ජෝබ් 29:7-12
ජෝබ් 29:7-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මා පුර දොරටු ප්‍රජා පොළ වෙත ගොස්, ජන හමුවෙහි මට හිමි තැන අසුන් ගත් කල, තරුණයෝ මා දැක මුලු ගැසුණෝ ය; වැඩිමහල්ලෝ නැගිට සිටගත්තෝ ය. අධිපතීහු කතාව නවත්වා, තම අත්වලින් තම මුව වසාගත්තෝ ය. නායකයෝ නිහඬ වූවාහු, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩු තල්ලේ ඇලුණි. මා ගැන ඇසුවෝ මගේ ගුණ වැනූහ; මා දුටු ඇත්තෝ මා වර්ණනා කළෝ ය. මන්ද උපකාර ඉල්ලා හැඬූ දුප්පතා ද සරණයට කිසිවකුදු නො වූ පියා නැති අනාථයා ද මම මිදු වෙමි.
ජෝබ් 29:7-12 Sinhala Revised Old Version (SROV)
මා නුවර දොරටුව ළඟට නික්ම ගොස් එළිමහනෙහි මාගේ ආසනය තැබූ කල, තරුණයෝ මා දැන සැඟවුණෝය, මහල්ලෝද නැගිට සිටියෝය. අධිපතීහු කථාව නවත්වා සිටියෝය, අතින් තමුන්ගේ කට වසාගත්තෝය. උත්තමයින්ගේ හඬ නැවතී, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩුතල්ලේ ඇලුණේය. මක්නිසාද කන ඇසූ කල්හි මට ආශීර්වාදකෙළේය; ඇසද මා දුටු කල්හි මා ගැන වර්ණනා කෙළේය. මක්නිසාද හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද ගැළෙවුවෙමි.
ජෝබ් 29:7-12 Sinhala New Revised Version (NRSV)
නගරයේ වාසල් දොරටු ළඟ උතුමන් සමඟ මා අසුන් ගත් කල, තරුණයෝ මා දැක පසකට වූ හ; වයසක උදවිය සිය අසුන්වලින් නැඟී හරසර දැක්වූ හ. ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ. මැති ඇමතිවරු කට වසාගත් හ; සියල්ලෝ ම නිහඬ වූ හ. මා ගැන ඇසූ දුටු කවුරු කවුරුත් මාගේ ගුණ වර්ණනා කළහ. එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි; සරණක් නැති අනාථයන්ට මා ආධාර කළ බැවිනි.
ජෝබ් 29:7-12 Sinhala New Revised Version 2018 (SNRV)
නගරයේ වාසල් දොරටු ළඟ උතුමන් සමඟ මා අසුන් ගත් කල, තරුණයෝ මා දැක පසකට වූ හ; වයසක උදවිය සිය අසුන්වලින් නැඟී හරසර දැක්වූ හ. ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ. මැති ඇමතිවරු කට වසාගත් හ; සියල්ලෝ ම නිහඬ වූ හ. මා ගැන ඇසූ දුටු කවුරු කවුරුත් මාගේ ගුණ වර්ණනා කළහ. එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි; සරණක් නැති අනාථයන්ට මා ආධාර කළ බැවිනි.
ජෝබ් 29:7-12 New International Version (NIV)
“When I went to the gate of the city and took my seat in the public square, the young men saw me and stepped aside and the old men rose to their feet; the chief men refrained from speaking and covered their mouths with their hands; the voices of the nobles were hushed, and their tongues stuck to the roof of their mouths. Whoever heard me spoke well of me, and those who saw me commended me, because I rescued the poor who cried for help, and the fatherless who had none to assist them.