ජෝබ් 33:14-22
ජෝබ් 33:14-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මනුෂ්‍යයා තේරුම් ගන්නේ නැති වුව ද දෙවියන්වහන්සේ එක් විදියකින් හෝ තවත් විදියකින් හෝ කතා කරන සේක. ස්වප්නයකින්, රාත්‍රියේ දර්ශනයකින්, මිනිසුන් තම යහන් මත නිදා සිටියදී, බර නින්දට වැටුණු කල, උන්වහන්සේ ඔවුන්ගේ කනට ළං ව කතා කර, අනතුරු අඟවමින් ඔවුන් බය කරන්නේ, වැරදි කිරීමෙන් මිනිසා ඉවත හරවන පිණිස හා උඩඟුවීම ඔහු වෙතින් පහ කරන පිණිස ය. ඔහුගේ ජීවය නරාවළෙන් සුරකිනු පිණිස ය; ඔහුගේ ජීවිතය කඩුපතින් විනාශ නො කරන පිණිස ය. “නැතහොත්, ඔහුගේ ඇටකටුවල නිරන්තර පීඩාවක් සමඟ විඳවීමේ යහනක් පිට මිනිසා හික්මවනු ලබන්නේ ය. එවිට, ඔහුගේ ගත-සිත ආහාර අප්‍රිය කරයි; ඔහුගේ ජීවය රස බොජුන් පිළිකුල් කරයි. ඔහුගේ ගත-මාංසය දියවී, මුළුමනින් වැහැරී, කලින් නො දිස් වූ ඇටකටු පෑදී පෙනෙන්නට වෙයි. ඔහුගේ ජීවය නරාවළට ළං වෙයි; ඔහුගේ ජීවිතය මරණයේ පණිවුඩකරුවන්ට ළං වෙයි.
ජෝබ් 33:14-22 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරක්, එසේය, දෙවරක්, ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක. එකල මනුෂ්‍යයා ඔහුගේ අදහසින් හරවන පිණිසද, උඩඟුකම මනුෂ්‍යයාගෙන් පහකර, ඔහුගේ ප්‍රාණය මිනීවළෙනුත් ඔහුගේ ජීවිතය කඩුවේ විනාශයෙනුත් ආරක්ෂාකරන පිණිසද, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කන් අරවා, ඔවුන්ට දුන් දැනමුතුකම් මුද්‍රාකරනසේක. ඔහු තමාගේ යහනේදී වේදනාවෙන්ද තමාගේ ඇටවල නිරන්තර පොරයකින්ද දඬුවම් ලබන්නේය. ඔහුගේ ප්‍රාණය කෑමටද ඔහුගේ ආත්මය රස භෝජනයටද අප්‍රියකරන්නේය. නොපෙනෙන ලෙස ඔහුගේ මාංසය ක්ෂයවී, නොපෙනුණාවූ ඔහුගේ ඇට පෑදෙන්නේය. එසේය, ඔහුගේ ප්‍රාණය මිනීවළටත් ඔහුගේ ජීවිතය විනාශකාරයන්ටත් ළංවන්නේය.
ජෝබ් 33:14-22 Sinhala New Revised Version (NRSV)
දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක; එහෙත්, මිනිසා සලකන්නේ නැත. එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක. දෙවිඳාණෝ මිනිසුන්ගේ කනට කොඳුරා එතුමන්ගේ තර්ජනවලින් ඔවුන් බිය ගන්වන සේක. එකල මිනිසා ඔහුගේ පාපයෙන් වළක්වන පිණිස, ඔහුගේ උඩඟුකම පහකරන පිණිස, ඔහුගේ ජීවිතය මිනීවළෙන් ද ඔහුගේ පණ කෙන්ද කඩුපතින් ද රැක ගන්න පිණිස දෙවිඳාණෝ එසේ කරන සේක. දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක. එවිට රෝගියාට කෑම ප්‍රිය නැත; රස බොජුන් වුව ද, ඔහු අප්‍රිය කරයි. ඔහුගේ සිරුර ක්ෂය වී ගොස්, හමින් වැසුණු ඇටකටු පෑදී පෙනෙයි. ඔහුගේ ප්‍රාණය මිනීවළට ද ජීවිතය මළවුන්ගේ ලොවට ද ළං වේ ගෙන යයි.
ජෝබ් 33:14-22 Sinhala New Revised Version 2018 (SNRV)

ජෝබ් 33:14-22 New International Version (NIV)
For God does speak—now one way, now another— though no one perceives it. In a dream, in a vision of the night, when deep sleep falls on people as they slumber in their beds, he may speak in their ears and terrify them with warnings, to turn them from wrongdoing and keep them from pride, to preserve them from the pit, their lives from perishing by the sword. “Or someone may be chastened on a bed of pain with constant distress in their bones, so that their body finds food repulsive and their soul loathes the choicest meal. Their flesh wastes away to nothing, and their bones, once hidden, now stick out. They draw near to the pit, and their life to the messengers of death.