ජෝබ් 41:18-34

ජෝබ් 41:18-34 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උගේ කිඹුහුම්වලින් එළියක් විහිදෙයි; උගේ ඇස් උදෑසන හිරු කිරණ වැන්න. උගේ මුවින් ගිනි පෙනෙලි නික්ම ගිනි පුපුරු විහිද යයි. ඇවිළෙන බට දඬු ගින්නක් මත උතුරන හැලියකින් මෙන්, උගේ නාස් පුඩුවලින් දුම් පිට වෙයි. උගේ හුස්මෙන් ගිනි අඟුරු ඇවිළේ; උගේ කටින් ගිනි දැල් පැන නැගේ. ශක්තිය උගේ ගෙල මත ලැග සිටී; භීතිය ඌට පෙරටුවෙන් යයි. උගේ මස් පිඬු එකට ගොනු වී ඇත; ඒවා තද ය; නො සෙල්වී පිහිටා ඇත. උගේ සිත ගලක් මෙන් තද ය; යට ඇඹරුම් ගලක් මෙන් තද ය. ඌ නැගිටින කල බලවත්හු බයට පත් වෙති. ඌ කඩා පනින විට ඔවුහු පසුබා යති. ඌට වදින කඩු පහර නිෂ්ක්‍රීය වෙයි; හෙල්ලය, උල් ආයුධය හෝ හීය පල නො දරයි. ඌ යකඩ සලකන්නේ පිදුරු ලෙසිනි; ලෝකඩ ඌට දිරාගිය ලී වැන්න. හීය හමුවේ ඌ පලායන්නේ නැත; ගල් පටි පහර ඌට පරඬලාවක් වැදුණා වැන්න. මුගුරක් වුව ඌ හමුවේ පිදුරු කැබැල්ලක් වැන්න; ලංසය ලෙළවන විට ඌ ඊට සිනාසෙයි. දැති සහිත ව වළං කැබලි වැනි උගේ යටි-පැත්ත දැති-පෝරු ගෑ ලෙස මඩේ සලකුණු තබා යයි. පෙණ දමන කල්දේරමක් සේ ඌ ගැඹුර කලතයි; තෙල් සැලියක් සේ මුහුද කලඹවයි. ඌ ගිය මග දිළිසෙන දිය පාරක් තබයි; ගැඹුරේ සුදු හිසකේ ඇතැයි කෙනකුට සිතේ. බය නැති මැවිල්ලක් වන ඌ හා සමාන කිසිවක් මේ මිහි පිට නැත. අහංකාර සියල්ලන් දෙස ඌ හෙළා දකින බැලුම් හෙළයි; උදාරම් සියල්ලන්ගේ රජ්ජුරුවෝ ඌ ය.”

ජෝබ් 41:18-34 Sinhala Revised Old Version (SROV)

උගේ කිඹිසීම්වලින් එළියක් බබළයි; උගේ ඇස් අලුයම නමැති ඇසිපිය වැනිය. උගේ කටින් ගිනිදැල් නික්මෙන්නේය, ගිනිපුපුරු පැනනගින්නේය. ලිපේ තිබෙන හැළියකින්ද දැවෙන කටාරමකින්ද මෙන් උගේ නාස්පුටවලින් දුම් නගින්නේය. උගේ හුස්මට අඟුරු පත්තුවෙන්නේය. ගිනිදැලක්ද උගේ කටින් නික්මෙන්නේය. උගේ බෙල්ලෙහි බලය රඳා තිබේ, ඌ ඉදිරියෙහි භීතිය නටන්නේය. උගේ මස්පිඩු එකට ඇලී, නොසෙල්වෙන හැටියට ඌ පිට තදව තිබේ. උගේ සිත ගලක් මෙන් තදය; එසේය, යට ඇඹරුම් ගල මෙන් තදය. ඌ නැගිටින කල බලවන්තයෝ භයපත්වී, අධික භය නිසා උමතුවෙති. කඩුවද හෙල්ලයද කුඩා හෙල්ලයද ඊතලයද ඇතුව ඌට විරුද්ධව පැමින්නත්, ඒවා නිෂ්ඵලවෙයි. යකඩ පිදුරු මෙන්ද පිත්තල දිරාගිය ලී මෙන්ද ඌ ගණන්ගන්නේය. ඊගස කෙරෙන් ඌ පලා නොයන්නේය; පටියෙන් ගසන ගල් ඌට ඉපනැලිමෙන් වේ. පොලු ඉපනැල්ල මෙන් ඌ ගණන්ගන්නේය; කුඩා හෙල්ලය සොලවන විට ඌ සිනාසෙන්නේය. උගේ යටිපැත්ත තියුණු කැබලිති වැනිය. මඩින යන්ත්‍රයක් මෙන් ඌ මඩේ ඇදෙන්නේය. සැළියක වතුර මෙන් ඌ ගැඹුර නටවන්නේය. මුහුද තෛලයක් මෙන් කරන්නේය. ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය; ගැඹුරට පැසුණු හිසකේ ඇතිවූවාක්මෙන් පෙනීයයි. ඌට සමාන එකෙක් භූමිය මතුපිට නැත; භය නොගන්න හැටියට ඌ මවනු ලැබුවේය. ඌ උසස්ව තිබෙන සියල්ල බලන්නේය. ඌ සියලු චණ්ඩ මෘගයන් කෙරෙහි රජ ව සිටින්නේයයි කීසේක.

ජෝබ් 41:18-34 Sinhala New Revised Version (NRSV)

ඌ කිඹිසින විට එළියක් බබළයි. උදා වන හිරු මෙන් උගේ ඇස් බබළයි. උගේ මුවින් ගිනි දලු නික්ම යයි. ගිනි පුපුරු ධාරා ගලා යයි. උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි. උගේ හුස්මෙන් ගිනි අඟුරු නඟියි. ගිනි ජාලාවක් උගේ කටින් නික්මෙයි. උගේ ගෙල අති බලසම්පන්න ය. ඌට මුණගැසෙන කවුරුත් බියෙන් ඇලළී යති. උගේ හමේ රැළි එකට ඇලී ඇත. එය නොනැමෙන යකඩ මෙන් තද ව ඇත. උගේ සිත ගලක් මෙන් ද යටි ඇඹරුම් ගල මෙන් ද තද ය. ඌ නැඟිටින විට මහා වීරයෝ පවා බියට පත් වෙති. ඌ කඩා පනින විට ඔව්හු බියෙන් ඇලළී යති. කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය. යකඩ වුව ද ඌට පිදුරු වැනි ය. ලෝකඩ වුවත් දිරා ගිය ලීයක් වැනි ය. ඊගස් පහරට ඌ පලා නොයයි. පටියෙන් ගසන ගල් ඌට පිදුරු මිටක් වැනි ය. පොල්ලක් වුව ද ඌ පිදුරු කැබැල්ලක් මෙන් සලකයි. කුඩා හෙල්ලය ගසන විට ඌ සිනාසෙයි. උගේ ඇඟේ කොරපොතු තියුණු පිඟන් කැබලි ගොඩක් වැනි ය. මඬින යන්ත්‍රයක් මෙන් ඌ මඩෙහි ඇදී යයි. ඌ මුහුදු දිය කල්දේරමක වතුර මෙන් නටන්නට සලස්වයි. එය බුබුළු දම දමා නටන තෙල් බඳුනක් මෙන් කරයි. ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි. ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත; ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි. ඌ ඉතා ම අභිමානී සතුන් වුව ද හෙළා දකියි. වන සතුන්ගේ ලොවෙහි අගරජ ලෙස වැජඹෙයි.”

ජෝබ් 41:18-34 Sinhala New Revised Version 2018 (SNRV)