ශු. යොහන් 2:1-4
ශු. යොහන් 2:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තුන් වන දවසේ ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය. යේසුස්වහන්සේගේ මෑණියෝ ද එහි වූවා ය. යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් ද මංගල උත්සවයට ඇරියුම් ලැබ තිබුණි. තිබූ මිදි යුෂ ඉවර වූ කල, “ඔවුන්ට මිදි යුෂ ඉවර වෙලා” යි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවා ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මගෙන් ඔබට ඇති කාරිය කිම ද? මගේ පැය තවම පැමිණ නැතැ” යි කී සේක.
ශු. යොහන් 2:1-4 Sinhala Revised Old Version (SROV)
තුන්වෙනිදා ගලීලයේ කානාහි සරණ මංගල්‍යයක් විය; යේසුස්වහන්සේගේ මෑණියෝද එහි සිටියාය. යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය. මුද්‍රිකපානය ඉවරවූ කල: ඔවුන්ට මුද්‍රිකපානය නැතැයි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය. යේසුස්වහන්සේද: ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැතැයි ඈට කීසේක.
ශු. යොහන් 2:1-4 Sinhala New Revised Version (NRSV)
තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ. සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක. මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, “මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක.
ශු. යොහන් 2:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ. සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක. මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, “මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක.
ශු. යොහන් 2:1-4 New International Version (NIV)
On the third day a wedding took place at Cana in Galilee. Jesus’ mother was there, and Jesus and his disciples had also been invited to the wedding. When the wine was gone, Jesus’ mother said to him, “They have no more wine.” “Woman, why do you involve me?” Jesus replied. “My hour has not yet come.”