ලුහුබැඳ ආ සේක. අනුකම්පා නොකොට අප මරාදැමූ සේක. අපේ යැදුම ඔබ වෙත නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබ ම වසාගෙන සිටින සේක. ඔබ විජාතීන් අතරෙහි අප කසළ ගොඩක් මෙන් කළ සේක. අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ. භීතිය සහ පාතාලයත්, නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ. මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි. සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු, මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි. නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි. නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ. ඔව්හු පණපිටින් මා වළට හෙළාදමා මා පිට ගල් ද පැටවූ හ. වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය; “මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි. සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි. මාගේ මොරගැසීමට සවන් දෙන ලෙස මා බැගෑපත් ව ඉල්ලා සිටි විට ඔබ මට සවන් දුන් සේක. මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.

විලාප ගී 3:1-57 Sinhala New Revised Version 2018 (SNRV)

විලාප ගී 3:1-57 New International Version (NIV)

I am the man who has seen affliction by the rod of the LORD’s wrath. He has driven me away and made me walk in darkness rather than light; indeed, he has turned his hand against me again and again, all day long. He has made my skin and my flesh grow old and has broken my bones. He has besieged me and surrounded me with bitterness and hardship. He has made me dwell in darkness like those long dead. He has walled me in so I cannot escape; he has weighed me down with chains. Even when I call out or cry for help, he shuts out my prayer. He has barred my way with blocks of stone; he has made my paths crooked. Like a bear lying in wait, like a lion in hiding, he dragged me from the path and mangled me and left me without help. He drew his bow and made me the target for his arrows. He pierced my heart with arrows from his quiver. I became the laughingstock of all my people; they mock me in song all day long. He has filled me with bitter herbs and given me gall to drink. He has broken my teeth with gravel; he has trampled me in the dust. I have been deprived of peace; I have forgotten what prosperity is. So I say, “My splendor is gone and all that I had hoped from the LORD.” I remember my affliction and my wandering, the bitterness and the gall. I well remember them, and my soul is downcast within me. Yet this I call to mind and therefore I have hope: Because of the LORD’s great love we are not consumed, for his compassions never fail. They are new every morning; great is your faithfulness. I say to myself, “The LORD is my portion; therefore I will wait for him.” The LORD is good to those whose hope is in him, to the one who seeks him; it is good to wait quietly for the salvation of the LORD. It is good for a man to bear the yoke while he is young. Let him sit alone in silence, for the LORD has laid it on him. Let him bury his face in the dust— there may yet be hope. Let him offer his cheek to one who would strike him, and let him be filled with disgrace. For no one is cast off by the Lord forever. Though he brings grief, he will show compassion, so great is his unfailing love. For he does not willingly bring affliction or grief to anyone. To crush underfoot all prisoners in the land, to deny people their rights before the Most High, to deprive them of justice— would not the Lord see such things? Who can speak and have it happen if the Lord has not decreed it? Is it not from the mouth of the Most High that both calamities and good things come? Why should the living complain when punished for their sins? Let us examine our ways and test them, and let us return to the LORD. Let us lift up our hearts and our hands to God in heaven, and say: “We have sinned and rebelled and you have not forgiven. “You have covered yourself with anger and pursued us; you have slain without pity. You have covered yourself with a cloud so that no prayer can get through. You have made us scum and refuse among the nations. “All our enemies have opened their mouths wide against us. We have suffered terror and pitfalls, ruin and destruction.” Streams of tears flow from my eyes because my people are destroyed. My eyes will flow unceasingly, without relief, until the LORD looks down from heaven and sees. What I see brings grief to my soul because of all the women of my city. Those who were my enemies without cause hunted me like a bird. They tried to end my life in a pit and threw stones at me; the waters closed over my head, and I thought I was about to perish. I called on your name, LORD, from the depths of the pit. You heard my plea: “Do not close your ears to my cry for relief.” You came near when I called you, and you said, “Do not fear.”