යෝෂුවා 14:8-9
යෝෂුවා 14:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මා සමඟ ගිය මගේ සහෝදරයෝ, ජනතාවගේ හදවත්, දියවී යන්නට සැලැස්වූහ. එසේ වුව ද, මම මගේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගියෙමි. එබැවින් ඒ දවසේ මෝසෙස් දිවුරා පැවසුවේ, ‘ඔබ, ඔබේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවින්, ඔබ පා පය ගසන ලද දේශය සදහට ම ඔබේ ද ඔබේ දරු පරපුරේ ද උරුමය වනු ඇත’ කියා ය.
යෝෂුවා 14:8-9 Sinhala Revised Old Version (SROV)
එහෙත් මා සමඟ ගිය මාගේ සහෝදරයෝ සෙනඟගේ සිත් දියව යන්ට සැලැස්සුවෝය. නුමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගියෙමි. මෝසෙස් ඒ දවසේ දිවුරමින්: නුඹ සම්පූර්ණ ලෙස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා සැබවින්ම නුඹ පය තැබූ දේශය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාල උරුමයක් පිණිස වන්නේයයි කීවේය.
යෝෂුවා 14:8-9 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි. මෝසෙස් ඒ දවසේ දී දිවුරුම් දෙමින්, ‘ඔබ සම්පූර්ණ ලෙස මාගේ සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා සැබැවින් ම ඔබ පය තැබූ දේශය ඔබටත්, ඔබේ දරුවන්ටත් සදාකාල උරුමයක් වන පිණිස වන්නේ ය’යි කීවේ ය.
යෝෂුවා 14:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි. මෝසෙස් ඒ දවසේ දී දිවුරුම් දෙමින්, ‘ඔබ සම්පූර්ණ ලෙස මාගේ සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා සැබැවින් ම ඔබ පය තැබූ දේශය ඔබටත්, ඔබේ දරුවන්ටත් සදාකාල උරුමයක් වන පිණිස වන්නේ ය’යි කීවේ ය.
යෝෂුවා 14:8-9 New International Version (NIV)
but my fellow Israelites who went up with me made the hearts of the people melt in fear. I, however, followed the LORD my God wholeheartedly. So on that day Moses swore to me, ‘The land on which your feet have walked will be your inheritance and that of your children forever, because you have followed the LORD my God wholeheartedly.’