ශු. යොහන් 13:4-15 - Compare All Versions
ශු. යොහන් 13:4-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
භෝජනයෙන් නැගිට, උඩු කබාය ගලවා, තුවායක් ගෙන, එය තම ඉඟ දවටා, ඉන්පසු බඳුනකට ජලය වත්කර, තම ගෝලයින්ගේ පා සෝදමින්, ඉඟ බැඳි තුවායෙන් පිසදමන්නට වන් සේක. උන්වහන්සේ සීමොන් පේතෘස් වෙත ආ කල, “ස්වාමිනි, ඔබතුමා මගේත් පා සෝදනවා දැ?” යි ඔහු ඇසුවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන දේ ඔබට දැන් නො වැටහුණත්, පසුව ඔබ වටහා ගනු ඇතැ” යි කී සේක. එවිට පේතෘස්, “කවදාවත් ඔබ මගේ පාද සෝදන්නේ නෑ” යි උන්වහන්සේට කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නො සේදුවොත්, මා සමඟ පංගුකාරකමක් ඔබට නැතැ” යි කී සේක. “මගේ පා පමණක් නො වෙයි ස්වාමිනි, මගේ අත් හා හිසත් සෝදන්නැ” යි සීමොන් පේතෘස් කීවේ ය. යේසුස්වහන්සේ ඔහු අමතමින්, “නා ගත් කෙනකුට ඕනෑ කරන්නේ, පා සේදීම පමණයි; ඔහු මුළුමනින් පවිත්‍රයි; ඔබත් පවිත්‍රයි. එනමුත් ඔබ හැම කෙනෙක් ම නො වේ” යි කී සේක. මන්ද තමා පාවා දෙන්නා කවුරුදැයි උන්වහන්සේ දැන සිටි සේක. “ඔබ හැම කෙනෙක් ම පවිත්‍ර නැතැ” යි උන්වහන්සේ කීවේ එබැවිනි. ඔවුන්ගේ පා සේදූ පසු, උන්වහන්සේ තම කබාය යළි ඇඟ ලා, තම අසුනේ හිඳ, ඔවුන්ට මෙසේ පැවසූ සේක. “මා දැන් ඔබට කළ දේ කුමක් දැයි ඔබට වැටහෙනවා ද? ඔබ මා අමතන්නේ, ‘ගුරුතුමනි, ස්වාමිනි’ කියායි. එය නිවැරදියි; මන්ද මා එහෙමයි. ඔබේ ගුරුවරයාත්, ස්වාමියාත් වන මා ඔබේ පා සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පා සේදිය යුතුයි. මා කළේ, මා කළ ලෙස ඔබත් කළ යුතු බවට ආදර්ශයක් දීමයි.
ශු. යොහන් 13:4-15 SROV (Sinhala Revised Old Version)
රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක. ඉන්පසු උන්වහන්සේ භාජනයට වතුර වත්කොට ගෝලයන්ගේ පාද සෝදන්ටත් තමන් ඉඟටියේ බැඳගත් රෙදිකඩින් පිසදමන්ටත් පටන්ගත්සේක. උන්වහන්සේ සීමොන් පේතෘස් ළඟට ආසේක. ඔහු: ස්වාමීනි, ඔබ මාගේ පාද සෝදනසේක්දැයි කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම කුමක් කරම්දැයි දැන් නුඹ දන්නේ නැත; නුමුත් පසුව නුඹට තේරෙනවා ඇතැයි ඔහුට කීසේක. ඔබවහන්සේට කිසිකලක මාගේ පාද සෝදන්ට නොදෙමියි පේතෘස් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම නුඹ නොසේදුවොත් මා හා සමඟ පංගුකාරකමක් නුඹට නැතැයි ඔහුට කීසේක. සීමොන් පේතෘස්: ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත්ද හිසද (සේදුව මැනවයි) උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේද: නෑවාවු තැනැත්තේ මුළුමනින්ම පවිත්‍ර බැවින් ඔහුට ඕනෑකරන්නේ පාද සේදීම පමණක්ය. නුඹලා පවිත්‍රය, නුමුත් සියල්ලෝම නොවේයයි ඔහුට කීසේක. නුඹලා සියල්ලෝම පවිත්‍ර නැතැයි කීවේ උන්වහන්සේ තමන් පාවාදෙන්නා දැනගෙන සිටි හෙයිනි. මෙසේ උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදා තමන් ඇඳුම් ඇඳ නැවත හිඳගත්කල ඔවුන්ට කියනසේක්: මා නුඹලාට කළ දේ කිමෙක්දැයි නුඹලා දන්නහුද? ආචාරිනි, ස්වාමීනි කියා නුඹලා මට කියහුය. නුඹලා කියනවා හරිය; මක්නිසාද මම එසේ වෙමි. ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මක්නිසාද මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි.
ශු. යොහන් 13:4-15 NRSV (Sinhala New Revised Version)
රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක. උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, “ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක. එවිට පේදුරු, “මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක. එවිට සීමොන් පේදුරු, “ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය. ජේසුස් වහන්සේ ද, “ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. “හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි. මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: “මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද? ‘ගුරුදේවයෙනි’, ‘ස්වාමීනි’ කියා ඔබ මා අමතන්නහු ය. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි. ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය. මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි.
ශු. යොහන් 13:4-15 SNRV (Sinhala New Revised Version 2018)

ශු. යොහන් 13:4-15 NIV (New International Version)
so he got up from the meal, took off his outer clothing, and wrapped a towel around his waist. After that, he poured water into a basin and began to wash his disciples’ feet, drying them with the towel that was wrapped around him. He came to Simon Peter, who said to him, “Lord, are you going to wash my feet?” Jesus replied, “You do not realize now what I am doing, but later you will understand.” “No,” said Peter, “you shall never wash my feet.” Jesus answered, “Unless I wash you, you have no part with me.” “Then, Lord,” Simon Peter replied, “not just my feet but my hands and my head as well!” Jesus answered, “Those who have had a bath need only to wash their feet; their whole body is clean. And you are clean, though not every one of you.” For he knew who was going to betray him, and that was why he said not every one was clean. When he had finished washing their feet, he put on his clothes and returned to his place. “Do you understand what I have done for you?” he asked them. “You call me ‘Teacher’ and ‘Lord,’ and rightly so, for that is what I am. Now that I, your Lord and Teacher, have washed your feet, you also should wash one another’s feet. I have set you an example that you should do as I have done for you.