ජෝබ් 31:38-40
ජෝබ් 31:38-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ භූමිය මට එරෙහිව හඬා වැටේ නම්, එහි හීවිටි සියල්ල කඳුළින් තෙත් වේ නම්, ගෙවීමක් නො කර එහි පල මා භුක්ති වින්දා නම්, එහි බදුකරුවන්ගේ ජීවිත විනාශ කර දැම්මා නම්, තිරිඟු වෙනුවට එහි කටු පඳුරු වැවේවා! යව වෙනුවට ගඳ වල් පැළෑටි හට ගැනේවා!” යෝබ්ගේ වචන එතෙකින් නිමයි.
ජෝබ් 31:38-40 Sinhala Revised Old Version (SROV)
මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්, මම මිල නොදී ඒකේ අස්වැන්න කා, ඒකේ අයිතිකාරයන්ගේ ප්‍රාණ හානි කෙළෙම් නම්, තිරිඟු වෙනුවට කටුගස්ද යව වෙනුවට වල්ගස්ද වැවේවායි කීවේය. යෝබ්ගේ වචන නිමි.
ජෝබ් 31:38-40 Sinhala New Revised Version (NRSV)
මාගේ කෙත් වතු මට විරුද්ධ ව කෑගැසී නම්, ඒවායේ සියලු හීවිටි හඬා පැමිණිලි කෙළේ නම්, මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්, මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!” ජෝබ්ගේ කතාව නිමි.
ජෝබ් 31:38-40 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ කෙත් වතු මට විරුද්ධ ව කෑගැසී නම්, ඒවායේ සියලු හීවිටි හඬා පැමිණිලි කෙළේ නම්, මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්, මාගේ කෙත්වල තිරිඟු වෙනුවට කටු ගස් ද යව වෙනුවට වල්ගස් ද වැවේ වා!” ජෝබ්ගේ කතාව නිමි.
ජෝබ් 31:38-40 New International Version (NIV)
“if my land cries out against me and all its furrows are wet with tears, if I have devoured its yield without payment or broken the spirit of its tenants, then let briers come up instead of wheat and stinkweed instead of barley.” The words of Job are ended.