යෝෂුවා 7:7-12

යෝෂුවා 7:7-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යෝෂුවා කතා කොට, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, අප විනාශ කර දමන පිණිස, අමෝරිවරුන්ගේ අත්වලට අප හසුකර දෙන්නට, මේ ජනතාව යොර්දානෙන් මෙගොඩට ගෙන ආවේ ඇයි? යොර්දානෙන් එගොඩ නවතින්නට අප සතුටු වූවා නම්! අහෝ ස්වාමිනි, දැන් ඉශ්‍රායෙල් තම සතුරන් වෙතින් ආපස්සට හරවනු ලැබූ බැවින්, මා කුමක් කියන්න ද? කානානිවරුන් හා සෙසු දේශ වාසීන් ඒ ඇසූ කල, අප වට කොට, අපගේ නාමය පොළොවෙන් මකා දමනු ඇත. එවිට ඔබගේ උත්තම නාමය උදෙසා ඔබ කුමක් කරන්නේ දැ?” යි පැවසී ය. ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “නැගිට සිටින්න! මොකද ඔබ මේ වැටී මුහුණ බිම ඔබාගෙන? ඉශ්‍රායෙල් පව් කරල; රක්ෂා කරන්නැයි මා ඔවුනට අණ කළ මගේ ගිවිසුම ඔවුන් කඩ කරල. විනාශයට කැප කළ දේවලින් ඇතැම් දේ ඔවුන් අරගෙන; ඔවුන් සොරකම් කරල; වංචා කරල; තමන්ගේ බඩු අතරට ඒවා දාගෙන. එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට තම සතුරන් ඉදිරියේ සිටගත නො හැකියි; ඔවුන් තම සතුරන් ඉදිරියේ ආපසු හැරිලා. මන්ද ඔවුන් තමන් ම විනාශයට කැප කර ගෙන. ඔබ අතරේ ඇති කැප කළ දෑ විනාශ කර දැමුවොත් මිස මම තවත් ඔබ සමඟ නො සිටින්නෙමි.

යෝෂුවා 7:7-12 Sinhala Revised Old Version (SROV)

යෝෂුවා: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස, අප නැතිකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවාදීමට ඔබ මේ සෙනඟ යොර්දානෙන් මෙගොඩට පැමිණෙවුවේ මක්නිසාද? අනේ අපි යොර්දානෙන් එගොඩ වාසයකරන්ට සතුටුවුණෙමුනම් හොඳය. අහෝ, ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ සතුරන්ට පිටිපෑවාට පසු මම මක්කියම්ද? කානානිවරුන්ද දේශයේ සියලු වැසියන්ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් සිඳදමනවා ඇත. එවිට ඔබගේ මහත් නාමය ගැන ඔබ කරන්නේ කුමක්දැයි කීය. එවිට ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නැගිටින්න; මක්නිසා මෙසේ මුහුණින් වැතිර ඉන්නෙහිද? ඉශ්‍රායෙල්වරු පව්කළෝය; එසේය, මා ඔවුන්ට අණකළ මාගේ ගිවිසුම ඔවුන් කඩකර තිබේ. එසේය, ඔවුන් කැපකළ දේවලින් අරගන සොරකම්කර, ඒවා සඟවා, ඒවා තමුන්ගේම බඩු අතරේ තබා තිබේ. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තමුන්ගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට බැරිය, ඔව්හු ශාපයට අසුවුණ බැවින් තමුන්ගේ සතුරන්ට පිටපාති. ඒ කැපවූ දේ නුඹලා අතරෙන් නාස්තිකර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.

යෝෂුවා 7:7-12 Sinhala New Revised Version (NRSV)

ජෝෂුවා කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, අප විනාශ කරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට ඔබ මේ සෙනඟ ජොර්දානෙන් මෙගොඩට පැමිණෙව්වේ කුමක් නිසා ද? අනේ! අපි ජොර්දාන් ගඟින් එගොඩ වාසය කරන්නට සතුටු වුණෙමු නම් කොපමණ හොඳ ද? අහෝ සමිඳාණන් වහන්ස! ඉශ්රායෙල්වරුන් සිය සතුරන්ට පිටුපා පලා ගිය පසු මම කුමක් කියම් ද? කානානිවරුන් ද දේශයේ සියලු වැසියන් ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් මකාදමනු ඇත. එවිට ඔබේ ගරු නාමය රැකීමට ඔබ කුමක් කරන සේක් දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ පිළිතුරු දුන් සේක: “නැඟිටින්න; නුඹ කුමක් නිසා මෙසේ මුණින් වැතිරී සිටින්නෙහි ද? ඉශ්රායෙල්වරුන් පව් කර ඇත; එසේ ය, මා ඔවුන්ට අණ කළ මාගේ ගිවිසුම ඔවුන් කඩ කර තිබේ. ඔවුන් මට කැප කරන ලද දෙයින් රැගෙන සොරකම් කර, ඒවා සඟවා, ඒවා තමන්ගේ ම බඩු අතරේ තබා තිබේ. ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.

යෝෂුවා 7:7-12 Sinhala New Revised Version 2018 (SNRV)