ජෝබ් 37:10-24

ජෝබ් 37:10-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දෙවියන්වහන්සේගේ හුස්මෙන් අයිස් සෑදෙයි; පුළුල් ජලාශ මිදෙන්නට වෙයි. උන්වහන්සේ වලාකුළු තෙතමනයෙන් බර කරන සේක්; තම විදිලි ධාරා ඒවා ඔස්සේ විහිදුවන සේක. ඒවා, උන්වහන්සේ අණ කරන කවරක් වුව ඉටු කරමින්, මුළු පොළෝ තලයට ඉහළින් කැරකි කැරකී යන්නේ, උන්වහන්සේගේ මෙහෙයවීමෙනි. මිනිසුනට දඬුවම් දීමට හෝ තම පොළෝ තලයට ජලය සැපයීමට හෝ ස්වකීය ප්‍රේමය පෙන්වමින් උන්වහන්සේ වලා ගෙනෙන සේක. “එම්බා යෝබ්, මේ අහන්න; මදක් නැවතී, දෙවියන්වහන්සේගේ ආශ්චර්යයන් කල්පනාවට ගන්න. දෙවියන්වහන්සේ වලාකුළු පාලනය කරන්නේ කෙසේ ද, ස්වකීය විදිලිය සැණෙක විහිදුවා යවන්නේ කෙසේදැයි ඔබ දන්නවා ද? සර්ව ඥානයෙන් හෙබි තැනැන්වහන්සේගේ විස්මිත ක්‍රියා ලෙස වලාකුළු ගුවනේ රැඳී සිටින්නේ කෙසේදැයි ඔබ දන්නවා ද? දකුණු දිග සුළඟට දේශය මැදි වූ කල, හැඳිවත් උණුසුම් වන තැනැත්තෙනි, ලෝකඩයෙන් වාත්තු කළ කැඩපතක් සේ දැඩි ව අහස අතුරන්නට උන්වහන්සේ සමඟ හවුල්වීමට ඔබට පුළුවන් ද? “උන්වහන්සේට අප කිය යුත්තේ මොනවාදැයි අපට කියා දෙන්න; අප අන්ධකාරයේ බැවින් අපගේ කාරණය සූදානම් කිරීමට අපට නො හැකි ය. මා කතා කරන්නට එන වග උන්වහන්සේට දැනුම් දිය යුතු ද? තමා ගිල දමන්නැයි යම් මිනිසකු ඉල්ලා සිටීවි ද? සුළඟ හමා, අහස පැහැදිලි වූ විට, අහසේ දීප්තියෙන් බබළන ආලෝකය දෙස කිසිවකුටත් බලන්නට බැරි ය. උතුරු දිග සිට උන්වහන්සේ ස්වර්ණමය ශෝභාලංකාරයෙන් යුතු ව එන සේක; දෙවියන්වහන්සේ භයංකර මහානුභාවයෙන් යුතු ව එන සේක. සර්ව පරාක්‍රමයාණන් අපට ළඟා විය නො හැකි තරම් ඉහළ ය. බලයෙන් උත්තරීතර ය. ස්වකීය යුක්තියෙන් හා විශිෂ්ට ධර්මිෂ්ඨකමින් උන්වහන්සේ පීඩා නො කරන සේක. එබැවින්, මනුෂ්‍යයෝ උන්වහන්සේට ගෞරව කරති; තමන්ගේ ම මිම්මෙන් තමන් ප්‍රඥාවත් ය කියාගන්නවුන් උන්වහන්සේ නො සලකා හරින සේක.”

ජෝබ් 37:10-24 Sinhala Revised Old Version (SROV)

දෙවියන්වහන්සේගේ හුස්මෙන් වතුර මිදෙන්නේය. පළල් ජලධාරා අවහිරවන්නේය. එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක; ස්වකීය විදුලි-වලාකුළ විහිදුවනසේක. දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට, උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය. එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න. නිශ්චලව සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා නුඹ දන්නෙහිද? දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා, එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය නුඹ දන්නවාද? දකුණු සුළඟින් පොළොව නිශ්චලවූ කල නුඹේ ඇඳුම් උණුහුම්වෙන්නේ කෙසේදැයි දන්නවාද? වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට නුඹට පුළුවන්ද? අප විසින් උන්වහන්සේට කිය යුතුදේ නුඹ අපට දන්වන්න. අන්ධකාරය නිසා අපේ කථාව පිළියෙළකරන්ට අපට බැරිය. මා කථාකරන්ට කැමති බව උන්වහන්සේට දන්වන්ටද? නොහොත් මනුෂ්‍යයෙක් නාස්ති කරනු ලබන්ට ආශාවිය යුතුද? ඉතින් හුළඟ ගසා අහස පැහැදුණාම, එහි දීප්තිමත් එළිය දරන්ට මනුෂ්‍යයන්ට බැරිය. උතුරු දිගින් රන්වන් අලංකාරය පැමිණෙන්නේය. දෙවියන්වහන්සේ වෙත භයානක මහිමය ඇත්තේය. සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය; උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක. එබැවින් මනුෂ්‍යයෝ උන්වහන්සේට භයවෙති. උන්වහන්සේ ප්‍රඥා සිත් ඇත්තන් නොසලකනසේකැයි කීවේය.

ජෝබ් 37:10-24 Sinhala New Revised Version (NRSV)

දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි; ඒවා තද අයිස් කැටිවලට හැරෙයි. එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක. වලාකුළු මැදින් විදුලිය පැතිර යයි. දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත. දේව අදහස අනුව ලොව පුරා විදුලිය දුවයි. දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි. ජෝබ්, මඳක් නවතින්න, මේ අසන්න. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්න. දෙවිඳාණන් අණ දී වලාකුළු අතරින් විදුලිය බැබළෙන්නට සලස්වන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද? සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද? දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද? අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද? අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න; අපේ බුද්ධිය අඳුරු ය; එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත. ‘කතා කරන්නට මට ඉඩ දෙන්නැ’යි මා කියන්නේ කොහොම ද? මිනිසෙකු වන මා නාස්ති කිරීමට එතුමාණන්ට මා ඉඩ දෙන්නේ මන් ද? සුළඟ හමා අහස පිවිතුරු වී ඇත. ඇස් නිලංකාර කරන ආලෝකය විහිදී බැබළෙයි. මේ දෙනෙතින් එය බැලිය නොහැකි ය. උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත. දෙවිඳුන්ගේ මහිමය අප තුළ බිය දනවයි. දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය. එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය. එබැවින් මනුෂ්‍යයෝ එතුමාණන්ට බිය වෙති. ‘අපි පැණවත්හු ය’යි සිතන්නවුන් එතුමාණෝ නොසලකන සේක.”

ජෝබ් 37:10-24 Sinhala New Revised Version 2018 (SNRV)