යෝෂුවා 12:1-6

යෝෂුවා 12:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉශ්‍රායෙල් ජනයා විසින් පරාජය කරන ලදුව, යොර්දානෙන් එතෙර නැගෙනහිර අරාබාහි මුළු පෙදෙස ඇතුළු ව අර්ණොන් දොරුව පටන් හෙර්මොන් කන්ද දක්වා ඔවුන් විසින් අල්ලා ගන්නා ලද දේශයේ රජවරු මොවුහු ය: සීහොන්, අමෝරිවරුන්ගේ රජ; ඔහු රජකම් කළේ හෙෂ්බෝන්හි ය. ඔහු අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුවේ මැද පටන් අම්මොන්වරුන්ගේ දේශ සීමාව වූ යබ්බොක් නදිය දක්වා පාලන කළේ ය. එය ගිලියාද්හි අඩකි. ඔහු කින්නෙරෙත් මුහුද පටන් ලුණු මුහුද වන අරාබා මුහුද දක්වා හා බෙත්-යෙෂීමොත් දක්වා නැගෙනහිර අරාබාව ද පිස්ගා බෑවුමට පහළින් දකුණු දිසාව ද පාලන කළේ ය. ඕග් බාෂාන්හි රජු; රෙෆායිවරුන්ගේ අන්තිමයකු වූ ඔහු අෂ්තාරෝත්හි හා එද්රෙයිහි රජකම් කළේ ය. ඔහු හෙර්මොන් කන්ද හා සලෙකා ද ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමාව දක්වා වූ මුළු බාෂාන් ද හෙෂ්බෝන්හි රජු වූ සීහොන්ගේ දේශ සීමාව දක්වා වූ ගිලියාද්හි අඩක් ද පාලන කළේ ය. ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් හා ඉශ්‍රායෙල්වරු ඔවුන් පරාජය කළහ. ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, ඔවුන්ගේ එම දේශ රූබෙන්වරුන්ට ද ගාද්වරුන්ට ද මනස්සේ ගෝත්‍ර අර්ධයට ද උරුමයක් කොට බෙදා දුන්නේ ය.

යෝෂුවා 12:1-6 Sinhala Revised Old Version (SROV)

නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය. හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද, නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය. රෙපායිම්වරුන්ගෙන් ඉතුරුව සිටිය බාෂාන්හි රජවූ ඕග්ගේ පළාතටත් පහරදී ඔව්හු එය හිමිකරගත්තෝය. ඔහු අෂ්තාරොත්හිත් එද්‍රෙයෙහිත් වාසය කොට හෙර්මොන් කන්දද සලෙකාද ගෙෂූර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමාව දක්වා මුළු බාෂාන්ද හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ සීමාව දක්වා ගිලියද් අර්ධයක්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් කොට දුන්නේය.

යෝෂුවා 12:1-6 Sinhala New Revised Version (NRSV)

නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය. හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද නැගෙනහිරට කින්නෙරෙත් මුහුද දක්වාත්, බෙත්-ජෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාමුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියෙහි මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහි ද ආණ්ඩු කෙළේ ය. රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය. ඔහු හෙර්මොන් කන්ද ද සලෙකා ද ගෙෂුර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමා දක්වා මුළු බාෂාන් ද හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ සීමාව දක්වා ද ගිලියද් අර්ධයක් ද කෙරෙහි ආණ්ඩු කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ද ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන්ට පහර දුන්නෝ ය. සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.

යෝෂුවා 12:1-6 Sinhala New Revised Version 2018 (SNRV)