ජෝබ් 38:34-41
ජෝබ් 38:34-41 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“වලාකුළුවලට ඇසෙන්නට උස් හඬ නගන්නට හා ජල ධාරාවකින් ඔබ වසා ගන්නට ඔබට පුළුවන් ද? ඔබ විදුලි අකුණු ධාරා ඒවායේ මාර්ගවල යවනවා ද? ‘අප මෙතැන’ යි කියා ඒවා ඔබට සැල කරනවා ද? හදවතට ප්‍රඥාව ඇතුළු කළෙත්, මනසට වැටහීම ලබා දුන්නේත් කවුරු ද? වලාකුළු ගණින්නට ප්‍රඥාව ඇත්තේ කවරකුට ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්නට හැක්කේ කවරකුට ද? එසේ කරන්නේ, දූවිලි ඝන වී, පස් පිඩැලි එකට කැටිවන කල්හි ය. “සිංහයාට ගොදුරක් දඩයම් කර දෙන්නට ඔබට පුළුවන් ද? සිංහ නාම්බාගේ කුසගින්න නිවා, උන් තම ගුහාවල ලැග සිටින කල, ලැහැබෙහි සැඟවී රැක සිටින විට උන් තෘප්තිමත් කරන්නට ඔබට හැකි ද? කපුටු පැටවුන් කෑම ඉල්ලා දෙවියන්වහන්සේට කෑ ගසන විට, කෑම හිඟ ව උන් තැන තැන යන විට කපුටන්ට කෑම සපයා දෙන්නේ කවුරු ද?
ජෝබ් 38:34-41 Sinhala Revised Old Version (SROV)
වතුර රාශියක් නුඹ පිටට පැමිණෙන හැටියට වලාකුල්වලට නුඹේ හඬ නගන්ට පුළුවන්ද? විද්‍යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට නුඹට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි නුඹට කියනවා ඇද්ද? අධ්‍යාත්මයෙහි ප්‍රඥාව තැබුවේ කවුද? නොහොත් සිතට නුවණ දුන්නේ කවුද? ධූලි කැටි ගැසෙන කල්හිද, පිඩලි එකට ඇලෙන කල්හිද, ප්‍රඥාවෙන් වලාකුල් ගනින්ට කාට පුළුවන්ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන්ද? නුඹ සිංහධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහිද? තරුණ සිංහයන් උන්ගේ ගුහාවල ලැග, කැලෑවේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ ආශාව සංසිඳවනවාද? කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන්වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයාදෙන්නේ කවුද?
ජෝබ් 38:34-41 Sinhala New Revised Version (NRSV)
මහ වැසි දහරින් නුඹ තෙමාලන්නට වලාකුළුවලට අණ දීමට නුඹට හැකි ද? විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද? නයිල් ගඟේ වතුර ගලන්නේ කවදා දැ යි කීමට, අයිබිස් පක්ෂියාට ඉගැන්නුවේත්, වැසි වස්නා දිනය කවදා දැ යි කීමට, කුකුළාට ඉගැන්නුවේත්, කවරෙක් ද? ප්‍රඥාවෙන් වළාකුල් ගනින්ට කාට පුළුවන් ද? අහසේ භාජනවලින් දිය වගුරුවන්ට කාට පුළුවන් ද? වැසි වැස්වීමෙන් දූවිලි දැඩි කොට පස් පිඬලි සකස් කරන්නේ කවරෙක් ද? නුඹ සිංහ ධේනුවට ගොදුරු දඩයම් කර දෙන්නෙහි ද? තරුණ සිංහ රාජයන් උන්ගේ ගුහාවල ලැග, වනයේ සැඟවී බලා සිටින විට, නුඹ උන්ගේ සාගින්න නිවන්නෙහි ද? කපුටුවන් සාගින්නෙන් ඔබමොබ පියාඹන විට, උන්ගේ පැටවුන් කෑම ඉල්ලා දෙවිඳුන්ට කෑ ගසන විට උන්ට කෑම සපයන්නේ කවරෙක් ද?
ජෝබ් 38:34-41 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 38:34-41 New International Version (NIV)
“Can you raise your voice to the clouds and cover yourself with a flood of water? Do you send the lightning bolts on their way? Do they report to you, ‘Here we are’? Who gives the ibis wisdom or gives the rooster understanding? Who has the wisdom to count the clouds? Who can tip over the water jars of the heavens when the dust becomes hard and the clods of earth stick together? “Do you hunt the prey for the lioness and satisfy the hunger of the lions when they crouch in their dens or lie in wait in a thicket? Who provides food for the raven when its young cry out to God and wander about for lack of food?