ජෝබ් 36:15-23

ජෝබ් 36:15-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් උන්වහන්සේ පීඩා විඳින්නවුන් ඔවුන්ගේ පීඩාවෙන් මුදනා සේක. ඔවුන්ගේ ආපදා අතරින් උන්වහන්සේ ඔවුනට කතා කරන සේක. “උන්වහන්සේ විපත්තිය වෙතින්, සීමා-බාධක නැති පුළුල් තැනකට ඔබ මුදා ගෙන ගොස්, අගනා භෝජන පුරවා ඔබේ මේසය අතුරන සේක. එහෙත් දැන් දුෂ්ටයින්ට නියමිත සම්පූර්ණ දඬුවම ඔබ පිට පැටවී ඇත; විනිශ්චය හා දඬුවම විසින් ඔබ ග්‍රහණයට ගෙන ඇත. ධන සම්පතින් කිසිවකුත් ඔබ නො පොලඹවන ලෙසට පරෙස්සම් වන්න; ලොකු අල්ලසකින් ඔබ ඉවත හරවන්නට ඉඩ නො දෙන්න. ඔබගේ ධනය හෝ ඔබගේ සියලු ප්‍රබල ක්‍රියාකාරකම්, විපත්තියෙන් ඔබ ඈත්කර තැබීමට සමත් වේ ද? ජනයා තම නිවෙස්වලින් අතුරුදහන් වන රාත්‍රියට ආශා නො වන්න. නපුරට නො හැරෙන්නට වග බලා ගන්න; මන්ද පීඩාවට වඩා ඔබ එයට මනාප වග පෙනේ. “බලන්න! දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උත්කෘෂ්ට ව සිටින සේක; උන්වහන්සේ හා සමාන ගුරුවරයා කවුරු ද? උන්වහන්සේගේ මාර්ග උන්වහන්සේට නියම කළේ කවුරුන් ද? ‘ඔබ වරදක් කර ඇතැ’ යි උන්වහන්සේට කිව හැක්කේ කවරකුට ද?

ජෝබ් 36:15-23 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ පීඩා විඳින්නන් පීඩාකරණකොටගෙන මුදා, පීඩිතකමේදී ඔවුන්ගේ කන් අරිනසේක. එසේය, උන්වහන්සේ නුඹ විපත්තිවලින් මුදා අවහිරකමක් නැති විශාල තැනකට පමුණුවනසේක; නුඹේ මේසයෙහි භෝජනයද තරකමින් පූර්ණවන්නේය. නුමුත් නුඹ දුෂ්ටයාගේ දඬුවමින් පිරී සිටින්නෙහිය. විනිශ්චය හා යුක්තිය නුඹ අල්වාගන්නේය. එබැවින් දඬුවමට විරුද්ධව කෝපයෙන් නොපෙළඹෙන්න; මිදීමේ මිලයේ මහත්කම නිසා මුළා නොවෙන්න. දුකට පත් නොවෙන ලෙස නුඹේ වස්තුවවත් නුඹේ ශක්තියේ මුළු බලයවත් සෑහෙන්නේද? ජනයන් තමුන්ගේ ස්ථානයෙන් සිඳිනු ලබන රාත්‍රියට ආශා නොවෙන්න. ප්‍රවේසම්වෙන්න, අධර්මිෂ්ඨකමට සිත නොදෙන්න. මක්නිසාද පීඩාවට වඩා නුඹ ඒක තෝරාගත්තෙහිය. බලව, දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් උසස්ව සිටිනසේක. උන්වහන්සේට සමාන ගුරුවරයා කවුද? උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේට නියමකෙළේ කවුද? නොහොත්: ඔබ අධර්මිෂ්ඨකම් කළසේකැයි කියන්ට පුළුවන් කාටද?

ජෝබ් 36:15-23 Sinhala New Revised Version (NRSV)

දෙවිඳාණෝ, දුක් විඳීම මඟින් දුක් විඳින්නන්ට ගැළවීම දෙන සේක. පීඩාව කරණකොටගෙන ඔවුන්ගේ ඇස් පහදන සේක. දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක. එහෙත් දැන්, ඔබ දුදනන් සාධාරණ ලෙස විනිශ්චය නොකරන්නෙහි ය. විනිශ්චයයට හා සාධාරණකමට ගරු නොකරන්නෙහි ය. අල්ලසින් මුළා නොවීමට ද ධන සම්පතින් නොරැවටෙන්නට ද වග බලාගන්න. ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත. ජාතීන්ගේ විනාශය පමුණුවන අඳුරු රැයට ආසා නොවන්න. අදමිටු මඟෙහි නොයාමට බලාගන්න; දුක් පීඩා පැමිණියේ, ඔබ ඒ මඟින් වළක්වන පිණිස ය. දෙවිඳුන්ගේ බල මහිමය කොතරම් විශාල ද? දෙවිඳුන් සම ගුරුවරයෙක් තවත් ඇද් ද? දෙවිඳුන් යා යුතු මඟ නියම කරන්නට සමතා කවරේ ද? ‘ඔබ වරද කර ඇතැ’යි එතුමාණන්ට කීමට කාට හැකි ද?

ජෝබ් 36:15-23 Sinhala New Revised Version 2018 (SNRV)