ජෙරෙමියා 39:11-14 - Compare All Versions
ජෙරෙමියා 39:11-14 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ අතර බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්, ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් මගින් යෙරමියා පිළිබඳව මෙසේ නියෝග කර තිබිණ: “ඔහු කැඳවා ගන්න, හොඳින් ඔහු බලා ගන්න. ඔහුට කිසි අවැඩක් නො කරන්න. ඔහු ඔබෙන් ඉල්ලා සිටින පරිද්දෙන් ඔහු හා කටයුතු කරන්න” යනුවෙනි. එබැවින් ආරක්ෂක සේනාධිපති නෙබුසරදාන් ද ප්‍රධාන නිලධාරියකු වූ නෙබුෂස්බාන් ද උසස් නිලධාරියා වූ නේර්ගල්-සරෙසෙර් ද බබිලෝනි රජුගේ සෙසු සියලු නිලධාරීහු ද ආරක්ෂක මළුවෙන් පිටතට යෙරමියා ගෙන්වා, ආපසු ඔහු ගෙදර ගෙන යන පිණිස, ෂාෆාන්ගේ පුත්, අහිකාම්ගේ පුත් ගෙදලියාට ඔහු බාර කළේ ය. මෙසේ ඔහු තම ජනතාව අතරේ වාසය කළේ ය.
ජෙරෙමියා 39:11-14 SROV (Sinhala Revised Old Version)
ඉක්බිති බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙරෙමියා ගැන රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ට අණකරමින්: නුඹ ඔහු රැගෙන, ඔහු හොඳට බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු නුඹට කියන හැටියටම ඔහුට කරන්නැයි කීවේය. මෙසේ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ද නෙබුෂශ්බාන්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහුද, යෙරෙමියා හිරගෙයි මළුවෙන් ගෙන්වාගෙන, ඔහු ගෙදරට ගෙනයන පිණිස ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට භාරකළෝය. ඔහු සෙනඟ අතරෙහි වාසයකෙළේය.
ජෙරෙමියා 39:11-14 NRSV (Sinhala New Revised Version)
ඉන්පසු බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ තෙමේ ජෙරමියා ගැන රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්ට අණ කරමින්, “ඔබ ඔහු රැගෙන, ඔහු හොඳට රැක බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු ඔබට කියන හැටියට ම ඔහුට කටයුතු කරන්නැ”යි කීවේ ය. මෙසේ රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ද නෙබුෂශ්බාන් ද රබ්-සාරිස් ද නේර්ගල්-ෂරෙශෙර් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු ද ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.
ජෙරෙමියා 39:11-14 SNRV (Sinhala New Revised Version 2018)
ඉන්පසු බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ තෙමේ ජෙරමියා ගැන රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්ට අණ කරමින්, “ඔබ ඔහු රැගෙන, ඔහු හොඳට රැක බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු ඔබට කියන හැටියට ම ඔහුට කටයුතු කරන්නැ”යි කීවේ ය. මෙසේ රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ද නෙබුෂශ්බාන් ද රබ්-සාරිස් ද නේර්ගල්-ෂරෙශෙර් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු ද ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.
ජෙරෙමියා 39:11-14 NIV (New International Version)
Now Nebuchadnezzar king of Babylon had given these orders about Jeremiah through Nebuzaradan commander of the imperial guard: “Take him and look after him; don’t harm him but do for him whatever he asks.” So Nebuzaradan the commander of the guard, Nebushazban a chief officer, Nergal-Sharezer a high official and all the other officers of the king of Babylon sent and had Jeremiah taken out of the courtyard of the guard. They turned him over to Gedaliah son of Ahikam, the son of Shaphan, to take him back to his home. So he remained among his own people.